Skip to main content

සුළු හිමිකම් අධිකරණය - ප්‍රශ්න සහ පිළිතුරු

 සුළු හිමිකම් අධිකරණය - ප්‍රශ්න සහ පිළිතුරු

1.      සුළු හිමිකම් අධිකරණයේ ගොනු කරන පැමිණිල්ලට මුල් ලේඛන ඇමිණිය යුතු ද?

2022 අංක 33 දරන පනතේ 8 වගන්තියට අනුව පැමිණිල්ල සමඟ මුල් ලේඛන ගොනු කිරීමේ අවශ්‍යතාවක් නැත. එසේම පනතේ 12 වගන්තිය අනුව උත්තරය සමඟ ද මුල් ලේඛන ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නැත.

2.      පැමිණිල්ල හා උත්තරය සමඟ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්යය ද?

ඔව්. පනතේ 8 හා 12 වගන්ති අනුව පැමිණිල්ල සමඟ මෙන්ම උත්තරය සමඟ එහි දැක්වෙන කරුණු සනාථ කරන දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කල යුතු වේ.

3.      උත්තරය ගොනු කිරීම සඳහා අවස්ථා කීයක් පමණ ලබා ගත හැකි ද?

මේ සම්බන්ධයෙන් වැදගත් වන්නේ පනතේ 10, 11 වගන්ති වේ. ඒ අනුව විත්තිකරු පෙනී සිටීමට නියමිත මුල් දිනයේ උත්තරය ඉදිරිපත් කළ හැකි අතර අවශ්‍ය නම් එදින උත්තරය ඉදිරිපත් නොකිරීමට ද පුළුවන. 11 වගන්තියට අනුව පැමිණිල්ලේ කරුණු විත්තිකරු පිළිනොගනී නම්, ඒ පළමු පෙනී සිටින දින සිට මසක් ඇතුළත උත්තරය ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. මීට අමතර කාලය ලබා ගැනීම සම්බන්ධයෙන් පනතේ 11(3) වගන්තිය බලන්න.

4.      උත්තරවාද සංශෝධනයට ඉඩ ලැබෙන්නේ කුමන ආකාරයට ද?

පනතේ 16 වගන්තිය මේ සම්බන්ධයෙන් අදාළ වේ. ඒ අනුව සංශෝධන ඉල්ලීමක දී සලකා බලන ප්‍රධාන කරුණු 2 කි. ඒ,

(අ)       ඉල්ලීමට අවසර ලබා නොදුනහොත් බරපතල සහ පිළියම් යෙදිය නොහැකි අසාධාරණයක් ඉල්ලීම සිදු කරන පාර්ශ්වයට සිදු වීම,

(ආ)      අදාළ පාර්ශ්වය විසින් ප්‍රමාද වී කරනු ලබන ඉල්ලීමක් නොවීම යන කරුණු වේ.

මේ කරුණු පෙන්වා දුනහොත් ඒ බව වාර්තා කර උත්තරවාද සංශෝධනයට අවසර ලබා ගත හැකි වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයේ දී මෙන් නඩු විභාගයට පෙර සහ නඩු තීන්දුවට පෙර ලෙසින් උත්තරවාද සංශෝධනය වෙන් කර දැක්වීමක් සුළු හිමිකම් අධිකරණ පනතේ සිදු කර නැත. කෙසේවෙතත් ඉහත කරුණු නොපෙන්වා, ඕනෑම අවස්ථාවක ලිපිකරු හෝ අංකමය දෝෂ නිවැරදි කළ හැකි ය.

5.      සුළු හිමිකම් අධිකරණයකදී සමථ කිරීමේ කාර්යය සිදු කරන්නේ කවුරුන් විසින් ද?

පනතේ 21 වගන්තිය අනුව සමථ කිරීම සිදු කරනු ලබන්නේ සුළු හිමිකම් අධිකරණය විසිනි. එනම් විනිසුරුවරයා විසිනි. එය වෙනත් නිලධාරියකුට (රෙජිස්ට්‍රාර් වැනි) අභිනියෝජනය කිරීමට අවස්ථාවක් පනතින් සලසා නැත.

6.      සමථයක් ඇති නොවුනහොත් ඉදිරි පියවර කුමක් ද?

සමථ අවස්ථාවේදී සමථයක් ඇති නොවුනහොත් නඩුව විභාගයට නියම කෙරෙනු ඇත. කෙසේවෙතත් සමථ අවස්ථාව වන විට දෙපාර්ශ්වයම නඩුවට පැමිණිල්ල සහ උත්තරය අනුව දිව්රුම් ප්‍රකාශ ද ඉදිරිපත් කර අවසන් ය. මෙනිසා සමථයක් ඇති නොවන්නේ නම්, එකී ගොනු කර ඇති දිව්රුම් ප්‍රකාශ අනුව තීන්දුව ලබා දෙන ලෙසින් ඉල්ලීමක් කිරීමට පාර්ශ්වකරුවන්ට පනතේ 21(2) වගන්තිය අනුව හැකියාව ඇත. පාර්ශ්වයන්ගේ එකඟතාවය අනුව එවැනි ඉල්ලීමක් කරනු ලැබුවහොත් සුළු හිමිකම් අධිකරණයේ තීන්දුව ප්‍රකාශ වන්නේ වාචික සාක්ෂි කැඳවීමකින් තොරව, ගොනු කර ඇති ලේඛන අනුව වේ. එසේ එකඟතාවයක් නොමැති අවස්ථාවලදී පෙර කී ලෙස නඩුව විභාගයට තබනු ලැබේ.

කෙසේවෙතත් පනතේ 22(2) වගන්තිය අනුව පූර්ව නඩු විභාගයක් සුළු හිමිකම් අධිකරණයේ නො පැවැත් වේ.

7.      කොමිෂමක් ලබා ගැනීමට බලාපොරොත්තු වනවා නම් ඒ සඳහා පාර්ශ්වයක් කටයුතු කළ යුත්තේ කුමන අවස්ථාවේදී ද?

පනතේ 17 වගන්තිය මේ පිළිබඳව සාකච්ඡා කර ඇති වගන්තියයි. යම් පාර්ශ්වයකට අධිකාර නිකුත් කිරීම, කරුණු පිළිබඳ විශේෂ සහ ස්වාධීන දැනීමක් ඇති තැනැත්තන්ගෙන් වාර්තා කැඳවීම ආදී 17(1) වගන්තියේ විස්තර කර ඇති කරුණක් සඳහා අවශ්‍ය වන්නේ නම්, නඩුවේ සියළු පාර්ශ්වයන්ට දැනුම් දීම් කර, සමථයට පත්වීම සඳහා නියම කළ දිනයේ දී හෝ ඊට පෙර ඉල්ලීම සිදු කළ යුතු වේ.

එවැනි ඉල්ලීමක් සඳහා ආඥාවක් ලබා ගත් විට ආඥාව ලබා ගත් දින සිට සති 2 ක් තුළ පියවර ගත යුතු ව ඇත.

8.      නඩු විභාගයේ දී පිළිගැනීම්, විසඳනා වාර්තා කිරීම අනිවාර්ය ද?

මේ පිළිබඳව පනතේ 23 වගන්තිය වැදගත් වේ. ඒ අනුව පිළිගැනීම් වාර්තා කිරීම අනිවාර්ය ය. නමුත් විසඳනා වාර්තා කරන්නේ අධිකරණයට අවශ්‍ය නම් පමණි.

9.      සුළු හිමිකම් අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන්නේ කුමනාකාරයෙන් ද?

සුළු හිමිකම් අධිකරණ පනතේ 4 වන කොටස නඩු විභාගය සම්බන්ධයෙන් වැදගත් වේ. මේ නඩු විභාගයේ දී සාක්ෂි ලැයිස්තු නැත. නමුත් සාක්ෂි ආඥාපනත අදාළ වන හෙයින් ලේඛන සම්බන්ධයෙන් ද්විතීයික සාක්ෂි මෙහෙයවන්නේ නම් සාක්ෂි ආඥාපනතේ 66 වගන්තිය යටතේ කටයුතු කළ යුතු ව ඇත. පාර්ශ්වයකගේ සාක්ෂිය සාක්ෂි ආඥාපනතේ විධාන ප්‍රකාරව මූලික සාක්ෂිය, හරස් ප්‍රශ්න සහ නැවත ප්‍රශ්න යන අංග තුනෙන් යුතු ව සිදු කරනු ලැබේ. කෙසේවෙතත් පනතේ 23(2) වගන්තිය අනුව මූලික සාක්ෂිය ලෙසින් සැලකෙන්නේ පාර්ශ්වයක් විසින් උත්තරවාද සමඟ ගොනු කරනු ලැබූ දිව්රුම් ප්‍රකාශය ම ය. මෙකී මූලික සාක්ෂි දිව්රුම් ප්‍රකාශ සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 151අ (1), (2), (3) සහ (4) වගන්ති අදාළ වේ.

හරස් ප්‍රශ්න ඇසීමේ දී සුළු හිමිකම් අධිකරණය කියා ඕනෑ ඕනෑ ප්‍රශ්න ඇසීමේ හැකියාව නැත. සාක්ෂි ආඥාපනතෙන් හරස් ප්‍රශ්න සඳහා ඇති සීමා අනුව කටයුතු කිරීමට නීතීඥවරයා සිහි තබා ගත යුතු ය.

තවද, තීන්දුව සැකසීම සඳහා 23(2) වගන්තියේ (අ) සිට (ඈ) දක්වා ප්‍රතිපාදනයන්ගෙන් දැක්වෙන අවස්ථා අනුව වාචික හෝ අතිරේක සාක්ෂි මෙහෙයවීමට පාර්ශ්වයන්ට අවසර ලබා දීමට අවශ්‍යයැයි සලකන්නේ නම් අධිකරණයට පුළුවන.

10.  ලේඛන ඔප්පු කිරීම සම්බන්ධයෙන් සුළු හිමිකම් අධිකරණයේ පවතින තත්ත්වය කෙසේ ද?

මේ සම්බන්ධයෙන් සුළු හිමිකම් අධිකරණ පනතේ 27 වගන්තිය වැදගත් වේ. එම වගන්තිය අනුව, යම් ලේඛනයක නිර්ව්‍යාජත්වය නීතියට අනුව යම් පාර්ශ්වයක් විසින් හබ කරන්නේ නම් මිස සුළු හිමිකම් අධිකරණය වෙත භාර දී ඇති හෝ පනතේ විධිවිධාන යටතේ අනාවරණය කර ගනු ලබන ලේඛනයක් ඔප්පු කිරීම අවශ්‍ය නැත. ඊට ද නීත්‍යනුකූල හේතු ඉදිරිපත් කළ යුතු ය. එය සිදු කළ යුතු වන්නේ උත්තරවාද තුලිනි.

මෙසේ හබ කරනු ලබන ලේඛනය සාක්ෂි මෙහෙයවීමෙන් පසුව සුළු හිමිකම් අධිකරණය විසින් පිළිගනු ලැබුවහොත් හබ කළ පාර්ශ්වය විසින් බදු ගාස්තුවලට අමතරව එම ලේඛනය ඔප්පු කිරීමට දරණ ලද පිරිවැය ද දැරිය යුතු ය.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්‍රාථමික අධිකරණයට පවරනු ලැබ තිබේ. ඒ අනුව මූලික ලෙසින්ම මේ සම්බන්ධයෙන්

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                                                                                                                                                                 Before                         :          WLR Silva J                                                 Sisira de Abrew J                                                 K. T. Chitrasiri J Counsel                      :          Romesh de Silva PC with G. Gunawardene for the                                                appellant                                                Nih

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුව සාක්