Skip to main content

මහේස්ත්‍රාත්වරයාට කරන ප්‍රකාශ - කෙටි සටහන්.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වගන්තිය අනුව ඕනෑම විමසීමක් හෝ නඩු විභාගයක් ඇරඹීමට පෙර තමුන් වෙත කරන ඕනෑම ප්‍රකාශයක් වාර්තා කිරීමට ඕනෑම මහේස්ත්‍රාත්වරයකුට බලය ඇත. නමුත් 127(1) වගන්තිය අනුව මෙය විධානාත්මක නොවේ. කෙසේවෙතත් මේ ආකාරයට ප්‍රකාශයක් වාර්තා කරන්නේ නම් මහේස්ත්‍රාත්වරයා විසින් එකී ප්‍රකාශය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 227 වගන්තිය ප්‍රකාරව සිදු කළ යුතු වේ.

127(2) වගන්තිය අනුව යම් විමසීමක් සිදු කරන හෝ විභාගය සිදු කරන මහේස්ත්‍රාත් අධිකරණයේ නොවන වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත වාර්තා කළ ප්‍රකාශයක් නම් එය අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට යැවීමට ප්‍රකාශය වාර්තා කළ මහේස්ත්‍රාත්වරයා විසින් කටයුතු කළ යුතු ය.

127(1) වගන්තිය අනුව මහේස්ත්‍රාත්වරයාට වාර්තා කිරීමට බලය ලැබෙන ප්‍රකාශය පාපොච්ඡාරණයක් ම නොවේ. නමුත් 127(3) වගන්තිය අනුව පාපොච්ඡාරණයක් වුවත් වාර්තා කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත.

යම් හෙයකින් මහේස්ත්‍රාත්වරයා වාර්තා කරන්නේ පාපොච්ඡාරණයක් නම් එහිදී අදාළ ප්‍රකාශය කරන තැනැත්තා එය සිදු කරන්නේ ස්වේච්ඡාවෙන් බවට තහවුරු කර ගෙන මිස එය වාර්තා නොකළ යුතු ය. එසේම එකී ප්‍රකාශය අවසානයේ 127(3) වගන්තියේ දැක්වෙන සටහන යොදා අත්සන් කළ යුතු ය.

මේ ආකාරයට පාපොච්ඡාරණයක් කියා වාර්තා කරනු ලබන ප්‍රකාශයක් සමහර විට සාක්ෂි ආඥාපනතේ 17(2) වගන්තියේ දැක්වෙන ආකාරයේ පාපොච්ඡාරණයක් විය නොහැකි අවස්ථා ද වේ*.

එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකා ජනරජය එදිරිව දොන් ජයවර්ධන සහ තවත් අයෙක්** නඩුවේ දී සාකච්ඡා වී තිබේ. එම නඩු තීන්දුවට අනුව යම් ප්‍රකාශයක්, පාපොච්ඡාරණයක් ද යන්න හඳුනා ගැනීම සඳහා සැලකිල්ලට ගත හැකි පරීක්ෂණ කීපයක් ම වේ. ඒවා නඩු තීන්දුවේ දී පහත ලෙසින් දක්වා ඇත.

(a) admit in terms the offence or at any rate substantially all the facts which constitute the offence (Narayana Swami's case), or

(b) contain any direct acknowledgment of guilt on the part of the accused (Wigmore), or

(c) contain an admission of a fact or a bundle of facts from which guilt is directly deducible or which within and of themselves import guilt (Wigmore), or

(d) to the mind of a reasonable person reading the statement at the time and in the circumstances in which it was made it could be said to amount to a statement that the accused committed the offence considered in its own terms without reference to extrinsic facts (Anandagoda's case), or

(e) suggest the inference and not any inference that the accused committed the offence (King v. Cooray), or

(f) by reference to its own intrinsic terms is a confession (Seyadu v. Queen), or

(g) by itself sufficient to authorise a conviction (Wigmore), or

(h) dissociated from other evidence in the case whether it amounts to an admission of guilt or an admission substantially of all the facts which constitute the offence (Monir) ?

මෙකී පරීක්ෂණ යොදා ගනිමින් 127 වගන්තිය යටතේ වාර්තා කළ ප්‍රකාශය පාපොච්ඡාරණයක් ද යන්න හඳුනා ගත හැක.

මෙවැනි පාපොච්ඡාරණ ස්වභාවයේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාක්ෂි ආඥාපනතේ 26 වගන්තිය අදාළ වේ.

අදාළ ප්‍රකාශය පාපොච්ඡාරණයක් වන්නේ නම් එවිට එය අපරාධ නඩුවකදී ඔප්පු කිරීමේ ස්වභාවය සාමාන්‍ය කරුණක් ඔප්පු කරනවාට වඩා වෙනස් වේ.

 

* A confession is an admission made at any time by a person accused of an offence stating or suggesting the inference that he committed that offence.

** 79 NLR 169

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්‍රාථමික අධිකරණයට පවරනු ලැබ තිබේ. ඒ අනුව මූලික ලෙසින්ම මේ සම්බන්ධයෙන්

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                                                                                                                                                                 Before                         :          WLR Silva J                                                 Sisira de Abrew J                                                 K. T. Chitrasiri J Counsel                      :          Romesh de Silva PC with G. Gunawardene for the                                                appellant                                                Nih

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුව සාක්