Skip to main content

පරවශ්‍යතාවන්ගෙන් ඉඩම ආරක්ෂා කර ගැනීමට නඩු පැවරීම (Actio Negatoria)

 


පරවශ්‍යතාවන්ගෙන් ඉඩම ආරක්ෂා කර ගැනීමට නඩු පැවරීම (Actio Negatoria)

මෙම කෙටි ලිපිය තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ Actio Negatoria නඩුකරය සම්බන්ධයෙනි. මෙකී නඩුකරය යෙදෙන්නේ පරවශ්‍යතා සම්බන්ධයෙන් ය. ඉඩම් නීතියේ දී විවිධ පරවශ්‍යතා පිළිබඳව අපි හදාරන්නෙමු. සමහරක් අවස්ථාවලදී තමුන්ගේ ඉඩම මතින් තවත් පුද්ගලයකුට පරවශ්‍යතා අයිතියක් ලබා දීමට යම් පුද්ගලයන්ට සිදු වේ. විවිධාකාරයෙන් පරවශ්‍යතා අත් කර ගත හැක. නිදසුනකට නඩු තීන්දුවකින්, ඔප්පුවකින්, කාලාවරෝධයෙන් වැනි. මෙසේ අත්කරගන්නා පරවශ්‍යතා අයිතිය අන් අයගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පරවශ්‍යතා අයිතිය හිමි තැනැත්තාට පවතින නඩුකරයකි Actio Confessario නඩුකරය. අනෙක් අතට යම් පුද්ගයකුගෙන් තම දේපල මත පරවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කර ගැනීම සඳහා පවතින නඩුව වන්නේ Actio Negatoria ය. මෙයින් මෙම ලිපියේ දී සාකච්ඡා කරන්නේ මේ අවසානයේ කී නඩුකරය සම්බන්ධයෙනි පමණි.

පෙර දැක්වූ ආකාරයට තමුන්ගේ ඉඩම පරවශ්‍යතාවකින් තොර බවට වන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පුද්ගලයකුට අවශ්‍ය වූ විට ඔහුට ලබා ගත හැකි ප්‍රතිකර්මය වන්නේ Actio Negatoria ය. මෙකී නඩුකරය රැගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රධාන ම සාධකය වන්නේ පොළොවේ අයිතිය ඉල්ලුම්කරු සතු වීමයි. ඔහුගේ ඉල්ලීමේ විරුද්ධ පාර්ශ්වය වන්නේ ඔහුගේ බිමේ අයිතියට එරෙහිව පරවශ්‍යතා අයිතිය කියා සිටින තැනැත්තා ය. එවැනි අවස්ථාවක මේ නඩුව පැවරිය හැක. මෙය නිදසුනකින් පැහැදිලි කර ගනිමු.

A යනු පැමිණිලිකරු ය. ඔහුට ඇති ඉඩමක් මතින් B තමුන්ගේ ඉඩමට ගමන් කරයි. එක්තරා අවස්ථාවක දී B කියන්නේ තමුන්ට A ගේ ඉඩම මතින් තමුන්ගේ ඉඩමට ගමන් කිරීම සඳහා මාර්ග පරවශ්‍යතාවක් පවතින බව වේ. මෙහිදී A ගේ ස්ථාවරය වන්නේ තමුන්ගේ ඉඩම මතින් එවැනි පරවශ්‍යතාවක් නොපැවතුන බව ය. ඒ අනුව ඇති වන ආරවුලකදී A විසින් තමුන්ගේ ඉඩම පරවශ්‍ය ඉඩමක් නොවන බවට එනම් තමුන්ගේ ඉඩම මතින් B හට පරවශ්‍යතාවක් නොපවතින බව ප්‍රකාශ කර ගැනීමට නඩු නිමිත්තක් හට ගනී. එම නඩු නිමිත්ත මත පවරන නඩුකරය වන්නේ Actio Negatoria වේ.

මෙලෙසින් ම මේ සිදුවීමේ දී B කියන්නේ තමුන්ට A ගේ ඉඩම මතින් තමුන්ගේ ඉඩමට යාම සඳහා පරවශ්‍යතාවක් පවතින බවයි. කෙසේවෙතත් A විසින් විවිධාකාරයෙන් B ට එකී පවරශ්‍යතාවය භාවිතා කරන්නට ඉඩ නොහැකි වන ලෙසින් ක්‍රියා කරයි. එවැනි විටක පරවශ්‍යතාවය හිමිකරු ලෙසින් BA ට එරෙහිව, තමුන්ගේ පරවශ්‍ය අයිතිය නිරවුල්ව බුක්ති විඳීම සඳහා නඩු නිමිත්තක් හට ගනී. මෙකී නඩු නිමිත්ත මත පවරන නඩුව Actio Confessario වේ.

Actio Negatoria නඩුකරයන් පැවරූ විට විත්තිකරුට විත්තිවාචකයක් ලෙසින් තමුන්ට පැමිණිලිකරුට එරෙහිව පරවශ්‍ය අයිතියක් පැවතීම ඉදිරිපත් කළ හැක. නිදසුනකට මාර්ගයක් සම්බන්ධයෙන් Actio Negatoria නඩුවත් පවරනු ලැබ ඇති විටදී විත්තිකරුට අදාළ මාර්ග පරවශ්‍යතාවය සඳහා තමුන්ට කාලාවරෝධී අයිතිය ලැබී ඇති බව වලංගු විත්තිවාචකයකි. එය ඔහු විසින් ඔප්පු කළ යුතු වේ.

* Actio Negatoria නඩුකරය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති විනිශ්චිත නඩු තීන්දු ඇසුරෙනි.

විනිශ්චිත නඩු තීන්දු,

Saparamadu V. Melder – (2004) 3 Sri LR 148

Stella Gwendelline Hycinth Wijesinghe v. Lalith Wickramarathne – (SC/APPEAL/154/2017 decided on 21.11.2022)

Karunadasa V. Subasinghe – (2014) 1 Sri LR 271

Mohamed Hamza V. Road Development Authority And Others – (2017) 1 Sri LR 158

Fernando And Others V. Fonseka And Others – (2020) 1 Sri LR 25

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්‍රාථමික අධිකරණයට පවරනු ලැබ තිබේ. ඒ අනුව මූලික ලෙසින්ම මේ සම්බන්ධයෙන්

සුළු හිමිකම් අධිකරණය

  මේ වන විට ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ සුළු හිමිකම් අධිකරණය ක්‍රියාත්මක වේ. සාමාන්‍ය දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පවරා කටයුතු කිරීමට වඩා වෙනස් ස්වභාවයක් සුළු හිමිකම් අධිකරණ භාවිතාවේ දී දක්නට ලැබෙන නිසා මෙම ලිපිය ඒ පිළිබඳව කෙටි විමසුමක් කිරීමට සම්පාදනය කළෙමි. සුළු හිමිකම් අධිකරණය 2022 අංක 34 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනතෙන් සුළු හිමිකම් අධිකරණය හඳුන්වා දෙයි. මෙහි ඇසෙන නඩු සිවිල් නඩු වේ. පනතේ 29අ වගන්තියට අනුව අධිකරණ සංවිධාන පනතේ 7 වන උපලේඛනයේ දැක්වෙන නඩු අසා තීන්දුවක් ලබා දීමේ මුල් අවස්ථා අධිකරණ බලය ඇත්තේ සුළු හිමිකම් අධිකරණය වෙත ය. එහි කාර්ය පටිපාටිය, 2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනත මඟින් විධිමත් කර තිබේ. 2022.12.15 දිනැති අංක 2310/40 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව 2023.01.01 දින සිට සුළු හිමිකම් අධිකරණය ක්‍රියාත්මක වේ. මෙකී නඩු, නඩු කටයුත්ත ඇරඹී මාස 18 ක් තුළ අවසන් කිරීමට සෑම උත්සාහයක්ම සුළු හිමිකම් අධිකරණය විසින් දැරිය යුතු ය. සුළු හිමිකම් අධිකරණයේ පැවරෙන නඩු පෙර කී ලෙස අධිකරණ සංවිධාන පනතේ 7 වන උපලේඛනයේ දැක්වෙන කාරණා සඳහා නඩු පැවරීම සිදු කළ යුතු වන්නේ

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                                                                                                                                                                 Before                         :          WLR Silva J                                                 Sisira de Abrew J                                                 K. T. Chitrasiri J Counsel                      :          Romesh de Silva PC with G. Gunawardene for the                                                appellant                                                Nih