ආහාර පනත යටතේ වන විත්ති වාචක ශ්‍රී ලංකා නීතිය තුල ඇති කුඩා නමුත් විශේෂ නීතියක් ලෙස ආහාර පනත සැලකිය හැක. ආහාර පනත යටතේ යම් යම් අවස්ථා වලදී චූදිතයකුට ලබා ගත හැකි විත්ති වාචක දක්වා තිබේ. ඒ සඳහා 22 වගන්තිය සැලකිය යුතුය. ඒ අනුව 22 (1)(අ) වගන්තිය මගින් විත්ති වාචක 3 ක් හඳුන්වා දෙයි. 1 - චූදිත විසින් පනතේ 6 වගන්තියේ දැක්වෙන ආකාරයට ආහාරය සම්බන්ධව ලිඛිත ප්‍රතිඥාභාරයක් ලබාදුන් අයකුගෙන් මිලට ගත් බව හා මිලට ගත් අවස්ථාවේ පැවති තත්ත්වයේම ආහාරය විකුණූ බව. මෙම විත්ති වාචකය ඔප්පු කිරීමේ භාරය ඇත්තේ විත්තිකරුටය. කරුණු 2 ක් ඔප්පු කිරීම ප්‍රමාණවත් වේ. එසේ ආහාර ලබා ගත් අවස්ථාවේදී පනතේ 6 වගන්තිය ප්‍රකාරව ප්‍රතිඥා භාරයක් ලබා ගත් බව හා අදාළ ආහාරය ලබා ගත් ලෙසටම විකුණූ බව වේ. ප්‍රායෝගිකව වෙළඳුන් මෙවැනි ප්‍රතිඥාභාර ලබා ගැනීමක් තියා ප්‍රතිඥාභාරයක් කියන්නේ කුමක් ද කියාවත් දන්නේ නැත. එවැනි විටක මේ විත්තිවාචකය යොදා ගැනීම යෙදෙන්නේ අල්ප වශයෙනි. නමුත් ආහාරය ගුණාත්මකව පාරිභෝගිකයාට ලබා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර ලැබීමට ඇති හැකියාව අනිවාර්ය ය. 2 - ආහාරය විකිණීම, පනතේ ඒ යටතේ ස...
For Sri Lankan legal practitioners.