මුදල් ණයට දීමේ ආඥාපනතේ 8 වන වගන්තිය පිළිබඳව කෙටි හැඳින්වීමක්. ලංකාවේ මුදල් ණයට දීම ප්‍රධාන වශයෙන් ම ආකාර දෙකකට සිදු කරයි. ඒ ව්‍යාපාරයක් ලෙසින් මුදල් ණයට දෙන්නන් විසින් මුදල් ණයට දීම සහ ණයට දීමේ ව්‍යාපාරයේ නොයෙදෙන තැනැත්තන් විසින් මුදල් ණයට දීම ලෙසිනි. ලංකාවේ මුදල් ණයට දීම ව්‍යාපාරයක් ලෙසින් කරන්නන් (සාමාන්‍ය ව්‍යවහාරයේ දී පොලී මුදලාලි ලෙසින් හැඳින්වෙන) විසින් එය සිදු කළ යුතු වන්නේ මුදල් ණයට දීමේ ආඥාපනතේ විධාන ප්‍රකාරව ය. එම නීතිය එකී කාර්යය සම්බන්ධයෙන් පවතිනා නීතිය සංගෘහිත ව්‍යවස්ථාව වේ. අනෙක් ක්‍රමයේ ණයට දීමක් සිදු වූ අවස්ථාවකදී පොදු නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව පවතින්නේ ය. කෙසේවෙතත් සංශෝධිත 1990 අංක 4 දරන ණය ආපසු අයකර ගැනීමේ ( විශේෂ විධිවිධාන) පනත යෙදෙන ආයතන සම්බන්ධයෙන් මුදල් ණයට දීමේ ආඥාපනතේ විධාන අදාළ වන්නේ නැත . මෙම ලිපිය තුළදී මා අවධානය යොමු කරන්නේ ව්‍යාපාරයක් ලෙසින් මුදල් ණයට දෙන්නන් සම්බන්ධයෙන් සහ එහි දී අදාළ වන නීති තත්ත්වය සම්බන්ධයෙන් පමණි. මුදල් ණයට දීමේ ව්‍යාපාරය කරන්නන් ද කොටස් දෙකකි. ඒ ස්වභාවික පුද්ගලයන් හා නෛතික පුද්ගලයන් ලෙසින් ය. මේ දෙකොටස සඳහා ම සංශෝධිත 19
For Sri Lankan legal practitioners.