Skip to main content

ලේඛනගත නීතීඥවරයාට දැන්වීම් බාර කිරීම.



සිවිල් නඩු වලදී යම් අවස්ථාවල පාර්ශ්වකරුවන්ට දැන්වීම් බාර දීම අපහසු වන අවස්ථා පවතී. සමහර අවස්ථාවලදී පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු දැන්වීම් බාර ගැනීමට මැලි කමක් දක්වයි. මේ සම්බන්ධයෙන් වන නීතිමය පැතිකඩ කෙටියෙන් සලකා බැලීම මෙම කෙටි ලිපියෙන් සිදු කෙරේ


සිවිල් නඩු විධාන සංග්‍රහයේ 29 වන වගන්තිය මෙහිදී වැදගත් වේ. 29(1) වන වගන්තියට අනුව පාර්ශ්වයකගේ ලේඛනගත නීතීඥවරයාට නැත්නම් එකී නීතීඥවරයාගේ කාර්යාලයට හෝ සාමාන්‍යයෙන් ඔහුගේ පදිංචි ලිපිනයට නඩුවක් හෝ අභියාචනයක් සම්බන්ධයෙන් ලබා දෙන දැන්වීමක් ලේඛනගත නීතීඥවරයා පෙනී සිටින පාර්ශ්වයට නිසි ලෙසින් බාර දුන් බව සැල කේ. මෙසේ නොවන්නේ අදාළ පාර්ශ්වයට එය වෙනත් ආකාරයකට බාර දිය යුතු යැයි අධිකරණය නියම කරන අවස්ථාවකදී පමණි. 29(2) වන වගන්තියට අනුව අධිකරණය විසින් අන්‍යාකාරයෙන් නියම කරනු ලැබුවහොත් හැර ලේඛනගත නීතීඥවරයා සපයන විද්‍යුත් තැපැල් ලිපිනයට කරනු ලබන බාරදීමක් අදාළ පාර්ශ්වයට බාර දීමක් ලෙසින් සලකනු ලැබේ


සමහර සිවිල් නඩුවලදී විරුද්ධ පාර්ශ්වයට දැන්වීම් බාර දීමට නොහැකි වීම හේතුවෙන්ම දින ගණනක් ගත වන අවස්ථා දක්නට ඇත. එවැනි විටකදී අදාළ පාර්ශ්වය වෙනුවෙන් පත් කළ ලේඛනගත නීතීඥවරයාගේ පත්වීම වලංගුව පවතින්නේ නම් එකී දැන්වීම් ඔහුට බාර කරවීමට සැලැස්වීම ඔහු පෙනී සිටින පාර්ශ්වයට දැන්වීම් බාරදීමක් ලෙසින් නීතිය සලකනු ලබයි

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...