සිවිල් නඩුවක දිව්රුම් ප්‍රකාශ මගින් සාක්ෂි දිය හැක්කේ පැමිණිලිකරුට හෝ විත්තිකරුට පමණක් ද? සමහර අවස්ථාවලදී දිසා අධිකරණයේ වැඩ කටයුතු කරද්දී මූලික සාක්ෂි දිව්රුම් ප්‍රකාශ මගින් සාක්ෂිය ලබා දිය හැක්කේ නඩුවේ පැමිණිලිකරුට හෝ විත්තිකරුට පමණක් යැයි වන ස්ථාවරයක් ද නීතීඥවරුන් අතර පවතින ආකාරයක් දක්නට ලැබේ. මෙකී ස්ථාවරය පිළිබඳව මෙහිදී සලකා බලමි. 2017 අංක 7 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනතේ 12 වන වගන්තිය මගින් 151අ වගන්තිය හඳුන්වා දෙන ලදි. එම වගන්තිය දී ‘අධිකරණය විසින් ස්වකීය මෙහෙයවීමෙන් හෝ නඩුවේ යම් පාර්ශ්වකරුවකුගේ ඉල්ලීමක් මත, ප්‍රධාන සාක්ෂි විභාගය වෙනුවට දිවුරුම් ප්‍රකාශයක් ආදේශ කිරීමට කළ යුතු බවට නියෝග කර අධිකරණය විසින් නියම කරනු ලබන දිනයකදී එම දිවුරුම් ප්‍රකාශය භාර දිය යුතු බවට සාක්ෂිකරු කැඳවන පාර්ශ්වයට විධාන කරනු ලැබිය හැකි‘ බව දක්වා තිබේ. ඒ අනුව අදාළ වගන්තියේ දී පැමිණිලිකරු හෝ විත්තිකරු අදහස් නොකරන අතර ‘සාක්ෂිකරු කැඳවන පාර්ශ්වයට‘ ලෙසින් විධාන ඇතුළත් කිරීම මගින් යම් පාර්ශ්වයක් කැඳවීමට බලාපොරොත්තුවන ඕනෑම සාක්ෂිකරුවකු සඳහා එම විධානය අදාළ කර ගත හැකි බව පැහැදිලි කරුණකි....
For Sri Lankan legal practitioners.