Skip to main content

Posts

Showing posts from November, 2024

‘එය ෆොටෝ කොපියක් ස්වාමිනී. ඒ නිසා මා එම ලේඛනය ඉදිරිපත් කිරීමට විරුද්ධ වෙනවා.‘

  ‘එය ෆොටෝ කොපියක් ස්වාමිනී. නීතියේ දී ෆොටෝ කොපියක් සාක්ෂි විදියට ඉදිරිපත් කරන්න අවස්ථාවක් දීලා නැහැ. ඒ නිසා මා එම ලේඛනය ඉදිරිපත් කිරීමට විරුද්ධ වෙනවා.‘ අධිකරණයේ නඩු කටයුතුවලදී මෙකී විරෝධතාවය ඔබ දැනටමත් අසා ඇතුවාට සැක නැත. සමහරක්විට ඔබ විසින් ද මෙවැනි විරෝධතාවයක් ගෙන තියෙන්නට ද ඇත. සමහරක් කරුණු සම්බන්ධයෙන් ලිඛිතව ඔප්පු කිරීමේ දී ෆොටෝ කොපි ඉදිරිපත් කරන ආකාරය දක්නට ලැබෙන අතර එවැනි අවස්ථාවලදී මේ විරෝධතාවය නීතීඥවරුන් විසින් ගනු ලබයි. සත්‍යලෙසම නීතියේ දී ෆොටෝ කොපියක් නැත්නම් ඡායාපිටපතක් සාක්ෂියක් ලෙසින් ඉදිරිපත් කළ නොහැකි ද? මේ පිළිබඳව මදක් සලකා බලමු. සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුව ලිඛිත හා ලියවිල්ල යන්නෙන් පිළිවෙලින් මුද්‍රිත හා මුද්‍රණය ද ශිලා මුද්‍රිත හා ශිලා මුද්‍රණය ද ඇතුළත් වේ. මීට අමතරව ලේඛනය යන්නෙන් ඉලෙක්ට්‍රොනික ලේඛනයක් අදහස් වේ. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට අනුව ලියවිල්ල සහ ලිඛිත යන්නට, මුද්‍රණය, ලිතෝ මුද්‍රණය, ඡායා රූප ශිල්පය, තහඩු කෙටීම සහ වචන හෝ ඉලක්කම් කඩදාසියෙහි හෝ වෙනත් යම් දෙයක ප්‍රකාශ කොට දැක්විය හැකි සෙසු සෑම ක්‍රමයක් ද ඇතුළත් වේ. සාක්ෂි ආඥාපනතට අනුව ලේඛනය යනුව...