Posts

මහේස්ත්‍රත් අධිකරණයේ දී alibi - කෙටි විමසුමක්

Image
  මහේස්ත්‍රත් අධිකරණයේ දී alibi - කෙටි විමසුමක් සාක්ෂි ආඥාපනතේ 11 වන වගන්තිය අනුව නොතැනියාවේ ( alibi ) විත්තිවාචකය තීන්දුවේ දී සලකා බැලීමට අධිකරණයට අවස්ථාව ලබා දෙයි. කෙසේවෙතත් නොතැනියාව යන්න භාවිතාවේ දී විත්තිවාචකයක් ලෙසින් සලකුව ද දණ්ඩ නීති සංග්‍රහයේ හෝ වෙනත් ව්‍යවස්ථාපිත නීතියකදී විත්තිවාචකවක් ලෙස දක්වා නොමැති හෙයින් හෙයින් සාක්ෂි ආඥාපනතේ 105 වන වගන්තිය අදාළ වන්නේ නැත (අපරාධ නඩු විධාන සංග්‍රහයේ 126අ වගන්තියේ දී නොතැනියාව විත්තිවාචකයක් ලෙසින් හඳුන්වා දී තිබේ). මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බොහෝ නඩුවලදී නොතැනියාව චූදිත විසින් භාවිතා කරයි. 2005 අංක 14 සංශෝධන පනතෙන් හඳුන්වා දුන් 126අ වගන්තිය අනුව මේ වන විට අපරාධ නඩු විධාන සංග්‍රහය කියන්නේ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා මත නඩු විභාගයක් පවත්වන අතරතුරදී නොතැනියාව පිළිබඳ විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමට චූදිත බලාපොරොත්තු වන්නේ නම් කොන්දේසි කීපයක් අදාළ වන බවයි. ඊට ව්‍යතිරේකී අවස්ථාවන්ද එහිදී ම හඳුන්වා දී තිබේ. මෙම වගන්තිය පැහැදිලිව මහාධිකරණයේ අධිචෝදනා මත විභාග වන නඩුවක් පිළිබඳව කියා ඇති නිසා මෙකී කොන්දේසි මහේස්ත්‍රාත් අධිකරණයට අදාළ නොවේ. ...

පරවශ්‍යතාවන්ගෙන් ඉඩම ආරක්ෂා කර ගැනීමට නඩු පැවරීම (Actio Negatoria)

Image
  පරවශ්‍යතාවන්ගෙන් ඉඩම ආරක්ෂා කර ගැනීමට නඩු පැවරීම ( Actio Negatoria ) මෙම කෙටි ලිපිය තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ Actio Negatoria නඩුකරය සම්බන්ධයෙනි. මෙකී නඩුකරය යෙදෙන්නේ පරවශ්‍යතා සම්බන්ධයෙන් ය. ඉඩම් නීතියේ දී විවිධ පරවශ්‍යතා පිළිබඳව අපි හදාරන්නෙමු. සමහරක් අවස්ථාවලදී තමුන්ගේ ඉඩම මතින් තවත් පුද්ගලයකුට පරවශ්‍යතා අයිතියක් ලබා දීමට යම් පුද්ගලයන්ට සිදු වේ. විවිධාකාරයෙන් පරවශ්‍යතා අත් කර ගත හැක. නිදසුනකට නඩු තීන්දුවකින්, ඔප්පුවකින්, කාලාවරෝධයෙන් වැනි. මෙසේ අත්කරගන්නා පරවශ්‍යතා අයිතිය අන් අයගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පරවශ්‍යතා අයිතිය හිමි තැනැත්තාට පවතින නඩුකරයකි Actio Confessario නඩුකරය. අනෙක් අතට යම් පුද්ගයකුගෙන් තම දේපල මත පරවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කර ගැනීම සඳහා පවතින නඩුව වන්නේ Actio Negatoria ය. මෙයින් මෙම ලිපියේ දී සාකච්ඡා කරන්නේ මේ අවසානයේ කී නඩුකරය සම්බන්ධයෙනි පමණි. පෙර දැක්වූ ආකාරයට තමුන්ගේ ඉඩම පරවශ්‍යතාවකින් තොර බවට වන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පුද්ගලයකුට අවශ්‍ය වූ විට ඔහුට ලබා ගත හැකි ප්‍රතිකර්මය වන්නේ Actio Negatoria ය. මෙකී නඩුකරය රැගෙන ඒම සඳහා අවශ්‍ය ...

කුඹුරු ඉඩමක් හා බැඳුණ ආරවුලකට 66 වගන්තියේ නඩුවක් පැවරිය නොහැකි ද?

Image
  කුඹුරු ඉඩමක් හා බැඳුණ ආරවුලකට 66 වගන්තියේ නඩුවක් පැවරිය නොහැකි ද? කුඹුරු ඉඩමක් හෝ රජයේ ඉඩමක් හෝ සමග බැඳුණු ආරවුලක් සම්බන්ධයෙන් 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වන වගන්තිය යටතේ ඉල්ලීමක් සිදු කළ නොහැකි ය යන මතයක් සමහරක් අවස්ථාවල වෘත්තිකයන් සතුව ඇත. වත්මන් නීතිමය තත්ත්වය අනුව මේ සම්බන්ධයෙන් කෙටි විමසීමක් කිරීමට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙමි. (2019) 2 ශ්‍රී ලංකා නී.වා. 188 පිටුවේ සඳහන් මුණසිංහ සහ තවත් අය එදිරිව ප්‍රභාත් කුමාර නඩු තීන්දුව මේ සම්බන්ධයෙන් වැදගත් වේ. මෙම නඩු තීන්දුවේ දී මෙයට පෙර තීරණය වී තිබූ මන්සූර් එදිරිව ස්ථානාධිපති, අවිස්සාවේල්ල නඩු තීන්දුව පිළිබඳව ද අවධානය යොමු වී ඇත. සාරාංශයක් ලෙසින් ගත් විට මෙම නඩු තීන්දුවේ දැක්වෙන ආකාරයට පෙත්සම්කරුවන් විසින් 66 (1)(ආ) වගන්තිය යටතේ ඉල්ලීමක් කර තිබුනේ වගඋත්තරකරු විසින් බලහත්කාරයෙන් ඔවුන්ව අසන්තක කළ නිසා ඒ සම්බන්ධයෙන් පනතේ 68(3) වගන්තිය යටතේ නියෝගයක් ලබා දෙන ලෙසින් ඉල්ලීමක් කරමිනි. මෙකී ඉඩම කුඹුරු ඉඩමක් විනි. මහේස්ත්‍රාත් අධිකරණය මෙකී ඉල්ලීම පිළිගෙන ඉල්ලා ඇති ලෙසින් නියෝගයක් ලබා දෙන ලදි. ඊට විරුද්ධව මහාධික...

බෙදුම් නඩුවකට res judicata සිද්ධාන්තය අදාළ නොවන්නේ ද?

Image
බෙදුම් නඩුවකට res judicata සිද්ධාන්තය අදාළ නොවන්නේ ද? යම් අවස්ථාවලදී බෙදුම් නඩු සම්බන්ධයෙන් වන විට res judicata සිද්ධාන්තය අදාළ නොවන බවට වන මතයක් අප වෘත්තිය තුළ පවතින බව පෙනී යයි. නමුත් එය එසේ නොවේ. Res judicata සිද්ධාන්තය බෙදුම් නඩුවලදී ද අදාළ වේ. මේ සම්බන්ධව වැදගත් වන වගන්තිය වන්නේ බෙදුම් නීතියේ 75(1) වන වගන්තිය ය. එම වගන්තිය පහත පරිදි ය. The dismissal of a partition action in respect of any land under section 9, section 12, section 29, section 62, section 65 or section 70 shall not operate as a bar to the institution of another partition action in respect of that land මෙම වගන්තියේ දක්වා ඇති බෙදුම් නීතියේ අදාළ වගන්ති සියල්ල, බෙදුම් නඩුවක් විභාග නොකර නිෂ්ප්‍රභ කිරීමේ තීන්දුවක් ලබා දෙන අවස්ථා සඳහා අදාළ වන බව එම වගන්ති කියැවුවහොත් පෙනී යනු ඇත.75(1) වන වගන්තියට අනුව එවැනි අවස්ථාවක බෙදුම් නඩුවක් නිෂ්ප්‍රභ කරනු ලැබුවහොත් එය නව බෙදුම් නඩුවක් පැවරීමට බාධාවක් නොවේ. නමුත් එම වගන්ති අදාළ නොවන අවස්ථාවකදී බෙදුම් නඩුවක් නිෂ්ප්‍රභ කරනු ලැබීම හෝ නඩුවක් විභාග කොට තීන්දුවක් ලබා දී තිබීම දෙවන ...

2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධාන යටතේ අපරාධ අධිකරණයකින් වන්දි ලබා දීමේ දී පවතින තත්ත්වය - කෙටි විමසුමක්

Image
  2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධාන යටතේ අපරාධ අධිකරණයකින් වන්දි ලබා දීමේ දී පවතින තත්ත්වය - කෙටි විමසුමක්. අපරාධ අධිකරණයකින් වින්දිතයකුට වන්දි ලබා ගැනීමේ මූලික නීතිය ලෙසින් කලක් පවතිනු ලැබූවේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 17 වන වගන්තිය වේ. කෙසේවෙතත් මේ තත්ත්වය වෙනස් කරමින් විශේෂ නීතියක් ලෙස 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතෙන් අපරාධයක වින්දිතයකුට වන්දි ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට ව්‍යවස්ථාදායකය විසින් කටයුතු කරන ලදි. එම පනත ද ඉවත් කරමින් මේ වන විට වින්දිතයකුට අපරාධ අධිකරණයකින් වන්දි ලබා ගැනීම සඳහා 2023 අංක 10 දරන අපරාධයකවින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක වෙයි. මෙම ලිපියෙන් එකී පනතේ විධාන පරිදි අපරාධයක වින්දිතයකුට වන්දි ලබා ගැනීමේ දී පවතින තත්ත්වය පිළිබඳව කෙටි විමසුමක් සිදු කෙරේ. 2023 අංක 10 දරන පනතේ විධාන ප්‍රකාරව අපරාධයක වින්දිතයා යන්නෙන් අදහස් වන්නේ කවරකුද යන්න ප්‍රථමයෙන් ම සලකා බැලිය යුතු ය. පනතේ 104 වගන්තියේ දී අපරාධ වින්දිතයා අ...