හවුල් ඉඩම, අතුරු තහනම, අප්‍රතිකාරි හානිය
අතුරු තහනම් නියෝගයක් යනු කුමක්ද යන්න පිළිබඳව සියලු නීති වෘත්තිකයන් දන්නා අතර ඒ පිළිබඳව වන නීති තත්ත්වය පිළිබඳව ඔවුන් හසල දැනුම ඇත්තෝ වෙති. සාමාන්‍යයෙන් නීතී වෘත්තිකයෙක් තම වෘත්තිය ජීවිතයේදී එක් වරක් හෝ සේවාදායකයකුට තහනම් නියෝගයක් පිළිබඳව උපදෙස් ලබා දෙයි. අතුරු තහනම් නියෝගයක් ලබා දීමේදී ය ඉල්ලා සිටින පාර්ශ්වය විසින් ඔප්පු කල යුතු කරුණු පිළිබඳව වන විට වැදගත් නඩු තීන්දුවක් වන්නේ Felix Dias Bandaranayake v. The State Film Corporation and Another - (1981) 2 Sri LR 287 නඩු තීන්දුවයි. එහිදි අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටින පාර්ශ්වකරු ඔප්පු කල යුතු කරුණු පහත ලෙස පෙන්නා දී ඇත.
In deciding whether or not to grant an interim injunction the following sequential tests should be applied
1. Has the plaintiff made out a strong prima facie case of infringement or imminent infringement of a legal right to which he has title, that is, that there is a serious question to be tried in relation to his legal rights and that the probabilities are that he will win.
2. In whose favour is the balance of convenience- the main factor being the uncompensatable disadvantage or irreparable damage to either party?
3. As the injunction is an equitable relief granted in the discretion of the Court do the conduct and dealings of the parties justify grant of the injunction. The material on which the Court should act as the affidavits supplied by plaintiff and defendant. Oral evidence can be led only of consent or upon acquiescence.
හවුල් ඉඩම් සම්බන්ධව වනවිටද අතුරු තහනම් නියෝග ඉල්ලීමේ දී ඉහත කරුණු අදාල වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේවෙතත් Goonewardene v. Silva - (1914) 17 NLR 287 නඩු තීන්දුව අනුව වන විට මෙම තත්ත්වයේ යම් වෙනසක්ද දක්නට ලැබිය හැක.
හවුල් ඉඩමක අයිතිය හිමි හවුල්කරුවෙකුට එම හවුල් ඉඩමේ ස්වභාවය, අනෙක් හවුල්කරුවන්ගේ එකඟතාවය නොමැතිව වෙනත් ස්වාභාවයකට පෙරැලීමට හැකියාව නොමැත. ඒ බව පෙර කී 17 NLR 287 නඩුවේදී දක්වා තිබේ. ඒ අනුව යම් හවුල්කරුවකු හවුල් ඉඩමේ ස්වාභාවික ස්වභාවය වෙනස්වන අකාරයට අන් හවුල්කරුවන්ගේ එකඟතාවය නොමැතිව කටයුතු කරන්නේ නම් ඒ හවුල්කරුවාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට අනෙත් හවුල්කරුවන්ට හැකියාවක් ඇත. ඒ බවද පෙර කී 17 NLR 287 නඩුවේ දී තීරණය වී තිබේ.
එවැනි අවස්ථාවකදී අනෙක් හවුල්කරුවන්ට අදාල ක්‍රියාව සිදුකරන හවුල්කරුගේ ක්‍රියාව නිසා අප්‍රතිකාරි හානියක් සිදු වීම හෝ නොවීම වැදගත් කරුණක් නොවන අතර අනෙක් හවුල්කරුවන්ගේ අනුමැතිය නොමැතිව ඒ හවුල්කරු අදාළ ක්‍රියාව සිදුකරන බව පෙන්වන්නේ නම් අතුරු ආඥාවක් නිකුත් කිරීමට හැකියාව ඇති බව Muthaliph v. Mansoor Et Al. - (1937) 39 NLR 316 නඩුවේ දී තීරණය වී තිබේ.
එසේ විමසීමේදී හවුල් ඉඩමක් හා හවුල්කරුවන් සම්බන්ධව වන විටදී පෙර කී ෆීලික්ස් ඩයක්ස් බණ්ඩාරනායක නඩුවේ තීන්දුවේ පෙන්වා දී ඇති අප්‍රතිකාරි හානිය ඔප්පු කිරීම යන කරුණ එම හවුල් ඉඩමේ ස්වභාවික ස්වභාවය වෙනස් කරන කරුණක් සම්බන්ධයෙන් නම් අදාළ නොවන බව පෙනී යයි.
Comments
Post a Comment