Skip to main content

සාක්ෂියක පරස්පර ලකුණු කිරීම - කෙටි හැඳින්වීමක්.

 


වාර්තා ගත වන අපරාධ නඩු තීන්දු විශාල ප්‍රමාණයක දී නඩුව විභාග කරන විනිසුරුවරයා විසින් විත්තියෙන් ලකුණු කරන ලද පරස්පරතා නිසි ලෙසින් ඇගයීමක් කර නොමැති බවට තර්ක කර ඇති ආකාරය ඔබ දැක ඇතුවාට සැක නැත. සිවින් නඩු තීන්දුවලදී නම් එවැනි තර්ක ඉදිරිපත් නොවන තරම් ය. පරස්පරතා සහ ඌණතා සාක්ෂි නීතියේ දී වැදගත් ස්ථානයක් ගනී. ඒ සාක්ෂියක විශ්වසනීයත්වය සම්බන්ධයෙනි. මෙම ලිපියේ දී අවධානය යොමු කරන්නේ පරස්පරතා සම්බන්ධයෙන් පමණි. තවද මෙම ලිපිය ඒ සම්බන්ධ සංකීර්ණ ලිපියක් නොවන අතර ඒ පිළිබඳව මා විසින් වෙනත් අවස්ථාවකදී දීර්ඝ ලෙසින් කරුණු සාකච්ඡා කර ඇත.

නඩු විභාගයකදී සාක්ෂි ලබා දෙන සාක්ෂිකරුවකුගේ සාක්ෂියේ විශ්වසනීයත්වයට පහර දිය හැකි අවස්ථා කීපයක් ම සාක්ෂි ආඥාපනතේ දක්වා තිබේ. එවැනි එක් අවස්ථාවක් වන්නේ සාක්ෂි ආඥාපනතේ 155 (සී) වගන්තියේ දැක්වෙන අවස්ථාවයි. එම වගන්තිය පහත පරිදි වේ.

by proof of former statements inconsistent with any part of his evidence which is liable to be contradicted

මේ වගන්තිය තුළ සඳහන්වන්නේ පූර්ව ප්‍රකාශයක් සම්බන්ධයෙනි. එය කථිත ද ලිඛිත ද යන්න එහි සඳහන් නොවේ. මෙනිසා සාක්ෂි ආඥාපනතේ 145 වන වගන්තියේ දී පූර්ව කථිත ප්‍රකාශයක් සහ පූර්ව ලිඛිත ප්‍රකාශයක් පරස්පර ලෙසින් දැක්වීම සඳහා යොදා ගත හැකි ක්‍රමය සඳහන් කර තිබේ. එයින් අප මෙහිදී සලකා බලන්නේ පූර්ව ලිඛිත ප්‍රකාශයක් සම්බන්ධයෙන් පමණි. ඊට අදාළ 145(1) වන වගන්තිය පහතින් උපුටා දක්වමි.

A witness may be cross-examined as to previous statements made by him in writing or reduced into writing and relevant to matters in question without such writing being shown to him, or being proved; but if it is intended to contradict him by the writing, his attention must, before the writing can be proved, be called to those parts of it which are to be used for the purpose of contradicting him.

දැන් මේ වගන්තිය හරස් ප්‍රශ්න ඇසිය හැකි අවස්ථා දෙකක් පිළිබඳව සඳහන් කරයි. ඒ පහත ලෙසිනි.

1.      A witness may be cross-examined as to previous statements made by him in writing or reduced into writing and relevant to matters in question without such writing being shown to him, or being proved

 

2.      if it is intended to contradict him by the writing, his attention must, before the writing can be proved, be called to those parts of it which are to be used for the purpose of contradicting him.

මින් පළමු අවස්ථාවේ දී සිදු කරනු ලබනුයේ සාක්ෂිකරු විසින් පූර්වයෙන් කළ ප්‍රකාශය නොපෙන්වා හෝ එම ප්‍රකාශය ඔප්පු නොකර හරස් ප්‍රශ්න ඇසීමයි. මෙහිදී පරස්පර ලකුණු කිරීමක් සිදු නොවන අතර සාක්ෂියේ ඇති නොගැලපෙන ස්වභාවය පෙන්වා දෙයි. මේ සඳහා සාක්ෂිකරු විසින් ලියනු ලැබූ ප්‍රකාශයක් හෝ ලිඛිත බවට පත් කළ යුතු යැයි සැලකෙන සාක්ෂිකරුගේ ප්‍රකාශයක් භාවිතා කරනු ලැබේ. කෙසේවෙතත් මෙවැනි විටක ඒ ප්‍රකාශය අතේ තබා ගෙන සිටීම වැදගත් ය.

දෙවැනි අවස්ථාව යෙදෙන්නේ පරස්පරතා ලකුණු කිරීම සම්බන්ධයෙනි. පරස්පරතා ලකුණු කිරීමේ දී පූර්වයෙන් කළ ලිඛිත ප්‍රකාශය ඔප්පු වී තිබිය යුතු ය. මේ අවස්ථාවේ දී ද සාක්ෂිකරු පූර්වයෙන් කළ ලිඛිත ප්‍රකාශයක් හෝ ලිඛිත බවට පත් කළ යුතු සාක්ෂිකරුගේ පූර්ව ප්‍රකාශයක් භාවිතා කරනු ලැබේ. එසේම පරස්පරය ලකුණු කිරීමට පෙර අදාල ප්‍රකාශයේ පරස්පර ලෙසින් ඉදිරිපත් කරනු ලබන කොටස පිළිබඳව සාක්ෂිකරුගේ අවධානය යොමු කරනු ලැබිය යුතු වේ. යම් හෙයකින් සාක්ෂිකරු විසින් එකී පූර්ව ලිඛිත ප්‍රකාශයේ සඳහන් ප්‍රකාශය සිදු කළ බව පිළිගන්නේ නම් එවිට එම ප්‍රකාශය ඔප්පු වූවා සේ සැලකේ. නමුත් සාක්ෂිකරු පෙර ලිඛිත ප්‍රකාශය සිදු කළ බව පිළිනොගන්නේ නම් එකී ලිඛිත ප්‍රකාශය ඔප්පු කළ යුතු වේ.

මෙය අපි නිදසුනක් මගින් වඩාත් පැහැදිලි කරගමු.

සාක්ෂිකරුවකු විසින් තමුන් දුටු පහරදීමක් ගැන සාක්ෂි දෙයි. ඔහු සාක්ෂි දෙමින් කියන්නේ තුවාලකරුට චූදිත විසින් පොල්ලකින් දකුණු කකුලට පහර දෙනවා තමුන් දුටු බවයි. හරස් ප්‍රශ්න විමසන නීතීඥවරයා අතේ ඇති මේ සාක්ෂිකරු පොලීසියට කළ ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ තුවාලකරුට චූදිත විසින් වම් කකුලට පහර දෙනවා දුටු බවට වන ප්‍රකාශයකි. දැන් මේ ප්‍රකාශ දෙකේ ඇත්තේ නොගැලපීමකි. ඒ අනුව හරස් ප්‍රශ්න අසන නීතීඥවරයා විසින් මෙය පරස්පරයක් ලෙසින් ලකුණු කිරීමට අදහස් කරන්නේ යැයි සිතමු. එවිට ඔහු මෙසේ 145 (1) වන වගන්තිය යටතේ කටයුතු කරයි.

ප්‍ර          -           සාක්ෂිකරු තමුන් මූලික සාක්ෂියේ දී කිව්වා තමුන් දැක්කා කියලා මේ චූදිත තුවාලකරුගේ දකුණු කකුලට පොල්ලකින් ගහනවා දැක්කා කියලා. ඒක හරි ද?

        -           ඔව්.

ප්‍ර          -           සාක්ෂිකරු, තමුන් ඔය සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් දුන්නනේ?

         -           ඔව්. මන් දුන්නා.

ප්‍ර          -           ඒ ප්‍රකාශයේ සඳහන් වෙනවා තමුන්ගේ නම -----, ලිපිනය ----, දුරකථන අංකය ---. ඒවා නිවැරදිනෙ?

         -           ඔව්. නිවැරදියි.

ප්‍ර          -           මම තමුන්ට යෝජනා කරනවා සාක්ෂිකරු තමුන් විසින් පොලීසියට කළ ඒ ප්‍රකාශයේ දී කියලා තියෙන්නේ තුවාලකරුගේ වම් කකුලට චූදිත විසින් පහර දෙනවා කියලා (අදාළ ප්‍රකාශය කියවා සිටී).

         -           ඔව් මන් එහෙම කිව්වා.

ප්‍ර          -           එතකොට සාක්ෂිකරු තමුන් පොලීසියට කියලා තියෙන්නේ එකක්, දැන් සාක්ෂි දීලා කියන්නේ වෙන එකක්. මේ දෙකෙන් කොයිකද හරි?

         -           පොලීසියට කී එක හරි.

මේ නිදසුනේ වැනි අවස්ථා උදාවන්නේ කලාතුරකිනි. මා මෙය වගන්තිය පැහැදිලි කිරීම සඳහා පමණක් යොදා ගත් බව කිව යුතු ය. මේ අවස්ථාවේදී සාක්ෂිකරු විසින් පොලීසියට කළ ප්‍රකාශයේ එක ස්ථාවරයකුත් සාක්ෂි දෙමින් වෙනත් ස්ථාවරයකුත් ගන්නා බව පිළිගනී. එවිට එය පරස්පරයක් ලෙසින් ලකුණු කළ හැකි ය. මේ ප්‍රකාශය ද සාක්ෂිකරු හබ නොකරනා නිසා ඒ ප්‍රකාශය ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් මතු වන්නේ ද නැත. නමුත් බොහෝ අවස්ථාවලදී සාක්ෂිකරු විසින් තමුන්ට පූර්ව ප්‍රකාශය කළ බව මතක නැති බව, නැත්නම් එවැනි ප්‍රකාශයක් නොකළ බව කියයි. එවැනි අවස්ථාවලදී අදාළ පූර්ව ප්‍රකාශය ඔප්පු කිරීමට සිදු වේ. නිදසුනකට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 110 වන වගන්තිය යටතේ වාර්තා කළ ප්‍රකාශයක් ආශ්‍රිතව පරස්පරය ලකුණු කරන්නේ නම් ඒ ප්‍රකාශය වාර්තා කළ නිලධාරියා සාක්ෂියට කැඳවා ඒ ප්‍රකාශය ඔප්පු කරනු ලැබිය හැකි වේ.

ඉහතින් මා සඳහන් කරනු ලැබූ සිද්ධිමය කරුණු නිදසුනක් පමණක් බව නැවතත් සඳහන් කරමි.

පරස්පරයක් ලකුණු කිරීමේ දී අනිවාර්යෙන්ම පූර්ව ලිඛිත ප්‍රකාශයේ පරස්පර ලෙසින් ලකුණු කිරීමට බලාපොරොත්තු වන කොටස සඳහා සාක්ෂිකරුගේ අවධානය යොමු කළ යුතු අතර එය පරස්පරයක් ලෙසින් ලකුණු කරන්නේ නම් එකී ප්‍රකාශය ඔප්පු කළ ද යුතු ය. එසේ ප්‍රකාශය ඔප්පු කළ යුතු නොවන්නේ සාක්ෂිකරු විසින් ප්‍රකාශය පිළිගන්නේ නම් ය. ඒ සඳහා අවශ්‍ය හරස් ප්‍රශ්න ඇසීම හරස් ප්‍රශ්න අසන නීතීඥවරයාගේ කාර්යයකි. එසේම පරස්පරයක් ලකුණු කළ විට එසේ ස්ථාවර දෙකක් ගැනීමේ හේතුව පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ද සාක්ෂිකරුට ලබා දිය යුතු ය. මේ ක්‍රමවේදය අනුව පරස්පරතාවක් ලකුණු කිරීමට හැකියාව ලැබේ.

Under Section 145 of the Evidence Act when it is intended to contradict the witness by his previous statement reduced into writing, the attention of such witness must be called to those parts of it which are to be used for the purpose of contradicting him, before the writing can be used. While recording the deposition of a witness, it becomes the duty of the trial court to ensure that the part of the police statement with which it is intended to contradict the witness is brought to the notice of the witness in his cross-examination. The attention of witness is drawn to that part and this must reflect in his cross-examination by reproducing it. If the witness admits the part intended to contradict him, it stands proved and there is no need to further proof of contradiction and it will be read while appreciating the evidence. If he denies having made that part of the statement, his attention must be drawn to that statement and must be mentioned in the deposition. By this process the contradiction is merely brought on record, but it is yet to be proved. Thereafter when investigating officer is examined in the court, his attention should be drawn to the passage marked for the purpose of contradiction, it will then be proved in the deposition of the investigating officer who again by referring to the police statement will depose about the witness having made that statement. The process again involves referring to the police statement and culling out that part with which the maker of the statement was intended to be contradicted. If the witness was not confronted with that part of the statement with which the defence wanted to contradict him, then the court cannot suo moto make use of statements to police not proved in compliance with Section 145 of Evidence Act that is, by drawing attention to the parts intended for contradiction.

V.K. Mishra & Anr vs. State of Uttarakhand & Anr reported in (2015) 9 SCC 588

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...