2019 අංක 2 දරන යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කර ගැනීමේ පනත
-----------------------
-----------------------
"Lex Acquilia permits the grant of patrimonial damage. If loss of care and companionship as such should attract compensation it is for the legislature to make necessary provision, particularly in view of the 1799 proclamation which permitted the administration of justice according to Roman Dutch Law subject to deviations and alterations to be made by certain authorities. That proclamation did not authorize deviations and alterations to be made by the Courts of Law." (Prof Priyani Soyza v. Rienzie Arsecularatne - (2001) 2 Sri LR 293)
ඉහත කී තීන්දුවේ හරය අනුව ඇක්විලියානු නඩුකරයකදී මානසික පාඩුව සඳහා වරදකරුවකුගෙන් වන්දි අය කර ගැනීමේ හැකියාවක් පාර්ශ්වයකට නැත. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ ව්‍යවස්ථාදායකය විසින් මැදිහත්වීමක් කිරීම යහපත් බවය. මෙම තත්ත්වය වන්දි පිළිබඳ නීතියේදී අඩුපාඩුවක් ලෙසින් බොහෝ විද්වතුන් හඳුනා ගන්නා ලදි. තීන්දුවෙන් වසර 15 ක් පමණ ගතවීමෙන් පසුව ව්‍යවස්ථාදායකය මැදිහත්වීම එම තත්ත්වයට පිළියමකි. ව්‍යවස්ථාදායකය විසින් 2019 අංක 2 දරන යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කර ගැනීමේ පනත මීට පිළියමක් ලෙසින් හඳුන්වා දී තිබේ.
පනතේ නාමය සහ පූර්විකාව අනුව ම මෙම පනත තුළට අන්තර්ගත වන්නේ මරණයට පත්වූවෙකි. එනිසා ඇක්විලියානු නඩුකරය නීතියෙන් ඉවත් වන්නේ නැත. උදාහරණයකට අත පය බිඳී යාම නිසා හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමක් නිසා වන්දි ඉල්ලුම්කරන නඩුවකදී මෙම පනත අදාළ නොවේ. යමකුගේ අයුතු ක්‍රියාවක්, නොකර හැරීමක්, අතපසු කිරීමක් හෝ පැහැර හැරීමක් නිසා මරණයට පත් වූවකු වෙනුවෙන් පමණක් මෙම පනත අදාළ වේ.
මෙම පනත යටතේ නඩුවක් පවරා පවත්වාගෙන යා හැකි තැනැත්තන් කීපදෙනෙකි. ඒ මරණකරුගේ
(1) කලත්‍රයා,
(2) දෙමව්පියන් හෝ දෙමව්පියන්ගෙන් අයකු,
(3) ළමයකු හෝ ළමයින්ට,
(4) සහෝදරයකුට හෝ සහෝදරයින්ට,
(5) සීයා හෝ ආච්චී හෝ දෙදෙනාටම,
(6) භාරකරුට ය. (බලන්න පනතේ 2 වගන්තිය.)
(2) දෙමව්පියන් හෝ දෙමව්පියන්ගෙන් අයකු,
(3) ළමයකු හෝ ළමයින්ට,
(4) සහෝදරයකුට හෝ සහෝදරයින්ට,
(5) සීයා හෝ ආච්චී හෝ දෙදෙනාටම,
(6) භාරකරුට ය. (බලන්න පනතේ 2 වගන්තිය.)
මේ සමඟ ඔබ විසින් යැපෙන්නන්ගේ නඩුකර පිළිබඳ පොදු නීති මූලධර්ම සලකා බලන්න. කෙසේවෙතත් මරණකරුව අතහැර දමා ඇත්තකුට මෙම නඩුව පැවරීමේ හැකියාවක් නොමැති බව සිහි තබා ගත යුතු වේ (බලන්න පනතේ 6 වගන්තිය).
පනත මඟින් දක්වන්නේ ඉහත තැනැත්තන්ට මරණකරුවකුගේ මරණය නිසා හටගන්නා වූ අලාභ පිළිබඳ නඩුවකදී,
(අ) එම තැනැත්තාගේ ආදරය සහ කරුණාව මෙන්ම රැකවරණය සහ සහසම්බන්ධතාවය අහිමිවීම සම්බන්ධයෙන් මෙන්ම(ආ) මානසික වේදනාව සහ පීඩාව සම්බන්ධයෙන් ද අලාභ ලබා ගත හැකි බවයි (පනතේ 3 වගන්තිය).
මේ තුල පනත යටතේ පවරන නඩුවකදී Union Government (Minister of Railways and Harbours) v. Warneke - (1911) SALR 657 නඩුවේ අදාළත්වය මෙන්ම Prof Priyani Soyza v. Rienzie Arsecularatne නඩුවේ අදාළත්වය බැහැර වන බව මගේ අදහසයි. එය ඉතා යහපත් තත්ත්වයකි. පනතින් සිදු කර ඇති ප්‍රබලම වෙනස මෙයයි.
පනත යටතේ තවත් වෙනස්කමක් සිදු කර තිබේ. ඒ අනුව (අ) පනත යටතේ හිමිකම් පෑමක් කිරීමට පෙරාතුව හෝ (ආ) හිමිකම්පෑමක් කර නමුත් නඩු තීන්දුව ලැබීමට පෙර, ඉල්ලුම්කරු මිය ගියහොත් ඉල්ලුම්කරුගේ උරුමකරුවන්ට, පොල්මක්කරුවන්ට, අද්මිනිස්ත්‍රාසිකරුවන්ට එම හිමිකම් පෑම පවත්වාගෙන යා නොහැක. මෙය ඔබ විමසිය යුත්තේ litis contestatio මූලධර්මය සමඟය. එසේම සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නඩුවක් පැවරීමේදී ගොනු කල යතු නඩුව පවත්වාගෙන යන්නන්ගේ ලේඛනය පිළිබඳව ද සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව සිවිල් නඩුවක් පැවරීමේදී පැමිණිලිකරු මියගියහොත් ඉන් ඉදිරියට නඩුව පවත්වාගෙන යාමට නාමයෝජනා කර තිබිය යුතු වේ (ව්‍යතිරේකයට යටත්ව). නමුත් මේ පනත යටතේ වන විට ඉල්ලුම්කරු මිය ගිය විට නඩු පැවරීමේ සහ පවත්වාගෙන යාමේ අයිතියද අවසන් වේ.
පනතින් විධාන සලස්වා ඇති තවත් වැදගත් කරුණක් වන්නේ මෙම පනතේ විධිවිධාන, ලිඛිත හෝ අලිඛිත නීති මඟින් විධාන සලස්වා ඇති වෙනත් අයිතියකට හෝ ප්‍රතිකර්මයකට අතිරේකව විය යුතු මෙන්ම එම අයිතිය හෝ ප්‍රතිකර්මයේ බලපෑම අඩු කරනු නොලැබිය යුතු වීමයි. මෙමගින් රෝම ලන්දේසි නීති මූලධර්ම තවදුරටත් පවත්වාගෙන යයි (පෙර කී වෙනස්කමට යටත්ව). එසේම ඔබ විසින් res judicata මූලධර්මය ද මෙහිදී සැලකිල්ලට ගත යුතු වේ. මන්ද මෙය අතිරේක සහනයක් නිසා තවත් නඩුකරයක් ද එකම කරුණ සම්බන්ධයෙන් අවශ්‍යනම් පවත්වාගෙන යා හැකි නිසාවෙනි.
සමස්ථයක් ලෙස ගත්විට මෙම පනත ලංකාවේ සිවිල් නීතිය නව මාවතකට ගෙන යන අතර නඩු කියන්නන්ගේ සිත් තුළට සැහැල්ලුවක්ද ගෙන එනු ඇත.
වැදගත් විය හැකි කරුණු
මෙම නඩුකරය වන්දි නඩුකරයක් නිසා නඩු නිමිත්ත සම්බන්ධයෙන් කාලාවරෝධී ආඥාපනතේ 9 වගන්තිය අදාළ වේ. ඒ අනුව නඩු නිමිත්ත හට ගනු ලබන්නේ විත්තිකරුගේ අයුතු ක්‍රියාව, නොකර හැරීම, පැහැර හැරීම හෝ අතපසු කිරීම නිසා මරණකරු මිය ගිය දින පටන් ය.
නඩුව පැවරිය යුතු වන්නේ දිසා අධිකරණයේ වේ.
අධිකරණ බලය සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 9 වගන්තිය අදාළ වේ.
අලාභයේ සීමාවක් නැත. එසේම පනත යටතේ අලාභ ඉල්ලා සිටියා කියා වෙනත් අලාභ ලබා ගැනීමට ඇති හැකියාව ඉවත් වන්නේ ද නැත.
2019 අංක 2 දරන යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කර ගැනීමේ පනත
2019 අංක 2 දරන යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කර ගැනීමේ පනත
Comments
Post a Comment