Skip to main content

ආදේශ ක්‍රමයට සිතාසි භාර කරවීම - කෙටි සටහන්.



ආදේශ ක්‍රමයට සිතාසි භාර කරවීම - කෙටි සටහන්.

පෙර ලිපියකදී පෙන්වා භාර දීමෙන් සිතාසි භාර දීමට අදාළව සටහනක් ඔබ කියැවූවා  මෙතෙක් අමතක නැතිව ඇතැයි සිතමි. මේ සටහන තබනුයේ ආදේශ ක්‍රමයට සිතාසි භාර කරවීම සම්බන්ධයෙනි. 

සිවිල් නඩුවකදී විත්තිකරුවකුට ආදේශ ක්‍රමයට සිතාසි භාර දීමට පැමිණිකරුට හැකියාව ඇත. මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපාදන සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇතුළත් වේ. කරුණාකර බලන්න සිවිල් නඩු විධාන සංග්‍රහයේ 60(2) වන වගන්තිය. එහි මෙසේ සඳහන් ව තිබේ. "If the service referred to in the preceding provisions of this section cannot by the exercise of due diligence be effected, the Fiscal or Grama Niladhari shall affix the summons to some conspicuous part of the house in which the defendant ordinarily resides or in the case of a corporation or unincorporated body, to the usual place of business or office of such corporation or such body and in every such case the summon shall be deemed to have been duly served on the defendant." පෙන්වා භාර දීමට ද නොහැකි වූ පසුව මේ ක්‍රමයට සිතාසි භාර කරවීම සඳහා ඉල්ලීමක් අධිකරණයෙන් සිදු කළ හැක. 

ඔබ දන්නා පරිදි සමහර අවස්ථාවලදී විත්තිකරු වෙත සිතාසි භාර කරවීම, ඔහු සඳහන් කර ඇති ලිපිනයේ පදිංචි නැති වීම නිසාවෙන් ද සිදු කිරීමට අපහසු වේ. තවත් අවස්ථා වලදී ලිපිනයේ පදිංචිව සිටියත්  සිතාසි භාර නොගැනීම නිසා සිතාසි භාර කරවීම අපහසු වේ. මේ සෑම අවස්ථාවකදීම ආදේශිත ක්‍රමයට සිතාසි භාර කරවීමේ ඉල්ලීම අධිකරණයෙන් කළ නොහැකි වුවත් නීතීඥවරුන් සහ නීතීඥවරියන් එවැනි ඉල්ලීම් කරන බවට අත්දැකීම් ඇත. 

ඉහත කී 60(2) වගන්තියේදී පැහැදිලිව දක්වා ඇත්තේ the house in which the defendant ordinarily resides ලෙසිනි. මේ කියන්නේ විත්තිකරු සාමාන්‍යයෙන් පදිංචි වී සිටින නිවසේ ඇලවීමට කටයුතු කරනු ලැබිය යුතු බවයි. 

ප්‍රනාන්දු එ. ප්‍රනාන්දු, 9 න.නී.වා. 325 නඩුවේ දී දක්වන්නට යෙදුනේ පිස්කල් විසින් පුද්ගලිකව සිතාසි භාර කරවීමට නොහැකි බවට වාර්තා කල පසු සහ ඉදිරිපත් වන සාක්ෂි මත විත්තිකරු ලංකාව තුළ ඉන්නා බවට සෑහෙන්නේ නම් පමණක් ආදේශ ක්‍රමයට සිතාසි භාර කරවීම සඳහා වන ආඥාවක් නිකුත් කල යුතු බවයි. මෙම තත්ත්වය පිළිගනිමින් රාමනාදන් සහ තවත් අයෙක් එ. සත්‍යශීලන් සහ තවත් අය, (2006) 2 ශ්‍රී ලංකා නී.වා. 369 නඩු තීන්දුවේදී විමලචන්ද්‍ර විනිසුරුතුමා ප්‍රකාශ කරන්නේ "මට පෙනී යන ආකාරයට ආදේශිත ක්‍රමයට සිතාසි භාර කරවීම භාවිතා කළ හැක්කේ විත්තිකරු විසින් පුද්ගලිකව සිතාසි භාර ගැනීම ප්‍රතික්ෂේප කරන විටදී  මිස දී ඇති ලිපිනයේ පදිංචිව නොසිටින විටදී නොවේ." ලෙසිනි. මෙකී නිරීක්ෂණය පෙර කී the house in which the defendant ordinarily resides පාඨය සමඟ ගැල පේ. 

මෙම තත්ත්වය ආදේශිත ක්‍රමයට සිතාසි භාර කරවීම සඳහා වන ඉල්ලීම් කරන විට නීතීඥවරු සහ නීතීඥවරියන් සිහි තබා ගත යුතු තත්ත්වයකි. විත්තිකරු සඳහන් කර ඇති ලිපිනයේ පදිංචි නැති විට ආදේශ ක්‍රමයට සිතාසි භාර කරවීම සඳහා ඉල්ලීම් සිදු නොකල යුතු අතර විත්තිකරු සාමාන්‍යයෙන් පදිංචි ලිපිනයේ පදිංචිව සිටිමින් සිතාසි භාර නොගන්නා අවස්ථා වලදී මේ සඳහා ඉල්ලීම් කරන්නේ නම් එය අදාළ 60(2) වගන්තිය යථා පරිදි භාවිතා කිරීමක් වනු ඇත. 





Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

ඉඩම් නඩු පිළිබඳ කෙටි හැඳින්වීමක්

  ඉඩම් නඩු පිළිබඳ කෙටි හැඳින්වීමක් . ශ්‍රී ලංකාවේ දිසා අධිකරණවල ගොනු කෙරෙන නඩු වලින් සැලකිය යුතු කොටසක් ගොනු වන්නේ ඉඩම් නඩු ලෙසිනි. බෙදුම් නඩුත් ඉඩම් හා සම්බන්ධ නඩු වුවත් එය ‘ඉඩම්‘ නඩු යන වර්ගීකරණය යටතේ ගොනු වන්නේ නැත. එය ‘පී‘ කාණ්ඩය යටතේ ගොනු වෙයි. ත්‍යාග ඔප්පු අවලංගු කිරීමේ නඩුත් සමහර අවස්ථාවලදී ‘එල්‘ කාණ්ඩය යටතේ ගොනු කර ඇති අවස්ථා වෙයි. නමුත් එය ඉඩමක් හා බැඳුනක් නොවේ. ඉඩම් නඩු අතර ප්‍රධාන වශයෙන් ම හමු වන්නේ රේ වින්ඩිකාෂියෝ නඩු, අයිතිය තහවුරු කර ගැනීමේ නඩු, මායිම් නිරාකරණය කර ගැනීමේ නඩු සහ බුක්තික නඩුකර ය. මේ නඩුකර ගැන නීතීඥවරුන්ට පුළුල් අවබෝධයක් පවතී. කෙසේවෙතත් මේ කෙටි ලිපියේ දී මෙකී නඩුකර වර්ග ගැන කෙටි හැඳින්වීමක් කිරීමට මා අදහස් කළෙමි. රේ වින්ඩිකාෂියෝ නඩුකර රේ වින්ඩිකාෂියෝ නඩුකර රෝම ලන්දේසි නීතියෙන් අපට ලැබී ඇති දායාදයකි. මෙම නඩුව පවරනු ලැබෙන්නේ කෙනකුට අයිති ඉඩමක කොටසක් හෝ ඉඩම වෙනත් පුද්ගලයකු විසින් අල්ලා ගෙන, එම කොටස හෝ ඉඩම සඳහා එම පුද්ගලයා විසින් අයිතිවාසිකම් කියනා විටදී ය. මෙවන් නඩුවක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ඒ 1.    ...