Skip to main content

Perils to be avoided in cross-examination (Sinhala Article)




හරස් ප්‍රශ්න කිරීමේ දී මග හැරිය යුතු උවදුරු 

"Of  all the duties of a counsel, that of cross-examination is, in my opinion, the most difficult one in which to acquire proficiency. Few have excelled in it. It is a dangerous weapon, and the true art lies in knowing either where not to put any questions at all, or the exact moment when to stop putting them." 

Reminiscences of Montagu Williams.

****************

එදිනෙදා උසාවියේ දි දකින දේවල් එක්ක මේ ගැන ටිකක් ලියන්න හිතුනා. මේ ටික ලියන්න හිතුන කතාව මෙතැන දාන්න යන්නෙ නෑ, මොකද අදාළ තැනැත්තා හඳුනාගන්න නිසා. නමුත් ඒ තුළින් එදිනෙදා උසාවියේ වැඩ කරන අයට වැදගත් වන පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. 

සාක්ෂිකරුවකුගේ විශ්වසනීයත්වය මැන බලන නොයෙකුත් උපක්‍රම අතරින් අදටත් අංක 1 විදියට අවිවාදයෙන් පිළිගන්නේ ‘හරස් ප්‍රශ්න’ කිරීම. ඇත්තටම හරස් ප්‍රශ්න කිරීම කියන දේ දෙපැත්ත කැපෙන කඩුවක් වගෙයි. චුට්ටක් වැරදුනොත් තමන්ටම පාඩු වෙනවා. ඒ නිසයි හරස් ප්‍රශ්න කිරීමේ දී ප්‍රවේශම් වෙන්න අවශ්‍ය. ජ්‍යෙෂ්ඨ නීතීඥවරයකු එක්ක ටික කාලයක් හෝ එක්ව කණිෂ්ඨ නීතීඥවරයකු විදියට වැඩ කිරීම මේ නිසා වැදගත්. මොකද අත්දැකීම් එක්ක හරස් ප්‍රශ්න කිරීමේ නොයෙකුත් උපක්‍රම එකතුකර ගන්න පුළුවන් නිසා. මේ උපක්‍රම අතුරෙන් එක්තරා ක්‍රමවේදයක් තමයි හරස් ප්‍රශ්න කිරීමේදී මග හැරිය යුතු උවදුරු ගැන දැන ගෙන ඒවා මග හැරීම. 

මේ විදියට හරස් ප්‍රශ්න කිරීමේ දී මග හැරිය යුතු උපද්‍රව වලින් එකක් තමයි සාක්ෂිකරුවාගෙන් මූලික සාක්ෂි විමසීමේදී මතු වුන කරුණු තහවුරු කරන හෝ සනාථ කෙරෙන කරුණු මතු පිටට ගෙන ඒම වැළැක්වීම. මූලික සාක්ෂියේ දී මතු කරපු කුඩා කරුණක් හරස් ප්‍රශ්න කිරීමේ දී ඉතා බලවත් කරුණක් බවට පත්වෙන්න පුළුවන්. මේ ගැන හැරිස්ගේ “Hints on Advocacy”, රාම්ගේ “Ram on Facts” පොත්වල බොහොම හොඳට නිදසුන් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. කැමති අයට බලන්න කියවන්න පුළුවන්. හොඳම උදාහරණයක් තමයි හරස් ප්‍රශ්න අහද්දි මූලික සාක්ෂියෙදි කතා නොකල ලේඛනයක් ගැන ප්‍රශ්න කරලා සාක්ෂි දෙන පාර්ශ්වයට ඒ අත්හැරුණු ලේඛනය ලකුණු කරන්න අවස්ථාව සලස්වලා ‍දීම. විරුද්ධ පාර්ශ්වයට එරෙහිව මූලික සාක්ෂියේ දී ඉදිරිපත්වෙන කරුණකට වඩා විරුද්ධ පාර්ශ්වය විසින්ම ඒ සාක්ෂිකරුවාගෙන් කටින් තමන්ට එරෙහිව ගන්න සාක්ෂියක් සාමාන්‍යයෙන් ප්‍රභලයි. මේ ව‍ගේ දේවල් සාමාන්‍ය නඩු විභාගවලදී එදිනෙදා සිද්ධවෙනවා ඔබලා දැක ඇතිවාට සැකයක් නැහැ. අපි මතක තියා ගන්න ඕනා හරස් ප්‍රශ්න කිරීමේ දී සාක්ෂිකරුවා දෙන සාක්ෂිය කලින් පුරුදුවෙලා ආපු සාක්ෂියක් නොවන බවට අධිකරණය විසින් සාමාන්‍යයෙන් පිලිගන්නා බව. එහෙම නැත්නම් සාක්ෂියක විශ්වාසනීයත්වය මනින හොඳම මිම්ම විදියට හරස් ප්‍රශ්න පිලිගන්නෙ නෑ නේ. එතකොට හරස් ප්‍රශ්නයකට දෙන පිළිතුරක් සාමාන්‍යයෙන් ස්වභාවික පිළිතුරක් විදියටයි පිලිගන්න වෙන්නෙත්. හිතාමතා, පුහුණුවෙලා දෙන සාක්ෂියකට වඩා මේ වගේ ස්වභාවිකව දෙන සාක්ෂියක වටිනාකම වැඩි බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ නිසාම තමයි “නඩුවක වැදගත් කරුණක් ගැන හරස් ප්‍රශ්න අහලා නැත්නම් එය පිළිගත් කරුණක් සේ සැලකේ” කියලා හැම තිස්සෙම නඩු තීන්දුවල කියන්නේ. කොහොමවුනත් මේ අනතුර වලක්වාගන්න අපිට පුළුවන් අපි අහන්න යන කරුණ ගැන වටපිටාවෙන් වෙනත් කරුණු ඉදිරිපත්වෙලා, එය සැඟවුනු කරුණක් බවට පත්වෙලා නොතිබෙනවානම් සහ/හෝ මොකක්හරි කරපු ප්‍රකාශයක් ඇත්ත නෙමෙයි කියලා පේන්න තියෙනවානම්. ඇත්තටම මේ හරස් ප්‍රශ්න කිරීමේ දී අපි විසින් මග හැරිය යුතු උවදුරක්. 

මේ වගේ තවත් උවදුරක් තමයි හරස් ප්‍රශ්න කරන පාර්ශ්වයට හානි වෙන, නමුත් මූලික සාක්ෂි විමසීමේ දී සාක්ෂි නොදුන්න කරුණක් හරස් ප්‍රශ්න කරලා සාක්ෂි විදියට ලබා ගැනීම. මේ වගේ අවස්ථාත් ඕනා තරම් දකින්න තියෙනවා. කියවද්දි මතක් වෙනවා ඇති නේද. මේ ව‍ගේ ප්‍රශ්න හුඟක් වෙලාවට මතු වෙන්නේ එකම මූලික සාක්ෂි විමසීමේදී අහපු ප්‍රශ්නයක් ගැනම හරස් ප්‍රශ්න වලදිත් කීප විටක් ඇහීම හින්දා. අනිත් පැත්තට මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා ඕනෑවට වඩා කරුණු සාක්ෂිකරුවාගෙන් මතු කරවන්න ගිහිල්ලා. ඉතින් මේ නිසා හරස් ප්‍රශ්න කිරීමේදී මග හැරිය යුතු මේ උවදුර ගැනත් ඔබලා දැනුවත් වීම ඔබලාගේ අධිකරණ කටයුතුවලදී වඩාත් පහසුවක් වේවි.  

***********

"Never cross-examine a woman. It is of no use. They cannot disintegrate the story they have once told; they cannot eliminate the part that is for you from that for you from that which is against you. They can neither combine, nor shade, nor qualify. They go for the whole thing, and the moment you begin to cross-examine one of them, instead of being bitten by a single rattlesnake, you are bitten by whole barrelful. I never, except in a case absolutely desperate, dared to cross-examine a woman" 

Rufus Choate (Green Bag, 53.)

Comments

Post a Comment

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...