Skip to main content

Posts

Showing posts from May, 2024

මහේස්ත්‍රත් අධිකරණයේ දී alibi - කෙටි විමසුමක්

  මහේස්ත්‍රත් අධිකරණයේ දී alibi - කෙටි විමසුමක් සාක්ෂි ආඥාපනතේ 11 වන වගන්තිය අනුව නොතැනියාවේ ( alibi ) විත්තිවාචකය තීන්දුවේ දී සලකා බැලීමට අධිකරණයට අවස්ථාව ලබා දෙයි. කෙසේවෙතත් නොතැනියාව යන්න භාවිතාවේ දී විත්තිවාචකයක් ලෙසින් සලකුව ද දණ්ඩ නීති සංග්‍රහයේ හෝ වෙනත් ව්‍යවස්ථාපිත නීතියකදී විත්තිවාචකවක් ලෙස දක්වා නොමැති හෙයින් හෙයින් සාක්ෂි ආඥාපනතේ 105 වන වගන්තිය අදාළ වන්නේ නැත (අපරාධ නඩු විධාන සංග්‍රහයේ 126අ වගන්තියේ දී නොතැනියාව විත්තිවාචකයක් ලෙසින් හඳුන්වා දී තිබේ). මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බොහෝ නඩුවලදී නොතැනියාව චූදිත විසින් භාවිතා කරයි. 2005 අංක 14 සංශෝධන පනතෙන් හඳුන්වා දුන් 126අ වගන්තිය අනුව මේ වන විට අපරාධ නඩු විධාන සංග්‍රහය කියන්නේ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා මත නඩු විභාගයක් පවත්වන අතරතුරදී නොතැනියාව පිළිබඳ විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමට චූදිත බලාපොරොත්තු වන්නේ නම් කොන්දේසි කීපයක් අදාළ වන බවයි. ඊට ව්‍යතිරේකී අවස්ථාවන්ද එහිදී ම හඳුන්වා දී තිබේ. මෙම වගන්තිය පැහැදිලිව මහාධිකරණයේ අධිචෝදනා මත විභාග වන නඩුවක් පිළිබඳව කියා ඇති නිසා මෙකී කොන්දේසි මහේස්ත්‍රාත් අධිකරණයට අදාළ නොවේ. එය එ