Posts

විසඳිය යුතු ප්‍රශ්න මොකට ද?

  විසඳිය යුතු ප්‍රශ්න මොකට ද? මේ ලිපිය සකසනු ලැබුවේ සිවිල් අධිකරණ කටයුතු කරන නීතිඥවරුන් නීතිඥවරියන් අරමුණු කරගනිමිනි. මෙහි ඇති කරුණු එලෙස ම පිළිගැනීමේ වගකීමක් නැත. හුදෙක් අධ්‍යයනය සඳහා පමණි.           පූර්ව නඩු විභාගය ඇරඹෙන්නේ විසඳිය යුතු ප්‍රශ්න නිර්ණය කරගනිමින් බව ඔබ දන්නා කරුණකි. ඒ සඳහා නඩුවේ පැමිණිල්ල හා විත්තිය විසින් ලිඛිතව විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කරයි. ඒ විසඳිය යුතු ප්‍රශ්න මත නඩුවේ විභාගය සිදුවේ. එනම් සාක්ෂි මෙහෙයවීම සිදුවේ. පූර්ව නඩු විභාගයට අනුව විසඳිය යුතු ප්‍රශ්න නිර්ණය කිරීමේ දී 142 අ වගන්තිය යටතේ ලිඛිතව ඉදිරිපත් කර ඇති යෝජිත පිළිගැනීම් හා විසඳිය යුතු ප්‍රශ්න, විචාරණ, උත්තරවාද හා යම් ගිවිසුමක් සැලකිල්ලට ගනු ලැබිය හැක. වර්තමානයේ දී නීතිය පිළිබඳව වූ විසඳිය යුතු ප්‍රශ්න පළමුව විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැත්තේ එම වගන්තිය තවදුරටත් සිවිල් නඩු විධාන නීතියේ නොමැති නිසාවෙනි.           විසඳිය යුතු ප්‍රශ්න මතු කල පසු උත්තරවාද ගැන කථා කිරීම අවශ්‍ය නොවේ. නඩුවේ සාක්ෂි මෙහෙයවිය හැක්...

ආහාර පනත යටතේ වන විත්ති වාචක

Image
  ආහාර පනත යටතේ වන විත්ති වාචක ශ්‍රී ලංකා නීතිය තුල ඇති කුඩා නමුත් විශේෂ නීතියක් ලෙස ආහාර පනත සැලකිය හැක.   ආහාර පනත යටතේ   යම් යම් අවස්ථා වලදී චූදිතයකුට ලබා ගත හැකි විත්ති වාචක දක්වා තිබේ. ඒ සඳහා 22 වගන්තිය සැලකිය යුතුය. ඒ අනුව 22 (1)(අ) වගන්තිය මගින් විත්ති වාචක 3 ක් හඳුන්වා දෙයි. 1 - චූදිත විසින් පනතේ 6 වගන්තියේ දැක්වෙන ආකාරයට ආහාරය සම්බන්ධව ලිඛිත ප්‍රතිඥාභාරයක් ලබාදුන් අයකුගෙන් මිලට ගත් බව හා මිලට ගත් අවස්ථාවේ පැවති තත්ත්වයේම ආහාරය විකුණූ බව. මෙම විත්ති වාචකය ඔප්පු කිරීමේ භාරය ඇත්තේ විත්තිකරුටය.   කරුණු 2 ක් ඔප්පු කිරීම ප්‍රමාණවත් වේ. එසේ ආහාර ලබා ගත් අවස්ථාවේදී පනතේ 6 වගන්තිය ප්‍රකාරව ප්‍රතිඥා භාරයක් ලබා ගත් බව හා අදාළ ආහාරය ලබා ගත් ලෙසටම විකුණූ බව වේ. ප්‍රායෝගිකව වෙළඳුන් මෙවැනි ප්‍රතිඥාභාර ලබා ගැනීමක් තියා ප්‍රතිඥාභාරයක් කියන්නේ කුමක් ද කියාවත් දන්නේ නැත. එවැනි විටක මේ විත්තිවාචකය යොදා ගැනීම යෙදෙන්නේ අල්ප වශයෙනි. නමුත් ආහාරය ගුණාත්මකව පාරිභෝගිකයාට ලබා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර ලැබීමට ඇති හැකියාව අනිවාර්ය ය. 2 -   ආහාරය විකිණීම, පනතේ ඒ යටතේ ස...

වරදකරුවන්ට නවාතැන්දීම

  වරදකරුවන්ට නවාතැන්දීම. අපරාධ නීතිය ශිෂ්ට සම්පන්න සමාජයක් පවත්වාගෙන යෑම සඳහා උපකාර වේ.   මිනිසුන් නීතිය අතට ගෙන කටයුතු කිරීම වැළැක්වීමද එහි එක් අරමුණකි.   මිනිසුන් එසේ කටයුතු කරන විට යහපාලනය පවත්වාගෙන යාම උගහටය.   මෙනිසා අන් අයට ද එසේ කටයුතු කිරීම සඳහා දෙවරක් සිතීම සැලැස්වීමට අපරාධ නීතියෙන් දඩුවම් ද හඳුන්වා දී තිබේ.   එපමණක් නොව අපරාධ නීතියේදී වැරදිකරුවන්ට නවාතැන් දීම ද වරදක් බවට පත්කර තිබේ.   අද අප සරලව විමසා බලන්නේ මේ ප්‍රතිපාදනයයි. දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය මීට අදාල වගන්තිය වේ.   ඒ අනුව යම් අයකු විසින්, ·         යම් වරදක් කරන ලද විටක , ·         ඒ වරද කල තැනැත්තා යැයි දන්නා වූ හෝ වරද කල තැනැත්තා යැයි විශ්වාස කිරීමට කරුණු ඇත්තා වූ තැනැත්තකුට, ·         ව රදට අදාළ නීත්‍යානුකූල දඬුවමින් ආවරණය කර ගැනීමේ අදහසින්, ·         නවාතැන් දෙන හෝ සඟවන හෝ උපකාර කරන හෝ නඩත්තු කරන්නේ නම්, වරදක් කර...

විජේපාල එ. නීතිපති - (2001) 1 Sri LR 46 මහේස්ත්‍රාත් අධිකරණයේදී භාවිතා කල හැකි සීමා තිබේ ද?

විජේපාල   එ. නීතිපති - (2001) 1 Sri LR 46 මහේස්ත්‍රාත් අධිකරණයේදී භාවිතා කල හැකි සීමා තිබේ ද? එදිනෙදා අධිකරණයේ කටයුතු කිරීමේදී නිතර ඇසෙන නඩු තීන්දු කීපය අතුරින් එකක් ලෙස විජේපාල එ. නීතිපති - (2001) 1 Sri LR 46   නඩු තීන්දුව හැඳින්විය හැක. මේ නඩු තීන්දුව ආශ්‍රය කර ගනිමින් පොලීසිය සතුව ඇති සටහන් චූදිත වෙනුවෙන් ඉල්ලා සිටින අවස්ථා දක්නට ලැබේ. මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙහි භාවිතාව පිළිබඳව අදහසක් සටහන් කිරීම යහපත් බව පෙනේ. විජේපාල නඩුවේ ප්‍රධාන නඩු තීන්දුව ඉස්මයිල් විනිසුරුතුමා විසින් ප්‍රකාශ කරන ලදි. ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් ද එම තීන්දුවට එකඟ වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවට අදාළව කරුණු දැක්වීමක් මේ තීන්දුවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුනි. එතුමා විසින් නඩු විභාගයේ දී සාක්ෂි දී ඇති සාක්ෂිකරුවකුගේ මුල් පැමිණිලි දෙකක් පිළිබදව හා ඒ මුල් පැමිණිලි චූදිතට ඉදිරිපත් නොකිරීම ගැන නිරීක්ෂණය කර ඇත. එම නිරීක්ෂණය ආපසු මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවන්නේ සියළු දෙනා එය ඉතා හොඳින් දන්නා නිසාවෙනි. සාරාංශයක් ලෙස ගත්විට එහි දී කර ඇති නිරීක්ෂණ වන්නේ, සාක්ෂිකරු විසින් රාත්‍ර...

චෙක්පත් සහ ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 25(1)(අ) වගන්තිය

  මහේස්ත් ‍ රාත් අධිකරණය ඉදිරියේ පවතින බොහෝ මුදල් සම්බන්ධ ගණුදෙනුවලට අදාළ නඩු ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 25(1)(අ) වගන්තිය ද පදනම් කර ගෙන පවතී. මේ හා බැඳෙන අනෙකුත් සාමාන් ‍ ය චෝදනා දෙක වන්නේ දණ්ඩ නීති සංග් ‍ රහයේ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ සහ සාවද් ‍ ය පරිහරණය කිරීමේ වරද වේ. මෙකී වැරදි පිළිබඳව පෙර දී හැඳින්වීමක් කරන ලදි. මේ 25(1)(අ) වගන්තිය ගැනද ඉහත අවස්ථාවලදී සාකච්ඡා කර ඇත. කෙසේවෙතත් නැවතත් ඒ ගැන ම සාකච්ඡා කිරීමට සිතුවෙමි.   වගන්තියේ දැක්වෙන්නේ ‘ අරමුදල් නොමැතිවීම නිසා බැංකුවක් විසින් අගරු කරන චෙක්පත් දැනුවත්ව ලියන ‘ අයකු වරදක් කරන බවයි. මේ සම්බන්ධයෙන් වන නඩු විභාගයකදී වැරදිකරු වුවහොත් ලැබෙන දඬුවම වගන්තියේ විස්තර කර තිබේ.   වර්තමානයේ වාණිජ ගණුදෙනු වෙනදාට වඩා වැඩි වී තිබේ. මෙනිසා චෙක්පත් සංසරණය වීම ද වැඩිය. සමහර අවස්ථාවලදී වංචාකරුවන් විසින් ඒ චෙක්පත් වංචනික කර්තව් ‍ යයන් සඳහාම යොදා ගනු ලබන අතර සමහරක් අවස්ථාවලදී සත් ‍ ය ලෙසම ව් ‍ යාපාර කටයුතු අඩාල වීම නිසා චෙක්පත් අගරු වීම් ද සිදු වේ. එසේම තවත් අවස්ථාවලදී ව් ‍ යාපාර පවත්වාගෙන යාම සඳහා විශ්වාසය තහවුරු ක...