Posts

විජේපාල එ. නීතිපති - (2001) 1 Sri LR 46 මහේස්ත්‍රාත් අධිකරණයේදී භාවිතා කල හැකි සීමා තිබේ ද?

විජේපාල   එ. නීතිපති - (2001) 1 Sri LR 46 මහේස්ත්‍රාත් අධිකරණයේදී භාවිතා කල හැකි සීමා තිබේ ද? එදිනෙදා අධිකරණයේ කටයුතු කිරීමේදී නිතර ඇසෙන නඩු තීන්දු කීපය අතුරින් එකක් ලෙස විජේපාල එ. නීතිපති - (2001) 1 Sri LR 46   නඩු තීන්දුව හැඳින්විය හැක. මේ නඩු තීන්දුව ආශ්‍රය කර ගනිමින් පොලීසිය සතුව ඇති සටහන් චූදිත වෙනුවෙන් ඉල්ලා සිටින අවස්ථා දක්නට ලැබේ. මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙහි භාවිතාව පිළිබඳව අදහසක් සටහන් කිරීම යහපත් බව පෙනේ. විජේපාල නඩුවේ ප්‍රධාන නඩු තීන්දුව ඉස්මයිල් විනිසුරුතුමා විසින් ප්‍රකාශ කරන ලදි. ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් ද එම තීන්දුවට එකඟ වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවට අදාළව කරුණු දැක්වීමක් මේ තීන්දුවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුනි. එතුමා විසින් නඩු විභාගයේ දී සාක්ෂි දී ඇති සාක්ෂිකරුවකුගේ මුල් පැමිණිලි දෙකක් පිළිබදව හා ඒ මුල් පැමිණිලි චූදිතට ඉදිරිපත් නොකිරීම ගැන නිරීක්ෂණය කර ඇත. එම නිරීක්ෂණය ආපසු මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවන්නේ සියළු දෙනා එය ඉතා හොඳින් දන්නා නිසාවෙනි. සාරාංශයක් ලෙස ගත්විට එහි දී කර ඇති නිරීක්ෂණ වන්නේ, සාක්ෂිකරු විසින් රාත්‍ර...

චෙක්පත් සහ ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 25(1)(අ) වගන්තිය

  මහේස්ත් ‍ රාත් අධිකරණය ඉදිරියේ පවතින බොහෝ මුදල් සම්බන්ධ ගණුදෙනුවලට අදාළ නඩු ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 25(1)(අ) වගන්තිය ද පදනම් කර ගෙන පවතී. මේ හා බැඳෙන අනෙකුත් සාමාන් ‍ ය චෝදනා දෙක වන්නේ දණ්ඩ නීති සංග් ‍ රහයේ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ සහ සාවද් ‍ ය පරිහරණය කිරීමේ වරද වේ. මෙකී වැරදි පිළිබඳව පෙර දී හැඳින්වීමක් කරන ලදි. මේ 25(1)(අ) වගන්තිය ගැනද ඉහත අවස්ථාවලදී සාකච්ඡා කර ඇත. කෙසේවෙතත් නැවතත් ඒ ගැන ම සාකච්ඡා කිරීමට සිතුවෙමි.   වගන්තියේ දැක්වෙන්නේ ‘ අරමුදල් නොමැතිවීම නිසා බැංකුවක් විසින් අගරු කරන චෙක්පත් දැනුවත්ව ලියන ‘ අයකු වරදක් කරන බවයි. මේ සම්බන්ධයෙන් වන නඩු විභාගයකදී වැරදිකරු වුවහොත් ලැබෙන දඬුවම වගන්තියේ විස්තර කර තිබේ.   වර්තමානයේ වාණිජ ගණුදෙනු වෙනදාට වඩා වැඩි වී තිබේ. මෙනිසා චෙක්පත් සංසරණය වීම ද වැඩිය. සමහර අවස්ථාවලදී වංචාකරුවන් විසින් ඒ චෙක්පත් වංචනික කර්තව් ‍ යයන් සඳහාම යොදා ගනු ලබන අතර සමහරක් අවස්ථාවලදී සත් ‍ ය ලෙසම ව් ‍ යාපාර කටයුතු අඩාල වීම නිසා චෙක්පත් අගරු වීම් ද සිදු වේ. එසේම තවත් අවස්ථාවලදී ව් ‍ යාපාර පවත්වාගෙන යාම සඳහා විශ්වාසය තහවුරු ක...

සාවද්‍ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම

සාවද් ‍ ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම ශ් ‍ රී ලංකාවේ මහේස්ත් ‍ රාත් අධිකරණයන්හි පවතින නඩු අතර සෑහන ප් ‍ රමාණයක් සාවද් ‍ ය පරිහරණය සහ සාපරාධී විශ්වාස කඩ කිරීමේ වරද යන වැරදි මුල් කර ගත් නඩු වේ. දැන් දැන් මේ වැරදි වලට අමතරව ණය ආපසු අය කර ගැනීමේ පනතේ 25(1) වගන්තිය ද ඇතුළත් වන පැමිණිලි දැක ගත හැක. කෙසේවෙතත් සාවද් ‍ ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වැරදි ඔප්පු වන අවස්ථා දැක ගත හැක්කේ අඩු ප් ‍ රමාණයකිනි. වරද ඔප්පු කර ගැනීමට නොහැකි වීම ඊට ප් ‍ රධානම හේතුව වේ.   දණ්ඩ නීති සංග් ‍ රහයේ 386 වගන්තියේ දී සාවද් ‍ ය පරිහරණය සම්බන්ධයෙන් වන ප් ‍ රධාන වරද දක්වා තිබේ. ඒ පහත ලෙසිනි.   Whoever dishonestly misappropriates or converts to his own use any movable property shall be punished with imprisonment of either description for a term which may extend to two years, or with fine, or with both   මේ වගන්තියට අනුව වරදේ අංග කීපයකි. ප් ‍ රධාන වශයෙන් ම වරද මානසික අංගයකින් සහ භෞතික අංගයකින් සමන්විත වේ. භෞතික අංගය තුළින් ක් ‍ රියාව විස්තර කරන අතර මානසික අංගය තුළින් වරද කිරීම සඳහ...

කේවියට් එකක් දාමු ද?

ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ හඳුන්වලා දෙන තවත් එක් ලියවිල්ලක් තමයි ‘කේවියට්‘ කියන්නේ. ආඥාපනතේ 32 වගන්තිය මේ කේවියට් පත්‍රයක් ලියාපදිංචි කිරිම ගැන විස්තර දක්වලා තියෙනවා. හැබැයි ආඥාපනතෙදි මොකක් ද කේවියට් එකක් කියන්නෙ කියලා විස්තර කරලා නෑ. කේවියට් කියන වචනයත් බොහොමයක් වචන වගේ ලතින් භාෂාවෙන් තමයි භාවිතාවට පැමිණෙන්නෙ. මේකෙ ඉංග්‍රීසි අර්ථය විදියට මේරියම් වෙබ්ස්ටර් ඩික්ෂනරියෙදි සඳහන් කරලා තියෙන්නෙ‘let him beware‘ විදියට. ගූගල් කලාමත් ඕක දැන ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විනිශ්චිත නඩු තීන්දුවලදිත් මේ කේවියට් කියන වචනයේ අර්ථය පෙන්වලා දෙනවා මට හම්බවෙලා නෑ. ඒ කොහොම වුනත් ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 32(1) වගන්තිය සැලකිල්ලට ගත්තම අපිට පුළුවන් ඇයි අපි කේවියට් එකක් ලියාපදිංචි කරන්නෙ කියලා දැන ගන්න. ඒ වගන්තිය මෙහෙමයි. Any person (in this Ordinance called a "caveator") may present for registration a caveat in the prescribed form requiring to be served with notice of the presentation for registration of any instrument affecting the land described in the caveat. සරලව ගත්තම මේ කියන්නේ කේවියට් ...

2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත

Image
 2005 අංක 30 දරන වෛශ්‍යා  වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී එතරම් අවධානයට ලක් නොවන පනතක් ලෙසින් 2005 අංක 30 දරන වෛශ්‍යා   වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත හැඳින්විය හැක. පූර්විකාව අනුව මේ පනත පැනවීම සඳහා 2002.01.05 දින ශ්‍රී ලංකාව අත්සන් තැබූ මීට අදාළ සාක් සම්මුතිය හේතු පාදක වී තිබේ. පනත ක්‍රියාත්මක වීම සඳහා ඇමතිවරයා දිනයක් ගැසට් කළ යුතු බවට වන විධානය 1 වන වගන්තියේ දැක් වේ. පනතේ 2 (1) වගන්තියෙන් වැරදි කීපයක් දක්වා ඇත. පහතින් එම වගන්තිය ඔබගේ අවධානය සඳහා ලක් කරමි. පනතේ 2(3) වගන්තියෙන් ඒ සඳහා වන දඬුවම් දක්වා තිබේ. එය ඉහතින් දක්වා තිබේ. දඩයේ ප්‍රමාණය මෙහිදී දක්වා නැත. අමතරව වින්දිතයාට වන්දි ගෙවීම සඳහා ප්‍රතිපාදන ද මෙහි ඇතුළත් වේ. නමුත් වන්දියේ ප්‍රමාණය ද දක්වා නැත. පනතේ 3(1) වගන්තියට අනුව   බස්නාහිර පළාත සඳහා කොළඹ දී පිහිටුවනු ලැබ ඇති මහාධිකරණයේ හෝ කොළඹ මහාධිකරණයේ මීට අදාළ නඩු විභාග කෙරේ. එසේම ...