පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතේ විධාන පරිදි මහේස්ත්‍රාත්
අධිකරණයට ඉදිරිපත් වන නඩු ඇත. මේ නඩුවලදී සමහරකදී වාහන ද සමහරකදී යන්ත්‍රෝපකරණ ද
සමහරක දී ඛණිජ ද්‍රව්‍යයද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබයි. මේ
කෙටි ලිපියේ දී මා අවධානය යොමු කරන්නේ එසේ අධිකරණයට ඉදිරිපත් කරන ද්‍රව්‍ය
අනිවාර්යෙන්ම රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත්වරයා බැඳී සිටින්නේ ද යන්න පිළිබඳව සලකා
බැලීමට ය.
මේ සම්බන්ධයෙන් වන විට පනතේ 63අ වන වගන්තිය වැදගත්
වේ. එම වගන්තිය පහතින් උපුටා දක්වමි.
මේ වගන්තිය අනුව පොලීසියට පනත යටතේ වන වරදක්
සම්බන්ධයෙන් කණින ලද ඛණිජ ද්‍රව්‍ය සහ එම වරද සිදු කිරීමෙහි දී භාවිත කරන ලද යන්ත්‍ර,
උපකරණ හෝ ද්‍රව්‍ය තහනමට ගැනීමට හැකියාව ඇත. ඔබ මෙකී බලය පොලීසියට ලබා දෙන 63අ(1)
වන වගන්තිය කියවුහොත් එහි කණින ලද ඛණිජ ද්‍රව්‍ය ලෙසින් සඳහන්ව ඇති පෙනී යනු ඇත. මෙය
වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා ඉංග්‍රීසි පරිවර්තනයේ දී එය දැක්වෙන්නේ A
police officer who has reasonable grounds to believe that an offence has been
committed under this Act may, with or without a warrant, seize any mined
mineral quantity of mineral which has been mined, or any machinery, equipment
or material used in or in connection with, the commission of that offence ලෙසින් බව සැලකිල්ලට ගන්න.
පනතේ දී කැණීම කුමක් ද යන්න විග්‍රහ කොට තිබේ. ඒ අනුව මේ වගන්තිය අනුව සෑම
අවස්ථාවකදී ම යන්ත්‍රෝපකරණයක් තහනමට ගැනීමට පොලීසියට හැකියාව නොමැති බව පැහැදිලි
වනු ඇත. වාහන යන්න ව්‍යස්ථාදායකය තුළින් මේ වගන්තියට ඇතුළත් කර නොමැත්තේ මෙනිසා බව
මගේ අදහස ය.
එය එසේ තිබියදෙන්. යම් ආකාරයකට මේ අනුව 63අ(1) හි
දැක්වෙන ද්‍රව්‍යයක් පොලීසිය විසින් තහනමට ගත්තා යැයි සිතමු. එවිට පොලිස්
නිලධාරියා කළ යුතු වන්නේ එකී ද්‍රව්‍ය මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂාවට ඉදිරිපත්
කිරීම ය (63අ(2) වන වගන්තිය අනුව). එවිට මහේස්ත්‍රාත්වරයා විසින් නඩුවක් විභාග වීම
අවසන් වන තුරු ඒ භාණ්ඩ රඳවා ගැනීම සඳහා සුදුසු ආඥාවක් නිකුත් කළ යුතු ය. මේ සුදුසු
ආඥාව අනුව අදාළ යන්ත්‍රෝපකරණ අධිකරණ භූමියේ රඳවා තැබීමට හෝ වෙනත් ස්ථානයක රඳවා
තැබීම සඳහා නියෝගයක් කිරීමට වුවද මහේස්ත්‍රාත්වරයාට අවස්ථාව ලැබේ. නමුත් යම්
හෙයකින් මෙසේ තහනමට ගත් ද්‍රව්‍ය සීඝ්‍රයෙන් විනාශ වෙන්නේ යැයි මහේස්ත්‍රාත්වරයාට
පෙනී යන්නේ නම් එය විකුණා, එයින් ලැබෙන මුදල් අධිකරණයේ තැන්පත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට
අවශ්‍ය නම් ආඥාවක් කළ හැකි ය.
රාජසන්තක වීම සම්බන්ධයෙන් අදාළ වන්නේ පනතේ 63ආ වන
වගන්තිය වේ. එම වගන්තිය පහතින් උපුටා දක්වමි.
දැන් මේ වගන්තිය අනුව පනත යටතේ යම් වරදක් සඳහා පුද්ගලයකු
වරදකරු කරනු ලැබූ විට මහේස්ත්‍රාත්වරයා විසින් එම වරද සිදු කිරීමේ දී භාවිතා කරන
ලද ඛණිජ ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, උපකරණ හෝ ද්‍රව්‍ය හෝ එම ඛණිජ ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ,
උපකරණ හෝ ද්‍රව්‍ය විකිණීමෙන් 63අ වගන්තියේ විධාන පරිදි අධිකරණයේ තැන්පත් කර ඇති මුදල්
රාජසන්තක විය යුතු බවට ආඥාවක් නිකුත් කරනු ලැබිය හැකිය. මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි
පරිවර්තනයේ දී දැක්වෙන්නේ Where any person is convicted of an offence
under this Act, the Magistrate may make order that any mineral, machinery,
equipment or material used in, or in connection with, the commission of that
offence or the proceeds of the sale of any such mineral, or material deposited
in court under the proviso to section 63A, be forfeited to the State ලෙසිනි.
ඒ අනුව මේ වගන්තියේ දැක්වෙන්නේ ‘හැකිය‘ නැත්නම් ‘may‘ යන පාඨය යි. මේ හැකිය යන්න තුළින් විධානාත්මක
භාවයක් අරුත් නොගැන්වන බව සාමාන්‍ය පිළිගැනීමයි. මේ හා සමකාලීනව සංශෝධිනය වූ
වනරක්ෂක ආඥාපනතේ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් වන විට ‘යුතු ය‘ යන පාඨය යොදා ඇති
ආකාරය ඔබට මේ අවස්ථාවේදී සිහිපත් වනවා නොඅනුමාන ය. මේ 63ආ වන වගන්තියේ දැක්වෙන විධාන
එම වගන්තියට වඩා වෙනස් ය. ඒ අනුව මේ පද භාවිතාව තුළින් වගන්තියේ දැක්වෙන ද්‍රව්‍ය
අනිවාර්යෙන් රාජසන්තක කිරීමේ අවශ්‍යතාවක් අධිකරණයට නොපවතින බව පෙනී යයි.
Comments
Post a Comment