Conditional order made by the Administrative Appeals Tribunal Get link Facebook X Pinterest Email Other Apps - June 21, 2019 Administrative Law - Administrative Appeals Tribunal - conditional order made by the Tribunal - does the writ lie to quash that order? Get link Facebook X Pinterest Email Other Apps Comments
“66 නඩුකර” - February 13, 2016 zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්... Read more
1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත - විභාග දිනය - අපරාධ නඩු - August 18, 2025 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත තවමත් නීතියේ දී වැදගත් වන පනතකි. විශේෂයෙන් ම අපරාධ අධිකරණයන්හි නඩු කටයුතුවල යෙදෙන අයවලුන්ට වීඩියෝ/ඔ්ඩියෝ සාක්ෂි මෙහෙයවීමේ දී මේ පනත වැදගත් වේ. මේ පනතේ 7 වන වගන්තිය නඩු තීන්දු කීපයකදී ම අර්ථ නිරූපනයට ලක්ව ඇත. එහි දැක්වෙන්නේ පනත යටතේ සාක්ෂියක් මෙහෙය වීමට බලාපොරොත්තු වන පාර්ශ්වයක් විසින් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියේ කොටසකි. ඒ අනුව 7(1)(අ) වන වගන්තියෙන් දක්වන්නේ එවැනි සාක්ෂියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පාර්ශ්වය විසින් පරීක්ෂණය හෝ නඩු විභාගය පැවැත්වීමට නියමිත දිනයට දින 45 කට පෙර අදාළ පියවර ගත යුතු බවයි. මේ 7(1)(අ) වගන්තියේ දැක්වෙන ‘පරීක්ෂණය හෝ නඩු විභාගය පැවැත්වීමට නියම කර ඇති දිනට දින හතළිස් පහකට පෙර’ යන පාඨය අර්ථ දැක්වීමේ දී අභියාචනා අධිකරණයේ නඩු තීන්දු මත දෙකක සිටින බව පෙනේ. එයින් එක් මතයක් වන්නේ මේ කියන්නා වූ දිනය, නඩුවේ පළමු විභාග දිනයට පෙර දින 45 ක් විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් වන විට CA /COC /0005/2017 decided on 23.11.2021 නියෝගය වැදගත් වේ. අනෙක් මතය වන්නේ මේ කියන්නා වූ දිනය පළමු විභාග දිනය නොව ඔ්නෑම විභාග දිනයකට පෙර විය... Read more
නීතීඥ නොතාරිස්වරුන්ට ‘සමහරක් විට’ වැදගත් විය හැකි කරුණක්. - July 08, 2025 නීතීඥ ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා විසින් මෑතකදී නොතාරිස් ආඥාපනතේ සිංහල පරිවර්තනයක් සංග්‍රහ කරන්නට යෙදුනි. ඒ කෘතිය කියවා ගෙන යද්දී දක්නට ලැබුන කරුණක් අරඹයා මේ කෙටි ලිපිය සැකසුවෙමි. නොතාරිස් ආඥාපනතේ 31 වන වගන්තිය තුළ ඔප්පු ලිවීමේ දී නොතාරිස්වරු පිළිපැදිය යුතු රීතීන් දක්වා ඇත. ඒ අනුව එහි 6 වන රීතියේ දී කියන්නේ නියමිත මුද්දර ගාස්තු ලබා දී ඇති බවට සහතික වශයෙන් දන්නේ නම් මිස, ඔහු විසින් යම් සාධන පත්‍රයක් සත්‍යාපනය කිරීම හෝ සහතික කිරීම නොකළ යුතු බවයි. මේ රීතිය කඩ කරන, පැහැර හරින, නොසලකා හරින නොතාරිස්වරයකු අපරාධ වරදක් කරන අතර ආඥාපනතේ 34 (1)(ආ) වගන්තිය අනුව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩුව දී වරදකරු වුවහොත් රු.20,000/- ක් නොඉක්මවන දඩයකට යටත් විය යුතු ය. නියමිත මුද්දර ගාස්තුව සම්බන්ධයෙන් වන විට ඔප්පුවේ ප්‍රතිෂ්ඨාව දැන ගැනීම ද වැදගත් කරුණකි. ඒ අනුව නොතාරිස් ආඥාපනතේ 38 වගන්තියේ දී දැක්වෙන්නේ යම් ඔප්පුවක් ලියවා අත්සන් කිරීම සඳහා වූ නියම සහ සම්පූර්ණ ප්‍රතිෂ්ඨාව නිශ්චය වශයෙන් දැන ගැනීමට උත්සාහ කිරීම ද ඒ ඔප්පුවේ එය ඇතුළත් කර දැක්වීම ද සෑම නොතාරිස්වරයකුගේ ම යුතුකම වන බවයි. දැන... Read more
Comments
Post a Comment