Posts

නඩත්තු නඩුවකදී විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කිරීම

නඩත්තු නඩුවකදී විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කිරීම මෙම ලිපියේදී නඩත්තු නඩුවකට අදාළව විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කෙටියෙන් විමසීමට මා අදහස් කරමි. නඩත්තු පනතේ 5 වගන්තියට අනුව නඩත්තු ගෙවීම සඳහා පනතේ 2 වගන්තිය හෝ 11(1) වගන්තිය යටතේ ආඥාවක් ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය ඇත. මෙකී ආඥා දෙකෙන් කුමන ආඥාවක් හෝ ලබා දී ඇති අවස්ථාවක, එකී ආඥාවෙන් බලපෑමට ලක්ව ඇති තැනැත්තා ඒ ආඥාවට අනුව කටයුතු කිරීම නොසලකා හැර ඇති විටක, ඒ පැහැර හරින දීමනාව වෙනුවෙන් බන්ධනාගාර ගත කිරීමේ ආඥාවක් නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයාට බලය ඇත. කෙසේවෙතත් ඒ සඳහා පනතේ 10 වගන්තියේ විධාන අනුව කටයුතු කර තිබිය යුතු ය. පනතේ 10 වගන්තිය මෙහිදී සිහිපත් කළහොත් එහි දැක්වෙන්නේ අදාළ ඉල්ලීම ඉල්ලුම්කරු විසින් හෝ ඉල්ලුම්කරු වෙනුවෙන් අත්සන් කර ලියවිල්ලකින් සිදු කරනු ලැබිය යුතු බවයි. මේ හා බැඳුණු 11 වගන්තියේ දී දැක්වෙන්නේ එකී ඉල්ලීම දිව්රුම් පෙත්සමකින් සනාථ කරනු ලැබිය යුතු බවත්, එයින් මහේස්ත්‍රාත්වරයා සෑහීමට පත් වන්නේ නම් අදාළ ඉල්ලීම ප්‍රදානය නොකිරීමට හේතු දක්වන ලෙසින් එහි දැක්වෙන තැනැත්තාට දිව්රුම් ප්‍රකාශයේ පිටපතක් සමඟ ...

සැකකරුවකු විදෙස්ගත වීම හා මහේස්ත්‍රාත් අධිකරණය

සැකකරුවකු විදෙස්ගත වීම හා මහේස්ත්‍රාත් අධිකරණය යම් තැනැත්තකු ආකාර දෙකකට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය හැක . ඒ සැකකරුවකු ලෙසින් මෙන්ම චූදිතයෙකු ලෙසිනි . මේ දෙදෙනා එකිනෙකට වෙනස් නෛතික බලපෑම් දරණ අයවලුන් වෙති . නමුත් දෙදෙනාම එකම තැනැත්තෙක් වෙයි . වන්නේ තත්වය වෙනස් වීමයි . සමහරු සැකකරු වී චූදිතයෙකු බවට පෙරලේ . සමහරු සැකකරුව සිට එතැනින්ම අවසන්ව යයි . මේ කෙටි ලිපිය තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සැකකරුවකු විදෙස්ගත වීමට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයේදී වන තත්වය පිළිබඳවය . සැකකරුවෙකුට නීතිඥ සහය ලබාගැනීමට ඇති හැකියාව අධිකරණ සංවිධාන පනතේ 41 වන වගන්තිය යටතේ සඳහන්ව තිබේ . නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 260 වගන්තියේ විධාන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවෙන් ලැබෙන නීතිඥ සහාය ලබාගැනීමේ අයිතිය හෝ ICCPR පනතේ 4(1) වගන්තිය යටතේ නීතිඥ සහාය ලබැගැනීමට ඇති අයිතියට එම අයිතිය අන්තර්ගත වන්නේ නැත . එසේම සැකකරුවෙකුට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 144 වගන්තියේ විධාන අදාළ වන...

චූදිතයකුට එරෙහිව සාක්ෂි තැන්පත් කර තැබීම - කෙටි සටහන්.

Image
චූදිතයකුට එරෙහිව සාක්ෂි තැන්පත් කර තැබීම - කෙටි සටහන්.   අපරාධ නඩු විධාන නීතියෙන් ප්‍රතිපාදන සලසා ඇති නමුත් එතරම් භාවිතා නොවන තවත් ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් මෙම කෙටි සටහන තබමි. චූදිතයකු නොමැතිව නීතීඥවරයකු පෙනී සිටින අවස්ථාවේදී නඩු කටයුතු පැවැත්වීම ගැන ඉහතින් සටහන් තබා ඇත. එකී තත්ත්වය සඳහා නඩු විභාගයක් ආරම්භ කිරීමේ මුල් අදියර සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවය එහිදී සාකච්ඡා කොට තිබේ. එවැනි අවශ්‍යතා සපුරා නැති විටකදී සිදු කළ හැකි කාර්යයන් සම්බන්ධයෙන් ද ලංකාවේ අපරාධ නඩු විධාන නීතිය නිහඬ නැත. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේදී චූදිතයා නොමැතිව නඩු ඇසීමක් නොවන නමුත් චූදිතයාට එරෙහිව සාක්ෂි තැන්පත් කර තබන අවස්ථාවක් වෙයි. ඒ පිළිබඳව මෙහිදී සලකා බලමු. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 416 වගන්තිය අනුව, (අ)        චූදිතයා පැනගොස් සැඟ වී සිටින බව හා ඔහු සිරභාරයට ගැනීමේ නුදුරු බලාපොරොත්තුවක් නොමැති බව ඔප්පු කළහොත්, (ආ)       පැමිණිලි කරනු ලැබූ වරද සම්බන්ධයෙන් චූදිතයාට විරුද්ධව නඩු විභාග කිරීමට හෝ චූදිතයාගේ නඩු විභාගය ඉහල අධිකරණයට තැබීමට බලය ඇති...

සැකකරුවකු වෙනුවෙන් නීතීඥවරයකු පෙනී සිටීම - කෙටි සටහන්.

Image
සැකකරුවකු වෙනුවෙන් නීතීඥවරයකු පෙනී සිටීම - කෙටි සටහන්. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට අනුව සැකකරුවකු සහ චූදිතයකු යනු තැනැත්තන් දෙදෙනෙකි. ඒ බව මා විසින් මින් පෙර ලිපිවලදී සාකච්ඡා කර ඇති නිසා මෙහිදී නැවත සාකච්ඡා කරන්නේ නැත. කෙසේවෙතත් අවශ්‍යතාවය ඇත්තවුන් ඒ සඳහා CA (PHC)APN 28/2014 decided on 07.07.2014 නඩු තීන්දුව පරිශීලනය කරන්න. මේ කෙටි ලිපියෙන් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සැකකරුවකු වෙනුවෙන් නීතීඥවරයකුට පෙනී සිටීමට ඇති අයිතිය සම්බන්ධයෙනි. එය ආයතන දෙකක් මුල් කර ගනිමින් බෙදා වෙන් කර දක්වමි. ඒ මහේස්ත්‍රාත් අධිකරණය සහ පොලීසිය ලෙසිනි. මහාධිකරණය ඉදිරියේ සැකකරුවන් නොමැත. සැකකරු සම්බන්ධ වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට සහ පොලීසියට පමණි. සාමාන්‍යයෙන් සැකකරුවකු ප්‍රථමයෙන් ම සම්බන්ධ වන්නේ පොලීසියට ය. ඉන්පසුව ඔහු පොලීසිය මඟින් හෝ පොලීසියේ මෙහෙයවීමෙන් මහේස්ත්‍රාත් අධිකරණයට හෝ නැත්නම් සිතාසි පිට සෘජුවම මහේස්ත්‍රාත් අධිකරණයට හෝ ඉදිරිපත් වේ. මේ කුමන අවස්ථාවකදී වුවද සැකකරුවා සමඟ නීතීඥවරයකු පෙනී සිටිනවා ඔබ දැක ඇතුවාට සැක ඇත. මේ සඳහා නීතීඥවරයකුට බලය ලැබෙන්නේ කුමන නෛතික ප්‍රතිපාදනයකින් ද? අපරාධ නඩ...