ප්‍ර - 2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංශෝධන පනතෙන් චූදිතයකුට සහ චෝදකයකුට සාකච්ඡා පවත්වන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මොකක් ද මේ තත්ත්වය? උ - අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධාන අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී චූදිතයකුට විරුද්ධව මහේස්ත්‍රාත්වරයා විසින් චෝදනාව කියවලා දෙනවා. මෙහෙම චෝදනාව කියවලා දුන්නම චූදිතට පුළුවන් එක්කෝ වරද පිළිගන්න නැත්නම් නිවැරදිකරු කියන්න. වරද පිළිගත්තොත් දඬුවම් නියම කරනවා. නිවැරදිකරු කිව්වොත් නඩු විභාගයට යනවා. ඕක තමයි මෙතෙක් පැවැති නීතිය. දැන් මේ කියපු 2024 අංක 50 දරන සංශෝධන පනතට අනුව හඳුන්වලා දීලා තියෙනවා දඬුවම් නියම කිරීමට පෙර වරද පිළිගැනීමේ එකඟතාවයට පැමිණීමේ අවස්ථාවක්. මෙන්න මේ එකඟතාවයට පැමිණීම සඳහා තමයි චෝදක සහ චූදිත අතර සාකච්ඡාවක් පවත්වන්නේ. ප්‍ර - කොහොමද මේක වෙන්නෙ? උ - මේක වෙන්නෙ මෙහෙම යි. දැන් චෝදනාව චූදිතයකුට කියවලා දෙනවනේ මහේස්ත්‍රාත්වරයා විසින්. මේ චෝදනාව මොන වරදක් සම්බන්ධයෙන් වුනත් වෙන්න පුළුවන්. චෝදනාව කියවලා දුන්නට පස්සෙ නිවැරදිකරු කියලා කියන්න කලින් වරද පිළිගැනීම සම්බන්ධයෙන් යම් එකඟතාවයකට එන්න සාකච්ඡා කරන්න කැමැති බව මහේස්ත්‍රාත් අධිකරණයට ද
For Sri Lankan legal practitioners.