නීතීඥ ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා විසින් මෑතකදී නොතාරිස් ආඥාපනතේ සිංහල පරිවර්තනයක් සංග්‍රහ කරන්නට යෙදුනි. ඒ කෘතිය කියවා ගෙන යද්දී දක්නට ලැබුන කරුණක් අරඹයා මේ කෙටි ලිපිය සැකසුවෙමි. නොතාරිස් ආඥාපනතේ 31 වන වගන්තිය තුළ ඔප්පු ලිවීමේ දී නොතාරිස්වරු පිළිපැදිය යුතු රීතීන් දක්වා ඇත. ඒ අනුව එහි 6 වන රීතියේ දී කියන්නේ නියමිත මුද්දර ගාස්තු ලබා දී ඇති බවට සහතික වශයෙන් දන්නේ නම් මිස, ඔහු විසින් යම් සාධන පත්‍රයක් සත්‍යාපනය කිරීම හෝ සහතික කිරීම නොකළ යුතු බවයි. මේ රීතිය කඩ කරන, පැහැර හරින, නොසලකා හරින නොතාරිස්වරයකු අපරාධ වරදක් කරන අතර ආඥාපනතේ 34 (1)(ආ) වගන්තිය අනුව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩුව දී වරදකරු වුවහොත් රු.20,000/- ක් නොඉක්මවන දඩයකට යටත් විය යුතු ය. නියමිත මුද්දර ගාස්තුව සම්බන්ධයෙන් වන විට ඔප්පුවේ ප්‍රතිෂ්ඨාව දැන ගැනීම ද වැදගත් කරුණකි. ඒ අනුව නොතාරිස් ආඥාපනතේ 38 වගන්තියේ දී දැක්වෙන්නේ යම් ඔප්පුවක් ලියවා අත්සන් කිරීම සඳහා වූ නියම සහ සම්පූර්ණ ප්‍රතිෂ්ඨාව නිශ්චය වශයෙන් දැන ගැනීමට උත්සාහ කිරීම ද ඒ ඔප්පුවේ එය ඇතුළත් කර දැක්වීම ද සෑම නොතාරිස්වරයකුගේ ම යුතුකම වන බවයි. දැන...
Comments
Post a Comment