Skip to main content

ආහාර පනත යටතේ වරදකරුවකුගේ බලපත්‍ර අවලංගු කිරීම

ආහාර පනත යටතේ වරදකරුවකුගේ බලපත්‍ර අවලංගු කිරීම

කුඩා පනතක් වුවත් ආහාර පනත අපරාධ නීතිය තුළදී බරපතල ප්‍රතිවිපාක වරද කරන්නාට රැගෙන එන්නා වූ පනතකි. නිදසුනකට ආහාර පනත යටතේ වන වැරදිවලට වැරදිකරු බව ඔප්පු වුවහොත් අනිවාර්ය සිරදඬුවම් ලැබීමට සිදු වේ. එවැනි තවත් ප්‍රතිපාදනයක් වන්නේ බලපත්‍ර අවලංගු කිරීමට ලක්වීමයි. මේ පිළිබඳව මෙම කුඩා ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ.

සංශෝධිත ආහාර පනතේ 18(2) වගන්තිය වරදකරු කරන තැනැත්තාට ආහාර නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ගබඩා කිරීම, විකිණීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් ආහාර පනත යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ නිකුත් කරන ලද යම් බලපත්‍රයක් වේ නම් එය අවලංගු කර අදාළ බලපත්‍ර නිකුත් කරන බලධරයාට ඒ බව දැනුම් දීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලබා දේ. නමුත් මෙය අනිවාර්ය නොවේ.

කෙසේවෙතත් මේ ආකාරයට බලපත්‍ර අවලංගු කිරීම සඳහා සම්පූර්ණ විය යුතු කොන්දේසියක් වේ. එනම් පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝග යටතේ වූ වරදක් හෝ සමාන වරදක් සම්බන්ධයෙන් දෙවරක් හෝ ඊට පසුව ද වරදකරු වීමයි. 

ඒ අනුව බලපත්‍රය අවලංගු කරනු ලබන්නේ දෙවන වර හෝ ඊට පසු අවස්ථාවේ වරදකරු ලබන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි. එහිදී අදාළ තැනැත්තා පෙර දී එම අධිකරණයෙන් ම වරදකරු කර තිබීම අවශ්‍ය නොවේ.

යම් අවස්ථාවලදී මුල් අවස්ථාවේ ම ආහාර පනත යටතේ වරදකට වැරදිකරු වන තැනැත්තන්ගේ බලපත්‍ර අවලංගු කරනු ලැබෙන්නේ යැයි සමහරුන් ප්‍රකාශ කළ ද එසේ විය නොහැක. මන්දයත්, එවැනි නියෝගයක් සිදු කරනු ලබන්නේ නම් එය ආහාර පනතේ 18(2)  වගන්තියට පටහැනි වීම නිසාවෙනි. මෙනිසා මහේස්ත්‍රාත්වරයාගෙන් එවැනි ඉල්ලීම් මුල් අවස්ථාවේදී සිදු නොකිරීමට නඩු පවරන නිලධාරීන් ද වග බලා ගත යුතු ය.

එසේම බලපත්‍ර අවලංගු කිරීමේ දී අදාළ බලපත්‍රය ආහාර පනත යටතේ නිකුත් කරනු ලැබූවක් ද නැත්නම් වෙනත් නීතියක් යටතේ නිකුත් කරනු ලැබූවක් ද යන්න අදාළ කරුණක් නොවේ.

‍‍මේ සම්බන්ධයෙන් 2017.05.02 දින තීරණය වූ අභියාචනාධිකරණ නඩු අංක CA (PHC) 56/2010 දරණ නඩු තීන්දුව වැදගත් වේ.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

ඉඩම් නඩු පිළිබඳ කෙටි හැඳින්වීමක්

  ඉඩම් නඩු පිළිබඳ කෙටි හැඳින්වීමක් . ශ්‍රී ලංකාවේ දිසා අධිකරණවල ගොනු කෙරෙන නඩු වලින් සැලකිය යුතු කොටසක් ගොනු වන්නේ ඉඩම් නඩු ලෙසිනි. බෙදුම් නඩුත් ඉඩම් හා සම්බන්ධ නඩු වුවත් එය ‘ඉඩම්‘ නඩු යන වර්ගීකරණය යටතේ ගොනු වන්නේ නැත. එය ‘පී‘ කාණ්ඩය යටතේ ගොනු වෙයි. ත්‍යාග ඔප්පු අවලංගු කිරීමේ නඩුත් සමහර අවස්ථාවලදී ‘එල්‘ කාණ්ඩය යටතේ ගොනු කර ඇති අවස්ථා වෙයි. නමුත් එය ඉඩමක් හා බැඳුනක් නොවේ. ඉඩම් නඩු අතර ප්‍රධාන වශයෙන් ම හමු වන්නේ රේ වින්ඩිකාෂියෝ නඩු, අයිතිය තහවුරු කර ගැනීමේ නඩු, මායිම් නිරාකරණය කර ගැනීමේ නඩු සහ බුක්තික නඩුකර ය. මේ නඩුකර ගැන නීතීඥවරුන්ට පුළුල් අවබෝධයක් පවතී. කෙසේවෙතත් මේ කෙටි ලිපියේ දී මෙකී නඩුකර වර්ග ගැන කෙටි හැඳින්වීමක් කිරීමට මා අදහස් කළෙමි. රේ වින්ඩිකාෂියෝ නඩුකර රේ වින්ඩිකාෂියෝ නඩුකර රෝම ලන්දේසි නීතියෙන් අපට ලැබී ඇති දායාදයකි. මෙම නඩුව පවරනු ලැබෙන්නේ කෙනකුට අයිති ඉඩමක කොටසක් හෝ ඉඩම වෙනත් පුද්ගලයකු විසින් අල්ලා ගෙන, එම කොටස හෝ ඉඩම සඳහා එම පුද්ගලයා විසින් අයිතිවාසිකම් කියනා විටදී ය. මෙවන් නඩුවක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ඒ 1.    ...