සිවිල් නඩුවක උත්තරවාද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 93 වන වගන්තිය වැදගත් වේ. මේ වගන්තිය අනුව අවස්ථා දෙකකදී උත්තරවාද සංශෝධනය කිරීමට අවස්ථාව සලසා දී ඇත. ඒ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පළමුවෙන් නඩුව නියම කරන ලද දිනයට පෙර සහ පළමුවෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට නියම කරන ලද දින හෝ තීන්දුවට පෙර වන ලෙසිනි. මෙයින් පළමුවන අවස්ථාවේ දී උත්තරවාද සංශෝධනය සම්බන්ධයෙන් අභිමතයක් අධිකරණයට ලබා දී තිබේ. නමුත් දෙවන අවස්ථාවේ දී එනම් 93(2) වන වගන්තිය යටතේ එවැනි අභිමතයක් අධිකරණයට නොමැති අතර එහිදී උත්තරවාද සංශෝධනයට අවසර ලබා දීම සඳහා ඉල්ලීම කිරීමට ප්‍රමාද නොවීම සම්බන්ධයෙන් පිළිගතහැකි හේතු සහ සංශෝධනයට ඉඩ ලබා නොදුනහොත් අදාළ පාර්ශ්වයට අප්‍රතිකාරී හානි සිදුවන බවට අධිකරණය සෑහීමට පත් කිරීමට උත්තරවාද සංශෝධනය කිරීමට අවශ්‍ය පාර්ශ්වයට සිදු වේ. මෙයින් 93(1) වන වගන්තිය යටතේ වන ඉල්ලීමකදී අනෙක් පාර්ශ්වය ඉදිරිපිට හෝ නඩුවේ අනෙක් පාර්ශ්වයන්ට සාධාරණ දැන්වීමක් ලබා දීමෙන් පසුව උත්තරවාද සංශෝධනය කිරීමට අධිකරණයට අභිමතය තිබේ. මෙනිසා මේ වගන්තිය යටතේ විවෘත අධිකරණයේ දී වුවද ඉල්ලීමක් කිරීමට පාර්ශ්වයකට හැකිය...
For Sri Lankan legal practitioners.