Skip to main content

Posts

Showing posts from 2025

මහේස්ත්‍රාත් අධිකරණය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 208 වන වගන්තිය

සමහරක් අවස්ථාවලදී සමහර මිනිසුන් තවත් මිනිසුන් ගැන ඇති තරහ , පලි ගැනීමේ චේතනාව හේතුවෙන් නැත්නම් පාඩුවක් කිරීමේ අදහසින් අසත්‍ය චෝදනා මත පොලිස් පැමිණිලි ගොනු කරයි . විදෙස් ගමන් වැලැක්වීම , රැකියාවට යාම වැලැක්වීම ආදී අරමුණු කරමින් එසේ පවරනු ලැබූ පොලිස් පැමිණිලි මගේ වෘත්තීය ජීවිතය තුළ හමු වී ඇත . තවත් අවස්ථාවල ගහ මරා ගන්නේ එක් කණ්ඩායමකි . නමුත් පොලිස් පැමිණිල්ලට ඒ ස්ථානයේවත් නොසිටි අයගේ නම් ඇතුළත් කරනු ලබයි . මෙවැනි අවස්ථා ද මට හමු වී තිබේ . මේ අවස්ථාවලදී එක් පාර්ශ්වයක් දැඩි අසාධාරණයකට පත් වේ . සමහරු මෙවැනි පැමිණිලි හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව පවා සිටිති .  පොලිස් පැමිණිල්ලක් කළ හැමවිටම අපරාධ නඩු කටයුත්තක් ලෙස එය අධිකරණයට පැමිණෙන්නේ නැත . නමුත් බොහෝ අවස්ථාවල දී පැමිණිල්ල ගොනු කරන්නේ අධිකරණ කටයුත්තකට මග පෑදෙන විලසිනි . ඉදිරිපත් කරන පොලිස් පැමිණිල්ලේ ස්වභාවය අනුව පොලීසිය විසින් සැකකරුවකුව අත්අඩංගුවට ගත හොත් සැකකරුගේ ප්‍රකාශය ද වාර්තා කරයි . ඒ සඳහා අපරාධ නඩු විධාන සංග...