චූදිතයකුට එරෙහිව සාක්ෂි තැන්පත් කර තැබීම - කෙටි සටහන්. අපරාධ නඩු විධාන නීතියෙන් ප්‍රතිපාදන සලසා ඇති නමුත් එතරම් භාවිතා නොවන තවත් ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් මෙම කෙටි සටහන තබමි. චූදිතයකු නොමැතිව නීතීඥවරයකු පෙනී සිටින අවස්ථාවේදී නඩු කටයුතු පැවැත්වීම ගැන ඉහතින් සටහන් තබා ඇත. එකී තත්ත්වය සඳහා නඩු විභාගයක් ආරම්භ කිරීමේ මුල් අදියර සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවය එහිදී සාකච්ඡා කොට තිබේ. එවැනි අවශ්‍යතා සපුරා නැති විටකදී සිදු කළ හැකි කාර්යයන් සම්බන්ධයෙන් ද ලංකාවේ අපරාධ නඩු විධාන නීතිය නිහඬ නැත. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේදී චූදිතයා නොමැතිව නඩු ඇසීමක් නොවන නමුත් චූදිතයාට එරෙහිව සාක්ෂි තැන්පත් කර තබන අවස්ථාවක් වෙයි. ඒ පිළිබඳව මෙහිදී සලකා බලමු. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 416 වගන්තිය අනුව, (අ) චූදිතයා පැනගොස් සැඟ වී සිටින බව හා ඔහු සිරභාරයට ගැනීමේ නුදුරු බලාපොරොත්තුවක් නොමැති බව ඔප්පු කළහොත්, (ආ) පැමිණිලි කරනු ලැබූ වරද සම්බන්ධයෙන් චූදිතයාට විරුද්ධව නඩු විභාග කිරීමට හෝ චූදිතයාගේ නඩු විභාගය ඉහල අධිකරණයට තැබීමට බලය ඇති...
For Sri Lankan legal practitioners.