Skip to main content

Posts

Showing posts from August, 2024

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් හිරිහැර කිරීම

  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් හිරිහැර කිරීම . (1) හිතන්න මෙවැනි අවස්ථාවක් . කමල් සහ පියුමි අතර මින් සම්බන්ධතාවයක් පැවතිය ද දැන් එම සම්බන්ධතාවය අවසන් වී ඇත. පියුමි විසින් පුද්ගලිකව තබා ගත යුතු බවට සාධාරණ ලෙස අපේක්ෂා කරනු ලැබිය හැකි කමල් සන්තකයේ ඇති පියුමිගේ ඡායාරූපයක් කමල් විසින් සමාජ මාධ්‍යයේ පළ කරනු ලැබේ. එවැනි පළ කිරීමක් කළහොත් කුමක් සිදුවේවි ද? තවත් අවස්ථාවක් හිතන්න . සුදු මැණිකා සහ රන් පුතා අතර මින් පෙර සම්බන්ධතාවයක් පැවතිය ද දැන් එම සම්බන්ධතාවය අවසන් වී ඇත. සුදු මැණිකාට හිරිහැර කිරීමේ අදහසින්, වෙනත් තැනැත්තන්ට සුදු මැණිකාව හඳුනාගැනීමට පහසුකම් සලසමින් හෝ සුදු මැණිකා සම්බන්ධ කර ගැනීමට හැකිවන පරිදි ඇගේ ඡායාරූප සහ පුද්ගලික ජංගම දුරකථන අංකය ඇතුළත් කරමින් රන් පුතා විසින් මුහුණු පොතේ පෝස්ටුවක් ලියනු ලබයි. සුදු මැණිකා මේ පෝස්ටුව දැක්කේ නැති නමුත් ඒ පෝස්ටුව දුටු ඇය නන්නාඳුනන තැනැත්තන්ගෙන් ලිංගික කටයුතුවලට එක්වන ලෙසට යෝජනා කරමින් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ඇයට ලැබෙන අතර එමගින් ඇය හිරිහැරයට පත් වේ. මෙවැනි පෝස්ටුවක් පළ කළහොත් කුමක් සිදුවේවි

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය සහ සැකකරු

  අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය සහ සැකකරු. අපරාධ නඩු විධාන සංග්‍රහය පනත (මින් ඉදිරියට අපරාධ නඩු විධාන සංග්‍රහය ලෙසින් හෝ සංග්‍රහය ලෙසින් ද හැඳින්වෙන) ප්‍රධාන වශයෙන් ආයතන තුනක කටයුතු සම්බන්ධයෙන් අදාළ වේ. ඒ පොලීසිය, මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය යි. මින් පොලීසිය සම්බන්ධයෙන් වන විට අපරාධ නඩු විධාන සංග්‍රහ ප්‍රතිපාදන සලසන්නේ අපරාධ නැත්නම් වැරදි ‘විමර්ශනය කිරීමේ‘ පහසුකම් සලසමිනි. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම, සැකකරුගෙන් සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම, සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරවීම ආදී කටයුතු සඳහා එහිදී ප්‍රතිපාදන සලසා තිබේ. යම් අවස්ථාවලදී මෙකී විමර්ශන කටයුතු සම්බන්ධයෙන් තනිවම කටයුතු කිරීමට නොහැකි විටදී මහේස්ත්‍රාත්වරයාගේ සහාය ලබා ගැනීම සඳහා විධාන සැලැස්වීමට ද අපරාධ නඩු විධාන සංග්‍රහය කටයුතු කර ඇත. ඒ ප්‍රධාන වශයෙන් ම 124 වන වගන්තියෙනි. 124 වන වගන්තිය අනුව ඉල්ලීමක් ලද විටදී විමර්ශනයට සහාය වීම සඳහා සුදුසු නියෝග ලබා දීමට  මහේස්ත්‍රාත්වරයාට බලය ලැබී තිබේ. සමහර අවස්ථාවලදී සැකකරුවන් වෙනුවෙන් ද අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය යටතේ නියෝග

ඉඩම් නඩු පිළිබඳ කෙටි හැඳින්වීමක්

  ඉඩම් නඩු පිළිබඳ කෙටි හැඳින්වීමක් . ශ්‍රී ලංකාවේ දිසා අධිකරණවල ගොනු කෙරෙන නඩු වලින් සැලකිය යුතු කොටසක් ගොනු වන්නේ ඉඩම් නඩු ලෙසිනි. බෙදුම් නඩුත් ඉඩම් හා සම්බන්ධ නඩු වුවත් එය ‘ඉඩම්‘ නඩු යන වර්ගීකරණය යටතේ ගොනු වන්නේ නැත. එය ‘පී‘ කාණ්ඩය යටතේ ගොනු වෙයි. ත්‍යාග ඔප්පු අවලංගු කිරීමේ නඩුත් සමහර අවස්ථාවලදී ‘එල්‘ කාණ්ඩය යටතේ ගොනු කර ඇති අවස්ථා වෙයි. නමුත් එය ඉඩමක් හා බැඳුනක් නොවේ. ඉඩම් නඩු අතර ප්‍රධාන වශයෙන් ම හමු වන්නේ රේ වින්ඩිකාෂියෝ නඩු, අයිතිය තහවුරු කර ගැනීමේ නඩු, මායිම් නිරාකරණය කර ගැනීමේ නඩු සහ බුක්තික නඩුකර ය. මේ නඩුකර ගැන නීතීඥවරුන්ට පුළුල් අවබෝධයක් පවතී. කෙසේවෙතත් මේ කෙටි ලිපියේ දී මෙකී නඩුකර වර්ග ගැන කෙටි හැඳින්වීමක් කිරීමට මා අදහස් කළෙමි. රේ වින්ඩිකාෂියෝ නඩුකර රේ වින්ඩිකාෂියෝ නඩුකර රෝම ලන්දේසි නීතියෙන් අපට ලැබී ඇති දායාදයකි. මෙම නඩුව පවරනු ලැබෙන්නේ කෙනකුට අයිති ඉඩමක කොටසක් හෝ ඉඩම වෙනත් පුද්ගලයකු විසින් අල්ලා ගෙන, එම කොටස හෝ ඉඩම සඳහා එම පුද්ගලයා විසින් අයිතිවාසිකම් කියනා විටදී ය. මෙවන් නඩුවක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ඒ 1.       විත්තිකරු විසින් අල්