ආහාර පනත යටතේ වන විත්ති වාචක
ශ්‍රී ලංකා නීතිය තුල ඇති කුඩා නමුත් විශේෂ නීතියක් ලෙස ආහාර පනත සැලකිය හැක. ආහාර පනත යටතේ යම් යම් අවස්ථා වලදී චූදිතයකුට ලබා ගත හැකි විත්ති වාචක දක්වා තිබේ. ඒ සඳහා 22 වගන්තිය සැලකිය යුතුය. ඒ අනුව 22 (1)(අ) වගන්තිය මගින් විත්ති වාචක 3 ක් හඳුන්වා දෙයි.
1 - චූදිත විසින් පනතේ 6 වගන්තියේ දැක්වෙන ආකාරයට ආහාරය සම්බන්ධව ලිඛිත ප්‍රතිඥාභාරයක් ලබාදුන් අයකුගෙන් මිලට ගත් බව හා මිලට ගත් අවස්ථාවේ පැවති තත්ත්වයේම ආහාරය විකුණූ බව.
මෙම විත්ති වාචකය ඔප්පු කිරීමේ භාරය ඇත්තේ විත්තිකරුටය. කරුණු 2 ක් ඔප්පු කිරීම ප්‍රමාණවත් වේ. එසේ ආහාර ලබා ගත් අවස්ථාවේදී පනතේ 6 වගන්තිය ප්‍රකාරව ප්‍රතිඥා භාරයක් ලබා ගත් බව හා අදාළ ආහාරය ලබා ගත් ලෙසටම විකුණූ බව වේ. ප්‍රායෝගිකව වෙළඳුන් මෙවැනි ප්‍රතිඥාභාර ලබා ගැනීමක් තියා ප්‍රතිඥාභාරයක් කියන්නේ කුමක් ද කියාවත් දන්නේ නැත. එවැනි විටක මේ විත්තිවාචකය යොදා ගැනීම යෙදෙන්නේ අල්ප වශයෙනි. නමුත් ආහාරය ගුණාත්මකව පාරිභෝගිකයාට ලබා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර ලැබීමට ඇති හැකියාව අනිවාර්ය ය.
2 - ආහාරය විකිණීම, පනතේ ඒ යටතේ සාදන ලද යම් නියෝග කඩ කිරීමක් වන බව සාධාරණ උද්යෝගයකින් කටයුතු කලත් සමහර අවස්ථා වලදී ආහාර පාලක විසින් යම් නිගමන කර ඒ අනුව නඩු පැවරීමට බලයලත් නිලධාරීන්ට උපදෙස් දෙයි. මේ නියෝග බොහෝ විට වෙළඳුන්ට දැන ගැනීමට නොහැකි වේ. වරද ඇත්තේ ගැසට් නිවේදනයේ වුවත්, නිගමනය ඇත්තේ ආයතන මට්ටමේය. එවැනි අවස්ථා මේ සඳහා ගොනු කල හැක. එසේම ගැසට් නිවේදනය වුවත් වරද සිදු කල අවස්ථාවේදි සොයා ගත නොහැකි නම් එයද මෙහිදී භාවිතා කල හැක. මෙය අවස්ථානුකූලව සැලකිය යුතු කරුණකි. කෙසේවෙතත් ඔප්පු කල යුත්තේ චූදිත විසිනි.
3 - වෙළඳ දැන්වීමක් පල කිරීම සඳහා වූ වරදක් සම්බන්ධව වන විට අදාල දැන්වීම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී ලැබෙන දැන්වීමක් වශයෙන් ලැබුණු බව හා තමා වරදක් සිදු කරන්නේ යැයි විශ්වාස කිරීමට හේතුවක් නොතිබූ බව.
මේ විත්තිවාචක තුනම විත්තිකරු විසින් ඔප්පු කල යුතු වේ. එම ඔප්පු කිරීම සිවිල් නඩුවකදී කරුණක් ඔප්පු කරන ආකාරයට ඔප්පු කිරීම ප්‍රමාණවත්ය.
22 (1) වගන්තියේ ඇති විත්ති වාචක සැලකිල්ලට ගැනීමේදී පනතේ 26 වගන්තියේද වැදගත් වේ. එහිදී පූර්ව නිගමන කීපයක් දක්වා තිබේ. ඒ අනුව 26 (1) (අ) පූර්ව නිගමනය 22(1) (අ) (ආ) වගන්ති වලට අදාල වේ. 22 (2) වගන්තියට 26(2) වගන්තිය අදාල වේ.
මීට අමතරව තවත් විත්ති වාචකයක් පනතේ 21 වගන්තියේ ඇත. නමුත් එය විත්ති වාචකයක් ලෙසටම ක්‍රියාත්මක නොවේ. පනතේ 20 වගන්තියද විත්තිවාචක ලෙස යොදා ගත හැකි අවස්ථා උදා වේ. නමුත් පෙර කී 22 වගන්තිය ආකාරයෙන් එම අවස්ථා ක්‍රියාත්මක වන්නේ නැත.
Thanks sir
ReplyDelete