1899 අංක 17 දරණ සූදු ආඥාපනත
"1899 අංක 17 දරණ සූදු ආඥාපනත ද මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලය ලබා දෙන පනතකි. එහි 2 වගන්තිය අනුව නීතිවිරෝධී ලෙස සූදු ක්‍රීඩා කරන කවරකුට වුවද රු.100/- ට වැඩිනොවන දඩයකට හෝ මාස 6 ක් දක්වා දීර්ඝ නොවිය හැකි කාලයක් දක්වා බරපතල බන්ධනාගාරගත කිරීමෙන් හෝ මේ දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතු වේ.
මෙහි නීතිවිරෝධී සූදුව යන්නෙන් (1) ඔට්ටුවක් සඳහා හෝ නො එසේව හා ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධ ලෙස වුවද පවත්වනු ලබන කුකුළන් කෙටවීම; (2) (අ) අයිතියක් ඇතිව හෝ නැතිව වුවද මහජනයාට පැමිණිය හැකි යම් පාරක, වීථායක, මාර්ගයක හෝ ස්ථානයක හෝ (ආ) අරක්කු "රම්", රා හෝ මත්ද්‍රව්‍යක් පෙරීමට, නිපදවීමට, විකිණීමට හෝ ස්වාමීත්වයේ තබා ගැනීමට බලපත්‍රයක් යම් ස්ථානයක් සම්බන්ධයෙන් බලපත්‍රයක් නිකුත් කර තිබේ නම් එම ස්ථානයෙහි හෝ (ඇ) පොදු සූදු පොළකදී සිදු කරනු ලබන ඔට්ටු ඇල්ලීම හෝ ඔට්ටුවක් සඳහා සූදු ක්‍රීඩාවක යෙදීම අදහස් කෙරේ (ආඥාපනතේ 22 වගන්තිය).
පනතේ 3 වගන්තිය අනුව යම් ස්ථානයක අයිතිකරුවකු ව හෝ පදිංචිකරුව හෝ එය තාවකාලික වශයෙන් හෝ අන් ලෙසකින් පාවිච්චි කරන අතර, එය පොදු සූදු පොළක් වශයෙන් පවත්වන හෝ පාවිච්චි කරන (3. අ) හෝ, එවැනි ස්ථානයක් පොදු සූදු පොලක් වශයෙන් අන් තැනැත්තකු විසින් පවත්වනු ලැබීමට හෝ පාවිච්චි කිරීමට අවසර දෙන්නකු (3. ආ) හෝ, පොදු සූදු පොලක් වශයෙන් පවත්වනු ලබන ස්ථානයක් රැකබලා ගන්නා හෝ පාලනය කරන, නැත්නම් ඊට අන් ලෙසකින් සහාය වන (3. ඇ) ඕනෑම තැනැත්තකු, රු.500/- නොවැඩි දඩයකට හෝ අවුරුදු 1 ක් දක්වා දීර්ඝ විය හැකි කාලයක බරපතල වැඩ සහිත බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකටම යටත් කළ යුතු ය.
* පනතේ 7 වන වගන්තිය අනුව පොදු සූදු පොළකට ඇතුලු වන අවස්ථාවෙහි එහි දක්නට ලැබෙන හෝ ඉන් පලා යනු දක්නට ලැබෙන හෝ ආඥාපනතේ 4, 5 වගන්ති යටතේ සෝදිසි කරනු ලබන අවස්ථාවලදී සූදුව සඳහා වූ යම් උපකරණයක් හෝ ද්‍රව්‍යයක් ලඟ තබාගෙන සිටිනු දක්නට ලැබෙන තැනැත්තකු, ඊට විරුද්ධ තත්ත්වයක් ඔප්පු කරන තෙක් නීතිවිරෝධී සූදුවට වැරදිකරුවකු ලෙස පූර්ව නිගමනය කළ යුතු ය.
* නීතිවිරෝධී සූදුව සම්බන්ධයෙන් චෝදනා නගන විට එය ආඥාපනතේ (ආ) ආකෘතිය අනුව විය යුතු ය.
* ආඥාපනතේ 22 (2) (ආ) උපවගන්තියේ සඳහන් යම්කිසි බලයලත් ස්ථානයකදී වරද සිදු කරන ලදැයි නීතිවිරෝධී සූදුව සඳහා වූ වරද පිළිබඳ යම් නඩුපැවරීමකදී කියනු ලැබෙ නම් හා එය සත්‍ය බවට මහේස්ත්‍රාත්වරයා විශ්වාස කරන්නේනම්, එම තැනැත්තා සම චූදිතයකු කළ යුතුය. එසේම ඊට වරදකරු වූ විට (වරද එහිදී සිදු කළ බවත්, බලයලත් තැනැත්තා ඊට ඕනෑකමින් ඉඩ දුන් බව පෙනී යන්නේනම්) රු.100/- කට නොවැඩි දඩයකට හෝ මාස 6 ක් නොඉක්මවන බරපතල වැඩ සහිත බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඬුවම් දෙකටම යටත් කල යුතු ය (12 වගන්තිය).
* ඉහත ලෙස බලයලත් ස්ථානයකදී පොදු සූදු පොලක් පැවැත්වීම පිළිබඳව නඩු පැවරීමේදී ඒ බලපත්‍ර ලාභියාද හවුල් විත්තිකරුවකු විය යුතුය. 13 වගන්තිය මේ සම්බන්ධයෙන් විධාන දක්වයි. වගන්තිය යටතේ වැරදිකරුවකු වූ විට, ඔහු රු.500/- කට නොවැඩි දඩයකින් හෝ මාස 12කට නොවැඩි බරපතල වැඩ සහිත බන්ධනාගාරගත ගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකටම යටත් විය යුතු ය. එසේම බලපත්‍රයද රාජසන්තක කළ යුතුය.
* වරදකරුවන් විමසීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට ඇති බලය සහ ඔවුන්ට ඇති සහතිකයත් එම සහතිකයේ නෛතික බලයත් පිළිබඳව 14 වගන්තිය බලන්න."
අපරාධ නීති, e අත්පොත.

Thank u sir
ReplyDelete