Posts

Reaffirming the Foundations of Rei Vindicatio and Prescription: A Critical Analysis of Nawalage Manel Mahendra Dias & Another v. Premalatha & Others

Image
  The Supreme Court’s judgment in SC Appeal No. 77/2019 , delivered on 5 December 2025, stands out as a meticulously reasoned reaffirmation of several foundational principles of property law—particularly rei vindicatio , prescriptive title , and the nature of permissive possession . The Court, comprising Samayawardhena J., Abayakoon J., and presided by Wijeratne J., set aside the High Court’s decision and reinstated, with modification, the District Court’s judgment in favour of the Plaintiffs. This case is a textbook illustration of how Sri Lankan courts approach disputes where parties seek to defeat paper title through claims of prescription—especially when the alleged possession originates from a defeasible or permissive character. 1. Background: From Partition to Litigation The land in dispute—originally part of “Kathreege Kanaththa”—had been the subject of an earlier partition action. The 1st Plaintiff obtained Lot 4 in that partition, subsequently subdividing it into Lot...

දවස් 14 කට හිරේ යවනවා, අතාරින්නේ නැහැ.

Image
  දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව වන කථාව අප සමාජයේ සාමාන්‍ය භාවිතාවකි. සැමියා බිරිඳ අතර ඇති වන පවුල් ආරවුල් වලදී පවා එක් කලත්‍රයකු විසින් අනෙක් කලත්‍රයාට තර්ජනය කරන්නේ මේ දින 14 කථාව කියමිනි. මේ පිළිබඳව කෙටි විමසුමක් කිරීම සුදුසු යැයි සිතුනේ මෑත දිනයක දී ද එවැනි කථාවක් ඇසුනු නිසාවෙනි. අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ (ඉදිරියට අනස ලෙසින් ද හැඳින්වෙන) 109 වන වගන්තියේ දී පොලීසියට ලැබෙන පැමිණිල්ලක් වාර්තා කිරීම සහ ඒ වාර්තාව විභාග කිරීම ඇරඹීම පිළිබඳව විධාන දක්වා තිබේ. 110 වගන්තියේ දී පැමිණිල්ලක් අනුව විභාග කිරීම පිළිබඳව සඳහන් ව ඇත. කෙසේවෙතත් විමර්ශනයක් ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් හේතු නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙනී ගියහොත් ඒ කාරණය ගැන විමර්ශනය කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා බැඳී නොසිටී. යම් හෙයකින් විමර්ශනයක් කරන්නේ නම් ඒ විමර්ශනය පැය 24 ක් තුළ අවසන් කිරීමට නොහැකි වන්නේ නම් සහ වැඩිදුරටත් විමර්ශනය කිරීම අවශ්‍ය බවට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විශ්වාස කරන අවස්ථාවකදී සැකකරු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ යුතු ය. ඒ නිකන් ම නොවේ. සැකකරු ඉදිරිපත් කළ යුතු වන්නේ විමර්ශන...

විනිමය පත්‍ර සංශෝධන පනත යටතේ අගරු චෙක්පත් සම්බන්ධ වරද - කෙටි සාකච්ඡාවක්.

Image
  විනිමය පත්‍ර ආඥාපනත 2025 අංක 13 දරන සංශෝධන පනතෙන් මෑතදී සංශෝධනය කිරීමත් සමග චෙක්පත්වලට අදාළ අපරාධ වගකීම සම්බන්ධයෙන් වන නීති තත්ත්වයේ දැනෙන වෙනසක් සිදුව තිබේ. ඒ පිළිබඳව කෙටි සාකච්ඡාවක් මේ ලිපියේ දී සිදු කිරීමට මා අපේක්ෂා කරමි. වරද 2025 අංක 13 දරන විනිමය පත්‍ර සංශෝධන පනත අනුව ගනුදෙනුකරුවකු විසින් තමා විසින් බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමකින්, යම් ණයක් හෝ වෙනත් බැඳීමක් සම්පූර්ණයෙන් ම හෝ ඉන් කොටසක් නිදහස් කිරීම සඳහා වෙනත් තැනැත්තකුට ඒ ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා අණ කරන ලද යම් චෙක්පතක්, (අ)        ගරුත්වය සඳහා චෙක්පතට ගෙවීම් කිරීමට එම ගිණුමේ බැරට පවතින මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම, (ආ)       චෙක්පතේ මුදල, බැංකුව සමග ඇතිකර ගෙන ඇති ගිවිසුමක් අනුව එම ගිණුමෙන් ගෙවීම සඳහා සැලසුම් කරන ලද මුදල් ප්‍රමාණය ඉක්මවා තිබීම, (ඇ)       අණකරු විසින් වසා දැමූ ගිණුමකින් චෙක්පතක් නිකුත් කර තිබීම හෝ (ඈ)       (3) වන උපවගන්තිය ප්‍රකාරව යම් නීත්‍යනුකූල හේතුවක් නොමැතිව අණකර...