සැකකරු සහ බී වාර්තාවේ සහතික පිටපත
මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුතුවලදී බී වාර්තාවේ පිටපත් ලබා ගැනීමට සැකකරුවකුට ඇති හැකියාව.
සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවකු ඉදිරිපත් කිරීමේ දී පොලීසිය විසින් ඉදිරිපත් කරන්නේ බී වාර්තාව මගිනි. අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 444 වගන්තියේ දී බී වාර්තාවේ පිටපත් සැකකරුවකුට ලබා ගත හැකි බවට විධාන දක්වන්නේ නැත. එම වගන්තිය පහත පරිදි වේ.
(1) Every inquirer or officer in charge of a police station shall issue to every accused person or his attorney-at-law who applies for it a duly certified copy of the first information relating to the commission of the offence with which he is charged and of any statement made by the person against whom or in respect of whom the accused is alleged to have committed an offence.
(2) In every proceeding under this Code the production of a certified copy of any information or statement obtained under subsection (1) shall be prima facie evidence of the fact that such information was given or that such statement was made to the inquirer or police officer by whom it was recorded; and notwithstanding the provisions of any other law, it shall not be necessary to call such inquirer or officer as a witness solely for the purpose of producing such certified copy.
(3) In the course of a trial in a Magistrate's Court, Magistrate may, in the interests of justice, make available to the accused or his attorney-at-law for perusal in open court the statement recorded under section 110 of any witness whose evidence is relied on by the prosecution in support of the charge against the accused.
මේ වගන්තිය බී වාර්ථාවක් සම්බන්ධයෙන් අදාළ වන්නේ නැත. සරලවම ගත්විට මේ වගන්තිය අදාළ වන්නේ චූදිතයකුට බව පදනුගත අර්ථය අනුව පෙනේ.
නීතීඥවරු සමහර අවස්ථාවලදී විජයපාල නඩු තීන්දුව, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත, එය ප්‍රසිද්ධ ලියවිල්ලක් ය ආදී වූ විවිධ පදනම් යටතේ සැකකරුවකු සම්බන්ධ බී වාර්ථාවල සහතික පිටපත් ඉල්ලා සිටී.
මෙහිදී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 115(1) වගන්තිය සැලකීම වටී. එම වගන්තිය පරිදි ය.
Whenever an investigation under this Chapter cannot be completed within the period of twenty-four hours fixed by section 37, and there are grounds for believing that further investigation is necessary the officer in charge of the police station or the inquirer shall forthwith forward the suspect to the Magistrate having jurisdiction in the case and shall at the same time transmit to such Magistrate a report of the case, together with a summary of the statements, if any, made by each of the witnesses examined in the course of such investigation relating to the case.
දැන් මේ වගන්තිය තුළ සැකකරුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පමුණුවන විට ප්‍රකාශවල සාරාංශයක් ද වාර්තාව සමග ඉදිරිපත් කළ යුතු බව දැක් වේ. බොහොමයක් බී වාර්ථාවල මේ ප්‍රකාශ සාරාංශය ඇතුළත්ව ඇත. මේ වාර්ථාවේ පිටපත සැකකරුවකුට ලබා ගැනීමට ඇති හැකියාව සලකා බැලීමේ දී ජයසිංහ එ. නීතිපති [50 න.නී.වා. 202] නඩු තීන්දුව වැදගත් වේ. එම තීන්දුවේ දී ඩයස් විනිසුරුතුමා මෙසේ සඳහන් කරයි.
“I am of the view that when a report under section 126A (1) contains a summary of the statements recorded in the course of a Chapter XII enquiry, this summary must not be inspected by or made available to the suspect, the accused, or their legal advisers; for the summary of the statements referred to under section 126A (1) refers to statements recorded in the course of a Chapter XII enquiry. I am further of opinion that the summary of the statements referred to in section 126A (1) must not be incorporated in the report and should under no circumstances be stitched into or appended or annexed to the Court record. Under no circumstances should certified copies of this summary be supplied under section 434 of the Criminal Procedure Code. I have been informed that it is the practice in most Magistrates' Courts to file such statements in the record and to furnish copies of them to the defence. In my opinion, this is not only irregular but illegal as such a practice contravenes the provisions of the Criminal Procedure Code. Police officers should record the summary of the statements referred to in section 126A on a separate sheet of paper, and this together with the report should be forwarded to the Magistrate under confidential cover and should be in the Magistrate's personal custody or in his safe or in some place where neither his staff nor anyone else can have access thereto. I note that the proceedings in the present case have already been numbered 1035 as a record of the case. It is a question meriting administrative attention as to whether a Magistrate's Court case should be numbered as a record until proceedings have been initiated under section 148 of the Criminal Procedure Code.”
මෙම නිරීක්ෂණය අනුව අදාළ වගන්ති (මෙම තීන්දුවේ දී සඳහන් කර ඇත්තේ පැරණි අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති වේ. ඔබ විසින් එම වගන්ති වත්මන් නීති තත්ත්වයට ගලපා ගත යුතු ය) යටතේ පොලිස් ස්ථානාධිපති විසින් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ප්‍රකාශවල සාරාංශයක පිටපතක් සැකකරුවකුට ලබා ගත නොහැක. මේ සම්බන්ධයෙන් පෙර සඳහන් කළ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 444(3) වගන්තිය ද අදාළ වේ. මේ වගන්තිය 110(4) වගන්තිය ද සමග කියවන්නේ නම් යහපති.
කෙසේවෙතත් මේ ජයසිංහ නඩු තීන්දුව ඉදිරිපත් කරමින් ද බී වාර්තාවේ පිටපත් සැකකරුවන් වෙනුවෙන් ඉල්ලා සිටින බවට මෑතකදී සටහනක් දුටුවෙමි. එසේ කරනවා නම් එය පැහැදිලිවම නීතිය අවභාවිතා කිරීමකි.
බී වාර්තාවේ පිටපතක් ලබා ගැනීමට නොහැකිවීම, සැකකරුවකුට සාධාරණ නඩු විභාගයට ඇති අයිතියට බාධාවක් ද?
ලංකාවේ පමණක් නොව පොදු නීතිය පවතින රටවල අපරාධ නීතියේ දී චූදිතයාට ලැබෙන තත්ත්වය සැකකරුවකුට ලැබෙන්නේ නැත. සැකකරු සහ චූදිතයා යනු එකිනෙකට වෙනස් පුද්ගල කාණ්ඩ දෙකකි. සරලවම කියන්නේ නම් විමර්ශන අවස්ථාවේ දී අදාළ පුද්ගලයා ‘සැකකරු’ වන අතර නඩු පවරනු ලැබූ අවස්ථාවේ පටන් අදාළ පුද්ගලයා ‘චූදිත’ වේ. මේ වෙනස ඕනෑතරම් නඩු වලදී පෙන්වා දී ඇත. නිදසුනකට Tunnaya Alias Gunapala v. Officer In Charge, Police Station, Galewela - (1993) 1 Sri LR 61 නඩු තීන්දුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ Producing a suspect before a Magistrate's Court in custody in terms of Section 116 (1) has nothing to do with the institution of proceeding under Section 136 (1) (d) of Chapter XIV or any other clause of that section. … When proceedings are instituted under Chapter XIV on the other hand the Magistrate takes cognisance of the accusation contained in the Police report or in a written complaint or upon the taking of evidence as the case may be in terms of Section 136 (1). ලෙසිනි.
සාධාරණ අපරාධ නඩු විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් වන වැදගත් ම ප්‍රතිපාදනය දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වන ව්‍යවස්ථාවේ ය. ඒ අනුව ව්‍යවස්ථාව ඇරඹෙන්නේම ‘වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේ ද’ ලෙසින් සඳහන් කරමිනි. එයින් ම සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට නීතිය අපේක්ෂා කර ඇත්තේ චූදිතයකුට විරුද්ධව බව පැහැදිලි වේ. එසේ කියා සැකකරුවකුට අගතිදායී ලෙසින් කටයුතු කිරීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි අතර ඒ සම්බන්ධව නීතියෙන් ම ක්‍රියා කරනු ලැබිය හැක. නමුත් මේ 13(3) වන ව්‍යවස්ථාව සැකකරුවකුට අදාළ වන්නේ නැත. මන්දයත් සැකකරුවකුට එරෙහවි නඩු විභාගයක් නොපවත්වන බැවිනි.
මීට අමතරව සාධාරණ අපරාධ නඩු විභාගයක් පැවැත්වීම පිළිබඳව විධාන දැක්වෙන තවත් නීතියක් වන්නේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත ය. එහි 4 වන වගන්තිය මෙහිදී වැදගත් වේ. ඒ 4 වගන්තියේ දැක්වෙන්නේ යම් ලිඛිත නීතියක් යටතේ සාපරාදී වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවකුගේ අයිතිවාසිකම් ය. මේ අනුව මෙහි ද සැකකරුවකුට හිමි අයිතිවාසිකම් දැක්වෙන්නේ නැත.
මෙකී පසුබිම මත කරුණු සලකන විට සැකකරුවකුට සාධාරණ නඩු විභාගයක් ලංකාවේ දී නොපවතින බව පැහැදිලි වන අතර සාධාරණ නඩු විභාගයක අයිතිය ලැබෙන්නේ චූදිතයකුට පමණක් වන බව පැහැදිලි වේ. එනිසාම අපරාධ නීතිය තුළ දී සැකකරුවකුට අවම වශයෙන් තමුන්ට එරෙහිව ඇති මුල් පැමිණිල්ලේ පිටපතක් වත් ලබා ගැනීමට අයිතියක් ලබා දී නැත. ඒ සඳහා හිමිකම ලැබෙන්නේ ද ඔහු චූදිතයකු වූ පසුව ය. එසේම ඔහුට එරෙහිව සාක්ෂිකරුවන් විසින් කර ඇති ප්‍රකාශ කියවා බැලීමට හෝ අවස්ථාව ලැබෙන්නේ චූදිතයකු වූ පසුව ය. එතෙක් ඒ කිසිදු ලේඛනයක් සඳහා ප්‍රවේශ වීමට හෝ සැකකරුවකුට අයිතියක් නැත. තමුන්ට ප්‍රවේශ වීමට අයිතියක් නැති කිසිදු ලේඛනයක්, ප්‍රසිද්ධ ලේඛනයක් වුවද සහතික පිටපත් ලබා ගැනීමට නොහැකි බව සාක්ෂි ආඥාපනතේ 76 වන වගන්තියේ දී පැහැදිලිව දක්වා තිබේ. එසේ ප්‍රතිපාදන සලසා ඇත්තේ විමර්ශන සඳහා බාධාවීම් සැකකරුගේ පාර්ශ්වයෙන් සිදුවිය හැකි වීමත්, සැකකරුට එරෙහිව ඇති සාක්ෂිවලට අගතියක් සිදුවිය හැකි වීමත් ආදී කරුණු හේතුවෙනි.
කෙසේවෙතත් සැකකරුවකුට කිසිදු අයිතිවාසිකමක් නැතැයි මෙයින් කියන්නේ නැත. ඔහුට ද යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් ඇත. නමුත් ඒ අයිතිවාසිකම් කිසිවකට බී වාර්තාවේ සහතික පිටපතක් ලබා ගැනීමට ඇති අයිතියක් ඇතුළත් වන්නේ නැත.
මහේස්ත්‍රාත් අධිකරණයක බී වාර්තාවක පිටපතක් ලබා ගැනීමට සැකකරුවකුට ඇති අයිතිය.
සැකකරුවකුට තමුන් සම්බන්ධයෙන් වන බී වාර්තාවක පිටපතක් ලබා ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමේ දී පෙනී යන ප්‍රධාන කාරණාව වන්නේ ඒ සඳහා ප්‍රකාශිත ප්‍රතිපාදනයක් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ නොමැති බවයි. මෙනිසා බොහෝ අවස්ථාවලදී අදාළ බී වාර්තාව ‘ප්‍රසිද්ධ ලේඛනය’ ක් යැයි සලකා එහි පිටපතක් ලබා ගැනීමට කටයුතු කරනවා දැකුමට ලැබේ.
යම් ලේඛනයක් ප්‍රසිද්ධ ලේඛනයක් ද යන්න සැලකීමේ දී වඩාත් වැදගත් වන්නේ සාක්ෂි ආඥාපනතේ 74 වගන්තියයි. එම වගන්තිය පහත පරිදි වේ.
The following documents are public documents:-
(a) documents forming the acts, or records of the acts-
(i) of the Sovereign authority;
(ii) of official bodies and tribunals; and
(iii) of public officers, legislative, judicial, and executive, whether of Sri Lanka or of a foreign country.
(b) public records, kept in Sri Lanka, of private documents;
(c) plans, surveys, or maps purporting to be signed by the Surveyor-General or officer acting on his behalf.
මේ වගන්තිය අනුව අධිකරණයේ වාර්තාවක් ද ප්‍රසිද්ධ ලේඛනයක් වෙයි (ඉහත a(iii) අනුව).
එවැනි ප්‍රසිද්ධ ලේඛනයක සහතික පිටපතක් ලබා ගැනීම සම්බන්ධයෙන් වන විට සාක්ෂි ආඥාපනතේ 76 වගන්තිය වැදගත් වේ. එය පහත පරිදි ය.
Every public officer having the custody of a public document, which any person has a right to inspect, shall give that person on demand a copy of it on payment of the legal fees therefore, together with a certificate written at the foot of such copy that it is a true copy of such document or part thereof, as the case may be, and such certificate shall be dated and subscribed by such officer with his name and his official title, and shall be sealed, whenever such officer is authorized by law to make use of a seal, and such copies so certified shall be called certified copies.
මේ අනුව සෑම ප්‍රසිද්ධ ලේඛනයක ම සහතික පිටපතක් ගාස්තුව ගෙවා ලබා ගැනීමට පුද්ගලයකුට හැකියාව නැති අතර ලබා ගත හැක්කේ පරීක්ෂා කිරීමට හිමිකම ඇති ලේඛනයක පිටපතක් පමණි. ඒ බව which any person has a right to inspect යන කොටසෙන් පැහැදිලි වේ. මෙනිසා බී වාර්තාවක පිටපතක් ලබා ගැනීමට සැකකරුවකුට අවශ්‍ය වේ නම් අදාළ වාර්තාව පරීක්ෂා කිරීම සඳහා තමුන්ට අයිතියක් තිබිය යුතු බව පළමුවෙන්ම වටහා ගත යුතුව ඇත. පෙර සඳහන් කළ ආකාරයට බී වාර්තාවක පිටපතක් නිකුත් කිරීම සඳහා හෝ බී වාර්තාවක් පරීක්ෂා කිරීමට ඉඩ ලබා දීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයක් ද නැත.
කෙසේවෙතත් චූදිතයකු සම්බන්ධයෙන් වන විට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 442 වන වගන්තියේ ප්‍රතිපාදන සහතික පිටපත් සම්බන්ධයෙන් වැදගත් ය. එහි දැක්වෙන්නේ අපරාධ අධිකරණයක නඩු තීන්දුවකින් හො අවසන් ආඥාවකින් බලපෑමට ලක්ව ඇති යම් තැනැත්තකු විසින් එම නඩු තීන්දුවේ/අවසාන ආඥාවේ හෝ යම් දිව්රුම් සාක්ෂියක හෝ එම නඩු වාර්තාවේ වෙනත් කොටසක පිටපතක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිටපත ලබා ගැනීමට ඇති හැකියාව වේ. මෙම වගන්තිය පැහැදිලිව ම සැකකරුවකු සම්බන්ධයෙන් අදාළ කර ගත නොහැක.
එසේම අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 443 වගන්තියේ ප්‍රතිපාදන ද සැකකරුවකුට අදාළ නොවන අතර එය ද අදාළ වන්නේ චූදිතයකුට ය. 444 වගන්තිය ද එසේමැයි.
සාක්ෂි ආඥාපනතේ 125 වන වගන්තිය ද මෙහිදී අවධානයට ගත යුතු වේ. එය පහත පරිදි ය.
No Magistrate or Police Officer shall be compelled to say whence he got the information as to the commission of any offence, and no revenue officer shall be compelled to say whence he got any information as to the commission of any offence against the public revenue or the excise laws.
බොහෝවිට බී වාර්තාවක ඇතුළත් වන්නේ මේ වගන්තිය තුළට අන්තර්ගත වන කරුණු වේ. ඒ බව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 115(1) වගන්තිය කියවන විට පැහැදිලි කර ගත හැක. ඔබ බී වාර්තාවක් දැක ඇත්නම් එය ඔබට ම වැටහෙනු ඇත. මේ නිසා ඩයස් විනිසුරුතුමා විසින් ජයසිංහ එ. නීතිපති (50 න.නී.වා.202) නඩු තීන්දුවේ දී මෙසේ දක්වා තිබේ.
“I am of the view that when a report under section 126A (1) contains a summary of the statements recorded in the course of a Chapter XII enquiry, this summary must not be inspected by or made available to the suspect, the accused, or their legal advisers; for the summary of the statements referred to under section 126A (1) refers to statements recorded in the course of a Chapter XII enquiry. I am further of opinion that the summary of the statements referred to in section 126A (1) must not be incorporated in the report and should under no circumstances be stitched into or appended or annexed to the Court record. Under no circumstances should certified copies of this summary be supplied under section 434 of the Criminal Procedure Code. I have been informed that it is the practice in most Magistrates' Courts to file such statements in the record and to furnish copies of them to the defence. In my opinion, this is not only irregular but illegal as such a practice contravenes the provisions of the Criminal Procedure Code. Police officers should record the summary of the statements referred to in section 126A on a separate sheet of paper, and this together with the report should be forwarded to the Magistrate under confidential cover and should be in the Magistrate's personal custody or in his safe or in some place where neither his staff nor anyone else can have access thereto. I note that the proceedings in the present case have already been numbered 1035 as a record of the case. It is a question meriting administrative attention as to whether a Magistrate's Court case should be numbered as a record until proceedings have been initiated under section 148 of the Criminal Procedure Code.”
සැකකරුවකුට, බී වාර්තාවක් ප්‍රසිද්ධ ලේඛනයක් ලෙසින් සලකා සහතික පිටපතක් ලබා ගැනීමට නම් ඒ සඳහා පරීක්ෂා කිරීමේ හිමිකම පැවතිය යුතු බව ඉහතින් සාක්ෂි ආඥාපනතේ 76 වගන්තිය සමග දක්වන්නට යෙදුනි. අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ බී වාර්තාවක් පරීක්ෂා කිරීම සඳහා සැකකරුවකුට හිමිකම සලකන ප්‍රතිපාදනයක් නැත. නමුත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පරීක්ෂා කර බැලීමට හිමිකම ලබා දී ඇත.
මෙවැනි විටක තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ විධාන අනුව බී වාර්තාවේ පිටපතක් සැකකරුවකුට ලබා ගත හැකි යැයි කියන පාර්ශ්වයක් ද සිටී. ඒ පිළිබඳව ද සලකා බැලීම වටී. මෙහිදී බී වාර්ථාව යනු කුමක්ද යන්න පළමුව හඳුනා ගත යුතු ය. බී වාර්තාව යනු සරලවම ගත් විට අපරාධයක් හෝ වරදක් පිළිබඳව සැකපිට පොලිස් විමර්ශනය සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරන ලියවිල්ලයි. අත්අඩංගුවට ගත් සැකකරුට අදාළ විමර්ශනය දවසක් තුළ අවසන්ව ඇත්නම් බී වාර්තාවක් මත සැකකරු ඉදිරිපත් කරන්නේ නැත. මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධාන තිබේ.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ 5(1)(ඌ)(i) වගන්තියේ දී දැක්වෙන්නේ යම් අපරාධයක් වැළැක්වීම හෝ ඒ පිළිබඳව සොයා ගැනීම හෝ වරදකරුවන් අල්ලා ගැනීම හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් ‘බලවත් අගතියක්’ වන අවස්ථාවක පනත යටතේ ඒ තොරතුරුවලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි බවයි. මේ කියන්නේ බී වාර්තා පිළිබඳව වන අවදිය වේ. මෙහි දැක්වෙන බලවත් අගතිය පිළිබඳව සලකා බලන්නට වන්නේ ඒ ඒ සිද්ධිමය කරුණු අනුව ය. බී වාර්තාව සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ විධාන අදාළ වන්නේ ද ඒ අනුව ය.
මෙවැනි තත්ත්වයන් සැකකරුවකුට අදාළව බී වාර්තාවක සහතික පිටපතක් ලබා ගැනීමේ දී අදාළ වන බව සඳහන් කළ හැක. ඒ අනුව ම සැකකරුවකුට එරෙහි බී වාර්තාවක සහතික පිටපතක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව අවබෝධ කර ගත හැකි බව අපගේ විශ්වාසයයි.
Comments
Post a Comment