ලිපියක් සාක්ෂි ලෙසින් ඉදිරිපත් කිරීමේ දී වැදගත් විය හැකි කරුණු කිහිපයක් වර්තමානයේ එතරම් ප්‍රසිද්ධ නැතත් දැනට අවුරුදු විසි තිස් ගණනකට පෙර තැපෑල මගින් යවන ලිපි සඳහා සමාජයේ පුළුල් පිළිගැනීමක් තිබිණි. අද වන විට ඉලෙක්ට්‍රොනික යුගයේ දී ඒ පිළිගැනීම තැපෑලට නැති බව පෙනේ. කෙසේවෙතත් තවමත් එන්තරවාසි ඇතුළු නීතිමය කරුණු වලදී වැදගත්වන ලිපි හුවමාරු වන්නේ තැපෑලෙනි. එනිසා නඩු කටයුතු වලදී මෙකී ලිපි සාක්ෂි ලෙසින් ඉදිරිපත් කිරීමට පාර්ශ්වයන් කටයුතු කරයි. එසේ සාක්ෂි ලෙසින් තැපෑලෙන් යවනු ලැබූ ලිපියක් ඉදිරිපත් කිරීමේ දී වැදගත් විය හැකියැයි සැලකෙන කරුණු කිහිපයක් මෙම ලිපියේ දී සාකච්ඡා කිරීමට මා සිතුවෙමි. සමහරක් විට මේවා ඔබටත් වැදගත් විය හැක. මෙවැනි සටහන් තබනු ලබන්නේ නීති වෘත්තිකයන්ට එයින් යම් කිසි ප්‍රයෝජනයක් ලැබෙනු ඇතැයි යන හැඟීමෙනි. යම් අඩු ලුහුඩුකම් පවතීනම් ඔබගේ අදහස් දැක්වීමට පහතින් ඉඩ ඇත. දැන් අපි ලිපියට යොමු වෙමු. තැපෑලට භාර දෙන ලිපි ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. ඒ ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ ලිපි ලෙසිනි. ලියාපදිංචි කළ ලිපියකදී ලිපිය තැපැල් කන්තෝරුවට බාර දෙන්නා හට අදාළ ලිපිය තැපැල් කන්තෝරුව විස
For Sri Lankan legal practitioners.