ඉඩම් නඩු පිළිබඳ කෙටි හැඳින්වීමක් . ශ්‍රී ලංකාවේ දිසා අධිකරණවල ගොනු කෙරෙන නඩු වලින් සැලකිය යුතු කොටසක් ගොනු වන්නේ ඉඩම් නඩු ලෙසිනි. බෙදුම් නඩුත් ඉඩම් හා සම්බන්ධ නඩු වුවත් එය ‘ඉඩම්‘ නඩු යන වර්ගීකරණය යටතේ ගොනු වන්නේ නැත. එය ‘පී‘ කාණ්ඩය යටතේ ගොනු වෙයි. ත්‍යාග ඔප්පු අවලංගු කිරීමේ නඩුත් සමහර අවස්ථාවලදී ‘එල්‘ කාණ්ඩය යටතේ ගොනු කර ඇති අවස්ථා වෙයි. නමුත් එය ඉඩමක් හා බැඳුනක් නොවේ. ඉඩම් නඩු අතර ප්‍රධාන වශයෙන් ම හමු වන්නේ රේ වින්ඩිකාෂියෝ නඩු, අයිතිය තහවුරු කර ගැනීමේ නඩු, මායිම් නිරාකරණය කර ගැනීමේ නඩු සහ බුක්තික නඩුකර ය. මේ නඩුකර ගැන නීතීඥවරුන්ට පුළුල් අවබෝධයක් පවතී. කෙසේවෙතත් මේ කෙටි ලිපියේ දී මෙකී නඩුකර වර්ග ගැන කෙටි හැඳින්වීමක් කිරීමට මා අදහස් කළෙමි. රේ වින්ඩිකාෂියෝ නඩුකර රේ වින්ඩිකාෂියෝ නඩුකර රෝම ලන්දේසි නීතියෙන් අපට ලැබී ඇති දායාදයකි. මෙම නඩුව පවරනු ලැබෙන්නේ කෙනකුට අයිති ඉඩමක කොටසක් හෝ ඉඩම වෙනත් පුද්ගලයකු විසින් අල්ලා ගෙන, එම කොටස හෝ ඉඩම සඳහා එම පුද්ගලයා විසින් අයිතිවාසිකම් කියනා විටදී ය. මෙවන් නඩුවක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ඒ 1. ...
Comments
Post a Comment