Skip to main content

2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධාන යටතේ අපරාධ අධිකරණයකින් වන්දි ලබා දීමේ දී පවතින තත්ත්වය - කෙටි විමසුමක්

 


2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධාන යටතේ අපරාධ අධිකරණයකින් වන්දි ලබා දීමේ දී පවතින තත්ත්වය - කෙටි විමසුමක්.

අපරාධ අධිකරණයකින් වින්දිතයකුට වන්දි ලබා ගැනීමේ මූලික නීතිය ලෙසින් කලක් පවතිනු ලැබූවේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 17 වන වගන්තිය වේ. කෙසේවෙතත් මේ තත්ත්වය වෙනස් කරමින් විශේෂ නීතියක් ලෙස 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතෙන් අපරාධයක වින්දිතයකුට වන්දි ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට ව්‍යවස්ථාදායකය විසින් කටයුතු කරන ලදි. එම පනත ද ඉවත් කරමින් මේ වන විට වින්දිතයකුට අපරාධ අධිකරණයකින් වන්දි ලබා ගැනීම සඳහා 2023 අංක 10 දරන අපරාධයකවින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක වෙයි. මෙම ලිපියෙන් එකී පනතේ විධාන පරිදි අපරාධයක වින්දිතයකුට වන්දි ලබා ගැනීමේ දී පවතින තත්ත්වය පිළිබඳව කෙටි විමසුමක් සිදු කෙරේ.

2023 අංක 10 දරන පනතේ විධාන ප්‍රකාරව අපරාධයක වින්දිතයා යන්නෙන් අදහස් වන්නේ කවරකුද යන්න ප්‍රථමයෙන් ම සලකා බැලිය යුතු ය. පනතේ 104 වගන්තියේ දී අපරාධ වින්දිතයා අර්ථ දක්වන්නේ පහත ලෙසිනි.




මෙම වගන්තියේ දැක්වෙන හිංසාව යන්න 104 වගන්තියේ විස්තර කර ඇත්තේ පහත ලෙසිනි.


මෙම වගන්තියේ දැක්වෙන ළමා වින්දිතයා යනු අවුරුදු 18 ට අඩු අපරාධයක වින්දිතයකු වේ.

මේ අනුව මේ පනත යටතේ අපරාධයක වින්දිතයා යන්නෙන් පුළුල් පුද්ගල කොට්ඨාශයක් ආවරණය වන බව පෙනී යයි. එය වත්මන් නීතියේ ප්‍රගමනකාරී තත්ත්වයක් ලෙසින් හැඳින්විය හැක.

අපරාධයක වින්දිතයා කව්දැයි හඳුනාගැනීමෙන් පසුව දැන් අවධානය යොමු කරන්නේ වින්දිතයකුට අපරාධ අධිකරණයකින් වන්දි ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ කුමන අවස්ථාවකදී ද යන්න හඳුනා ගැනීමට ය. එහිදී පනතේ IX වන කොටස වැදගත් වේ. එහි 60 වන වගන්තියට අනුව එම කොටස අනුව අපරාධ වින්දිතයකුට වන්දියක් හෝ තාවකාලික ප්‍රදානයක් කිරීම (තාවකාලික ප්‍රදානය කරනු ලබන්නේ අධිකාරිය විසිනි.) යුක්තිය සහ සාධාරණත්වය මත පදනම්ව සිදු විය යුතු ය. මෙහිදී වන්දියේ ප්‍රමාණය පනතේ සඳහන් කර නොතිබීම තුළ (පෙර 2015 පනතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඒ පිළිබඳව ප්‍රමාණ සඳහන් කර තිබේ) අවස්ථානුකූලව වන්දි ප්‍රමාණය ගණනය කිරීමේ අභිමතය ලැබී තිබේ. කෙසේවෙතත් මෙහිදී සැලකිය යුතු කරුණක් වේ. අභිමතයක් ප්‍රදානය කරන විටදී ඒ අභිමතය පාලනය කිරීමට නැත්නම් අභිමතය අනිසි ලෙසින් යොදා ගත් අවස්ථාවකදී ඒ පිළිබඳව මැදිහත් වීමට ඉහළ අධිකරණයට බලය ඇත. මෙහිදී සිහිපත් වන්නේ Jayasuriya v. Sri Lanka State Plantations Corporation - (1995) 2 Sri LR 379 නඩු තීන්දුවේ දක්වා ඇති පහත කොටස ය.

Admittedly a Labour Tribunal, in being required by section 31C of the Industrial Disputes Act to make "such order as may appear to the tribunal to be just and equitable", has a very wide power. It may be that the Tribunal is not required to give a verdict with regard to the charges made by an employer, Per Rajaratnam, J. in Somawathie v. Baksons Textile Industries Ltd. (7). Yet Labour Tribunals do not possess an unfettered power. As H. N. G. Fernando, J. (as he then was) observed in Walker Sons & Co. Ltd. v. Fry(24), a Labour Tribunal does not have the "freedom of the wild ass". (Cf. Municipal Council of Colombo v. Munasinghe (25) "freedom of a wild horse " per H. N. G. Fernando, J. in relation to an arbitrator). Considerations of justice and equity must necessarily control and limit the powers of Labour Tribunals. (Brooke Bond (Ceylon) Ltd. v. Tea, Rubber, Coconut & General Produce Workers' Union (26) . The Order of a Tribunal must not, as the Court of Appeal says, be perverse. "Perverse" is an unfortunate term, for one may suppose obstinacy in what is wrong, and one thinks of Milton and how Satan in the Serpent had corrupted Eve, and of diversions to improper use, and even of subversion and ruinously turning things upside down, and, generally, of wickedness. Yet, in my view, in the context of the principle that the Court of Appeal will not interfere with a decision of a Labour Tribunal unless it is "perverse", it means no more than that the court may intervene if it is of the view that, having regard to the weight of evidence in relation to the matters in issue. the tribunal has turned away arbitrarily or capriciously from what is true and right and fair in dealing evenhandedly with the rights and interests of the workman, employer and, in certain circumstances, the public. The Tribunal must make an order in equity and good conscience, acting judicially, based on legal evidence rather than on beliefs that are fanciful or irrationally imagined notions or whims. Due account must be taken of the evidence in relation to the issues in the matter before the Tribunal. Otherwise, the order of the Tribunal must be set aside as being perverse.

මෙම තත්ත්වය එපරිද්දෙන්ම මේ අවස්ථාව අනුව මේ පනත යටතේ වින්දිතයකුට වන්දි ලබා දෙන අවස්ථාවකදී අදාළ වන බව යුක්තිය සහ සාධාරණත්වය යන පාඨ හඳුන්වා තිබීමෙන් පහැදිලි ය. මේ තත්ත්වය තවත් පැහැදිලි වන්නේ පනතේ 66 වන වගන්තිය අනුව වන්දි ලබා දීම හෝ වන්දි ලබා නොදීමට අධිකරණය ගත් තීරණය සම්බන්ධයෙන් අතෘප්තියට පත් පාර්ශ්වයට සමාලෝචනය කිරීම සඳහා ඉල්ලීම් කිරීමට අයිතිය ලබා දී ඇති හෙයිනි. අදාළ නියෝගය සිදු කරනු ලැබුවේ මහේස්ත්‍රාත් අධිකරණයකින් නම් පළාත්බද මහාධිකරණයට ද, නියෝගය සිදු කරනු ලැබූවේ මහාධිකරණය විසින් නම් අභියාචනාධිකරණයෙන් එකී නියෝගය සමාලෝචනය කරන ලෙසින් ඉල්ලා සිටීමට හැකියාව පවතී.

පනතේ 61(1) වගන්තිය අනුව අපරාධ අධිකරණයකට මේ පනත යටතේ වින්දිතයකුට වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාව ලබා දේ. ඒ අනුව චූදිතයකු වරදකරු කරනු ලැබීමේ දී, වරදකරු කරනු ලැබූ යම් වරදක් සම්බන්ධයෙන් ද ඒ වරද සඳහා පනවනු ලැබිය හැකි යම් දණ්ඩනයකට අමතරව මේ පනත යටතේ ඉහත 60 වගන්තිය පරිදි තීරණය කරනු ලැබිය හැකි යම් වන්දි මුදල් ප්‍රමාණයක් අධිකරණය වෙත ගෙවීමට ඒ වරදකරු කරනු ලැබූ තැනැත්තාට නියෝග කරනු ලැබිය හැකි ය.

මේ අනුව වන්දිය ගෙවන ලෙසින් නියෝග කරනු ලැබිය යුත්තේ අධිකරණය වෙත බව සිහි තබා ගැනීම වැදගත් වේ. එසේම මුදල ගැන අවස්ථානුකූලව තීරණය කළ හැකි ය. කෙසේවෙතත් මේ ආකාරයට වන්දි ගෙවීමට නියම කරනු ලැබීමේ දී (අ) ඒ වන්දිය ගෙවිය යුතු කාලසීමාව කුමක් ද යන්න හෝ (ආ) අවස්ථානුගත කරුණු මත පදනම්ව, ඒ වන්දිය වාරික පදනම මත ගෙවන ලෙස නියෝග කිරීමට ද අධිකරණයට හැකියාව ඇත. යම් හෙයකින් මෙසේ නියම කරන වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් මෙන් අයකර ගැනීමට අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධාන ප්‍රකාරව කටයුතු කරනු ලැබිය හැකි ය. අනෙක් අතට චූදිතයා දිළින්දෙකු නම් හෝ වන්දි මුදල අයකර ගැනීම පිණිස රාජසන්තක කිරීම සඳහා ඔහු සතුව වත්කම් කිසිවක් නොමැති විටක පවත්නා සම්පත් ප්‍රමාණයට යටත්ව සහ පනතේ විධාන වලට යටත්ව වින්දිතභාවයට වන්දියක් වශයෙන් රු. මිලියන එකක් නොඉක්මවන මුදල් ප්‍රමාණයක් අපරාධයේ වින්දිතයාට ගෙවන ලෙස අධිකරණය විසින් අධිකාරියට නියෝග කරනු ලැබිය හැකි ය. එසේම ගෙවීමට නියම කරනු ලබන වන්දි මුදල නොගෙවන්නේනම් (අ) නියෝගය කරනු ලැබුවේ මහේස්ත්‍රාත් අධිකරණයකින් නම් දෙයාකාරයෙන් එක් ආකාරයකට අවුරුදු 2 කට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමට හෝ (ආ) මහාධිකරණය විසින් නියෝගය කරන අවස්ථාවක දෙයාකාරයෙක් එක් ආකාරයට අවුරුදු 5 කට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමට ඒ චූදිත තැනැත්තා යටත් විය යුතු ය.

යම් හෙයකින් වන්දි මුදල ගෙවීමට අවශ්‍ය සම්පත් චූදිත සතුව නොමැත්තේ නම් පවත්වනු ලබන පරීක්ෂණයකින් ඒ බවට සෑහීමට පත් වී ප්‍රජා පාදක විශෝධන ආඥාවක් ඇතුළත් කිරීමට අධිකරණයට බලය ඇති අතර එහිදී 1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනතේ අදාළ විධාන අදාළ කර ගත යුතු ය.

මේ ආකාරයට වන්දි ගෙවීම සඳහා ආඥාවක් කරනු ලැබූවිට එයින් අතෘප්තියට පත් චූදිතයකුට ඒ නියෝගය සමාලෝචනය කරන ලෙසින් ඉල්ලීමක් කිරීමට හැකියාව පවතී.

පෙර දී පනතේ 61 වන වගන්තිය අනුව අපරාධ අධිකරණයකට චූදිතයකුට වින්දිතයකුට වන්දි ගෙවීම සඳහා වන නියෝගයක් කළ හැකි බව සඳහන් කරනු ලැබුවෙමි. එහිදී අධිකරණයට සැලකිල්ලට ගත හැකි කරුණු කිහිපයක් පනතේ 63 වන වගන්තියේ දක්වා තිබේ. එම වගන්තිය පහත පරිදි ය.

මෙහි දී භාවිතා කර ඇති වචනය ‘හැකිය‘ යන්න නිසා වන්දියක් ගෙවීමට පෙර මෙම කරුණු සැලකීම අනිවාර්ය අංගයක් නොවේ. නමුත් අධිකරණය විසින් තමුන්ට ලැබී ඇති අභිමතය නිසි ලෙසින් පාවිච්චි කළ බව පෙන්වීමට මෙකී කරුණු සැලකිල්ලට ගෙන තිබීම වැදගත් විය හැක.

මේ 63 වගන්තියේ දී වින්දිත බලපෑමේ ප්‍රකාශය පිළිබඳව දක්වා තිබේ. පනතේ 8 වන වගන්තියට අනුව මෙකී ප්‍රකාශයට අදාළ 8 වන වගන්තිය පහත පරිදි වේ.

මේ ආකාරයට ක්‍රියාත්මක වන වින්දිතයකුට වන්දි ලබා ගැනීමේ ප්‍රතිපාදන අනුව වන්දියක් ඉල්ලා සිටින වින්දිතයකු, ඒ ඉල්ලීම ඔප්පු කළ යුතු වේ. එහිදී සාක්ෂි රීතියක හෝ සාක්ෂිවල ආවේශ්‍යතාව සම්බන්ධයෙන් වන යම් තහනමක කුමක් සඳහන් වුවද පනත යටතේ වන්දි මුදලක් ගෙවීම පිළිබඳව තීරණය කරනු ලබන අධිකරණයක් විසින් අපරාධයක වින්දිතයකුගේ හෝ සාක්ෂිකරුවකුගේ හෝ නඩු කටයුතුවලට අදාළ වෙනත් යම් තැනැත්තකුගේ යම් ප්‍රකාශයක් සැලකිල්ලට ගැනීමට හැකියාව ඇත.

ඉහත විධාන සලකා බැලීමේ දී අපරාධයක වින්දිතයකුට ඒ අපරාධය හේතුවෙන් වන බලපෑම් සඳහා සිවිල් අධිකරණයක වන්දි නඩුවක් පවරා සහන ලබා ගන්නවාට වඩා වේගවත් ලෙසින් සැලකිය යුතු වන්දියක් ලබා ගැනීමේ හැකියාව වර්තමානයේ දී ලැබී ඇත. පනතේ 65(2) වන වගන්තිය අනුව මේ ආකාරයට වන්දියක් ලබා ගත්තා කියා සිවිල් නඩුවකදී වන්දි ලබා ගැනීමට ඇති අයිතියට බාධාවක් ඇති වන්නේ නැත. කෙසේවෙතත් සිවිල් නඩුවකදී එකී වන්දි මුදල පිළිබඳව සැලකිල්ලට ගැනීමට අධිකරණයට හැකියාව ඇත.

පෙර දී කරුණු සඳහන් කිරීමේ දී පනතේ 61 වන වගන්තිය යටතේ වන්දි නියම කළ විට එය ගෙවිය යුත්තේ අධිකරණයට බව සඳහන් කරන ලදි. අධිකරණය විසින් එසේ අයකර ගන්නා වන්දියෙන් 20% ක් ආරක්ෂණ අරමුදලට ප්‍රේෂණය කළ යුතු අතර ඉතිරි මුදල් ප්‍රමාණය අපරාධයේ වින්දිතයාට හෝ ඔහුගේ ළඟම ඥාතියාට, යැපෙන්නන්ට හෝ උරුමකරුවන්ට ගෙවිය යුතු ය.

මේ ආකාරයට වන්දි ඉල්ලමින් කරනු ලබන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට ද අධිකරණයට හැකියාව ඇත. ඒ සඳහා සැලකිල්ලට ගනු ලබන කරුණු පනතේ 73 වන වගන්තියේ පහත ලෙසින් සඳහන් කර තිබේ.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් වන්දි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරනු ලැබූ අවස්ථාවක අතෘප්තියට පත්වන පාර්ශ්වයකට ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමේ ඉල්ලීමක් ඉහළ අධිකරණයට සිදු කල හැක.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්‍රාථමික අධිකරණයට පවරනු ලැබ තිබේ. ඒ අනුව මූලික ලෙසින්ම මේ සම්බන්ධයෙන්

සුළු හිමිකම් අධිකරණය

  මේ වන විට ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ සුළු හිමිකම් අධිකරණය ක්‍රියාත්මක වේ. සාමාන්‍ය දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පවරා කටයුතු කිරීමට වඩා වෙනස් ස්වභාවයක් සුළු හිමිකම් අධිකරණ භාවිතාවේ දී දක්නට ලැබෙන නිසා මෙම ලිපිය ඒ පිළිබඳව කෙටි විමසුමක් කිරීමට සම්පාදනය කළෙමි. සුළු හිමිකම් අධිකරණය 2022 අංක 34 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනතෙන් සුළු හිමිකම් අධිකරණය හඳුන්වා දෙයි. මෙහි ඇසෙන නඩු සිවිල් නඩු වේ. පනතේ 29අ වගන්තියට අනුව අධිකරණ සංවිධාන පනතේ 7 වන උපලේඛනයේ දැක්වෙන නඩු අසා තීන්දුවක් ලබා දීමේ මුල් අවස්ථා අධිකරණ බලය ඇත්තේ සුළු හිමිකම් අධිකරණය වෙත ය. එහි කාර්ය පටිපාටිය, 2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනත මඟින් විධිමත් කර තිබේ. 2022.12.15 දිනැති අංක 2310/40 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව 2023.01.01 දින සිට සුළු හිමිකම් අධිකරණය ක්‍රියාත්මක වේ. මෙකී නඩු, නඩු කටයුත්ත ඇරඹී මාස 18 ක් තුළ අවසන් කිරීමට සෑම උත්සාහයක්ම සුළු හිමිකම් අධිකරණය විසින් දැරිය යුතු ය. සුළු හිමිකම් අධිකරණයේ පැවරෙන නඩු පෙර කී ලෙස අධිකරණ සංවිධාන පනතේ 7 වන උපලේඛනයේ දැක්වෙන කාරණා සඳහා නඩු පැවරීම සිදු කළ යුතු වන්නේ

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                                                                                                                                                                 Before                         :          WLR Silva J                                                 Sisira de Abrew J                                                 K. T. Chitrasiri J Counsel                      :          Romesh de Silva PC with G. Gunawardene for the                                                appellant                                                Nih