නඩත්තු නඩුවකදී වගඋත්තරකරු විසින් ඇප තැබීම
නැසීගිය ශ් රේෂ්ඨාධිකරණ විනිසුරු රංජිත් ධීරරත්න මැතිතුමා, ඔහු හමුවන හැමවිටම මා හට කියා ඇති කරුණක් වන්නේ යම් නීතියක් ගැන අවබෝධය ලබා ගැනීමට අවශ් ය වන්නේ නම් ඒ නීතිය නිතර පරිශීලනය කළ යුතු බව ය. එය සැබෑවකි. කුමන නීතියක් වුවද කියවන වාරයක් පාසා අළුත් දෙයක් ඉගැනීමට ලැබේ. මේ කෙටි හැඳින්වීම සමග ඔබගේ අවධානය නඩත්තු පනතට රැගෙන යමි. ලංකාවේ නඩත්තු පනතින් විධිමත් කර ඇති නඩත්තු නීතිය අනුව මහේස්ත් රාත් අධිකරණයේ පවරනු ලැබූව ද නඩත්තු නඩුවක් යනු අපරාධ නඩුවක් නොවේ. නමුත් නඩත්තු ආඥාවක් ලබා දී ඇති විට ඒ නඩත්තු ආඥාවට අනුකූල නොවූ විට එය වරදක් වන අතර එවිට දඬුවමකට ලක්වීමට සිදු වේ. එය සිරදඬුවමකි. මේ පිළිබඳව ප් රතිපාදන නඩත්තු පනතේ 5 වන වගන්තියේ ඇතුළත්ව තිබේ. කෙසේවෙතත් නඩත්තු පනත යටතේ වන විට කලත් රයා නොවන තෙවන පාර්ශ්වයක් වරදකරුවකු වන අවස්ථාවක් ද පනතේ 6(11) වන වගන්තියේ ඇතුළත් වේ. ඒ හැර පනත තුළ කලත් රයකුට දඩ ගැසීමට හැකියාවක් නොමැති අතර පැනවිය හැක්කේ සිර දඬුවම් පමණි. එය මේ පනතේ විශේෂත්වයකි. එසේම මේ පනත යටතේ සිතාසි ලැබ මහේස්ත් රාත් අධිකරණයේ පෙනී සිටින වගඋත්තරකරුවකුට නැවත ...