ආහාර පනත යටතේ වරදකරුවකුගේ බලපත්‍ර අවලංගු කිරීම

ආහාර පනත යටතේ වරදකරුවකුගේ බලපත්‍ර අවලංගු කිරීම

කුඩා පනතක් වුවත් ආහාර පනත අපරාධ නීතිය තුළදී බරපතල ප්‍රතිවිපාක වරද කරන්නාට රැගෙන එන්නා වූ පනතකි. නිදසුනකට ආහාර පනත යටතේ වන වැරදිවලට වැරදිකරු බව ඔප්පු වුවහොත් අනිවාර්ය සිරදඬුවම් ලැබීමට සිදු වේ. එවැනි තවත් ප්‍රතිපාදනයක් වන්නේ බලපත්‍ර අවලංගු කිරීමට ලක්වීමයි. මේ පිළිබඳව මෙම කුඩා ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ.

සංශෝධිත ආහාර පනතේ 18(2) වගන්තිය වරදකරු කරන තැනැත්තාට ආහාර නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ගබඩා කිරීම, විකිණීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් ආහාර පනත යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ නිකුත් කරන ලද යම් බලපත්‍රයක් වේ නම් එය අවලංගු කර අදාළ බලපත්‍ර නිකුත් කරන බලධරයාට ඒ බව දැනුම් දීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලබා දේ. නමුත් මෙය අනිවාර්ය නොවේ.

කෙසේවෙතත් මේ ආකාරයට බලපත්‍ර අවලංගු කිරීම සඳහා සම්පූර්ණ විය යුතු කොන්දේසියක් වේ. එනම් පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝග යටතේ වූ වරදක් හෝ සමාන වරදක් සම්බන්ධයෙන් දෙවරක් හෝ ඊට පසුව ද වරදකරු වීමයි. 

ඒ අනුව බලපත්‍රය අවලංගු කරනු ලබන්නේ දෙවන වර හෝ ඊට පසු අවස්ථාවේ වරදකරු ලබන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි. එහිදී අදාළ තැනැත්තා පෙර දී එම අධිකරණයෙන් ම වරදකරු කර තිබීම අවශ්‍ය නොවේ.

යම් අවස්ථාවලදී මුල් අවස්ථාවේ ම ආහාර පනත යටතේ වරදකට වැරදිකරු වන තැනැත්තන්ගේ බලපත්‍ර අවලංගු කරනු ලැබෙන්නේ යැයි සමහරුන් ප්‍රකාශ කළ ද එසේ විය නොහැක. මන්දයත්, එවැනි නියෝගයක් සිදු කරනු ලබන්නේ නම් එය ආහාර පනතේ 18(2)  වගන්තියට පටහැනි වීම නිසාවෙනි. මෙනිසා මහේස්ත්‍රාත්වරයාගෙන් එවැනි ඉල්ලීම් මුල් අවස්ථාවේදී සිදු නොකිරීමට නඩු පවරන නිලධාරීන් ද වග බලා ගත යුතු ය.

එසේම බලපත්‍ර අවලංගු කිරීමේ දී අදාළ බලපත්‍රය ආහාර පනත යටතේ නිකුත් කරනු ලැබූවක් ද නැත්නම් වෙනත් නීතියක් යටතේ නිකුත් කරනු ලැබූවක් ද යන්න අදාළ කරුණක් නොවේ.

‍‍මේ සම්බන්ධයෙන් 2017.05.02 දින තීරණය වූ අභියාචනාධිකරණ නඩු අංක CA (PHC) 56/2010 දරණ නඩු තීන්දුව වැදගත් වේ.

Comments

Popular posts from this blog

Sec. 86 (2) & 88 of the Civil Procedure - leave to appeal or final appeal - correct application is by way of final appeal

1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත - විභාග දිනය - අපරාධ නඩු

“66 නඩුකර”