Posts

බෙදුම් පනතේ 66(2) වගන්තියේ අතුරු විධානය සහ දේපල පැවරීම - අළුත් නඩුවකට පාර කැපීමක් ද?

Image
බෙදුම් පනතේ 66(2) වගන්තියේ අතුරු විධානය සහ දේපල පැවරීම  බෙදුම් නීතිය යටතේ නඩුවක් විභාග වෙද්දී, ඒ නඩුවේ තීන්දුවට යටත් කරලා ඉඩම් ලියන එක සාමාන් ‍ යයෙන් සිද්ධ වෙන දෙයක්. අතීතයේ ඉඳන් මේක වෙන දෙයක්. අපි බැලුවොත් Sirisoma Et Al. v. Sarnelis Appuhamy Et Al. - (1950) 51 NLR 337 නඩු තීන්දුවෙදි මෙහෙම තීරණය කරනවා.    Section 17 of the Partition Ordinance does not prohibit the alienation or hypothecation, pending partition proceedings, of an interest to which a co-owner may ultimately become entitled by virtue of the decree in the pending action.   Where an instrument is executed, pending partition proceedings, in respect of an interest to which the grantor may ultimately become entitled upon the decree, the question whether it should be construed as an actual alienation or hypothecation of such contingent interest or merely as an agreement to alienate or hypothecate such interest (if and when acquired) must be decided in accordance with the ordinary rules gove...

බුක්තිය රැකගමු.

  බුක්තිය රැකගමු . 66 නඩුවලදි අයිතිය ගැන සාකච්ඡා කරන්නේ නෑ. ඒ නඩුවල කථා කරන්නේ බුක්තිය ගැන විතරයි. එතකොට සමහර වේලාවට කෙනෙක්ව ඒ නඩුවෙ ආඥාව ප්‍රකාරව ඉඩමකින් බුක්තියෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ගෙ බුක්තිය සනාථ කරන්න පුළුවන්. හැබැයි මේ ආඥාව තාවකාලිකයි. එතකොට අදාළ පාර්ශ්වයන්ට සිදුවෙනවා ස්ථිරසාර විසඳුමකට යන්න. එ‍හෙම බැලුවම 66 නඩුව කියන්නේ පැලැස්තර දැමිල්ලක් වගේ දෙයක්. ඉතින් අපි දන්නවා සමහර තුවාල පැලැස්තරයෙන් හොඳ වෙනවා. සමහර විට ඉතින් තිබුනට වඩා සංකිර්ණ වෙනවා. මේ වගේ වේලාවක 66 නඩුවට අමතරව බුක්තිය තහවුරු කරගන්න තියෙන තවත් නඩුවක් තමයි “බුක්තික නඩුකරය” කියන්නේ.   මේ ගැන ඕනෑ තරම් දෙවල් නීති වෘත්තිකයන් දන්න නිසා කෙටියෙන් හැඳින්විමක් තමයි අපි කරන්නේ. නීතියෙන් පිළිඅරන් තියෙන පූර්ව නිගමනයන් තමයි යම් දෙයක හිමිකම් කෙනෙකුට තියෙන කොට ඒ දේට බුක්තියක් එම කෙනාට ම තියෙනවා කියලා. වැඩේ තියෙන්නෙ එහෙම තිබුනට සමහර දේවලට අයිතිකාරයා නොවන අයත් බුක්තිය පෙන්වනවා. ඒකනෙ 66 නඩු එහෙම සමහර වෙලාවට එන්නෙ. ඉතින් හිතන්න කවුරුහරි කෙනෙක් ඉඩමකට අයිතිය තියාගෙන ඉද්දි තවත් කෙනෙක් ඒ කෙනාව ඒ ඉඩමෙන් බලහත්...

Criminal Law, e Hand Book

 අපි ටිකක් ඇඟ බැඳීම ගැන කථා කරමු .     ප්‍ර: -   දැන් සාමාන්‍ය භාවිතාවේදී මිනිස්සු කියනවා ‘උසාවියෙන් ඇඟ බදිනවා’ කියලා. මේ කියන්නේ මොකක් ගැනද? උ :-   කෙටියෙන් කියනවා නම් ඔය කින්නේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ vii වන පරිච්ඡේදය යටතේ කරන ආඥා ගැන. ඔතන ආඥා කීපයක්ම තියෙනවා.   නමුත් අපි හිතන්නේ ඔය කියන්නේ 81 වගන්තිය යටතේ තියෙන ‘සාමය ආරක්ෂා කිරීම සදහා වූ ඇපය’ ගැන කියලා. ප්‍ර:- මොන අධිකරණයෙන්ද ඔය කියපු සාමය ආරක්ෂා කිරීමේ ඇපය නියම කරන්නෙ? උ:- 81 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයට තමයි මේ බලය තියෙන්නෙ.    ඒ කියන්නෙ තව විස්තර කරනවා නම්, බැඳුම්කරයට ඇතුල් කරන්න ඕනා පුද්ගලයා ඉන්න ප්‍රදේශයේ මහේස්ත්‍රාත්   අධිකරණයට තමයි මේ බලය තියෙන්නේ. ප්‍ර:- කාවද මේ වගේ බැදුම්කරයකට ඇතුළු කරන්න පුළුවන්? උ:- 81 වගන්තිය අනුව නම් පුද්ගලයින් කොට්ඨාශ කීපයකටම මේ බැදුම්කරයට ඇතුල් කරන්න පුළුවන්.   ඒ අය තමයි. 1.          මහේස්ත්‍රාත් අධිකරණයක බල සීමාවේදී සාමය කඩ කරනු ලැබීමට හෝ සාමය කඩ වීමක් සිදුවිය හැකි යම් වැරදි ක්...