Skip to main content

දිසා අධිකරණය විසින් දරුවාට නඩත්තු නියම කල විට, ඒ දරුවාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩත්තු ලබා ගත හැකිද?


දිසා අධිකරණය විසින් දරුවාට නඩත්තු නියම කල විට, ඒ දරුවාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩත්තු ලබා ගත හැකිද? 

ශ්‍රී ලංකාවේ දරුවකුට නඩත්තු ලබා ගැනීම සම්බන්ධයෙන් සලකද්දි ප්‍රධාන නීතීය ලෙස සිහිපත් වන්නේ නඩත්තු පනතය. කෙසේ වෙතත් සිවිල් නඩු විධාන සංග්‍රහය ද දරුවන්ගේ නඩත්තු පිළිබඳව යම් ප්‍රතිපාදන සලස්වයි. මෙවැනි ප්‍රතිපාදන සැලැස්වීමේ මූලික හේතුව වනුයේ දරුවන්ගේ ඉහල භාරය දරනු ලබන්නේ දිසා අධිකරණය වීම නිසාවෙනී. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 619-622 දක්වා වගන්ති ඒ සදහා ප්‍රතිපාදන සලස්වා තිබේ. මින් 619 වගන්තියට අනුව නඩත්තුව පිළිබඳ  ආඥාව සිදු කරන්නේ තීන්දු ප්‍රකාශය කිරීමට පෙරය. එනම් දික්කසාද නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීමට පෙරය. වගන්තියේ වැඩිදුරටත් "නඩත්තුව සහ අධ්‍යාපනය සම්බන්ධයෙන්" ලෙස දක්වා තිබේ. 620 වගන්තිය අනුව නියෝගය සිදුකරන්නේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුවය. කෙසේවෙතත් ඒ සඳහා ලඝු කාර්ය පටිපාටිය යටතේ ඉල්ලීමක් කල යුතුය. 621 වගන්තිය යටතේ ආඥාව සිදුකරන්නේ දිසා අධිකරණයෙන් දික්කසාද නඩු තීන්දුව නියත කිරීමට පෙර හෝ තීන්දු ප්‍රකාශය කිරීමට පෙර හෝ කලින් කලය. 622 වගන්තියට අනුව දිසා අධිකරණය ආඥාව කරනු ලබන්නේ දික්කසාද නියෝගය තීන්දු ප්‍රකාශය නියත කිරීමෙන් පසුවය. කෙසේවෙතත් එම ඉල්ලීමද ලඝු කාර්ය පටිපාටිය අනුව කල යුතුය. 

නඩත්තු පනත යටතේ දරුවකුට නඩත්‍තු ආඥාවක් ලබා ගැනීම සඳහා එවැනි ඉල්ලීමක් කල යුතු ආකාරය සහ එවැනි ඉල්ලීමකට අදාල විමසීමක් පවත්වන ආකාරය දක්වා තිබේ. ඒ පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීම අවශ්‍ය නැත. සමහර නඩත්තු නඩු දරුවා වියපත් දරුවකු වනතුරුත් පවතී. ඒ පිළිබඳව මට වඩා අත්දැකීම් ඔබට ඇතුවාට සැක නැත. කෙසේවෙතත් දරුවකුට අදාලව නඩත්තු පනත යටතේ වන ඉල්ලීමකදී ද අතුරු ආඥාවක් ලබා ගැනීමට මුල් අවස්ථාවේදී පාර්ශ්වයට හැකියාව ලැබේ. මීට අමතරව නොගෙවයි නම් බන්ධනාගාර ගත කරවීමේ හැකියාවද ඇත. එනමුදු කාර්ය පටිපාටිය හා ගතවන කාලය අනුව බැලු බැල්මට දිසා අධිකරණයෙන් දරුවකු සඳහා නඩත්තු ලබාා ගැනීම, මහේස්ත්‍රාත් අධිකරණයක පවරන නඩත්තු නඩුවකට ගත වන කාලයට වඩා අඩු බව පෙනේ. 

කෙසේවෙතත් මේ ආකාර දෙකෙන් කුමන ආකාරය අනුව නඩත්තු ඉල්ලීම පවත්වාගෙන යන්නේද යන්න තීරණය කිරීමේ අයිතිය ඇත්තේද දරුවා වෙනුවෙන් නඩත්තුව ඉල්ලන පාර්ශ්වයටය. යම් හෙයකින් දිසා අධිකරණයෙන් එවැනි නඩත්තු ඉල්ලීමක් කර ඇති විටක හා දිසා අධිකරණය විසින් එවැනි ආඥාවක් පෙර දැක්වූ කුමන හෝ වගන්තියක් මත සිදු කර ඇති විටක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු ඉල්ලීමක් කල නොහැකි බව 41 න.නී.වා 169 හි සදහන් අරනායගම් එ. තංගම්මා නඩුවේදී තීන්දු කර තිබේ. 

- [x] 619 වගන්තිය යටතේ වන විට ලඝු ආකාරයෙන් ඉල්ලීමක් නොකලද නඩත්තු පිළිබඳව නියෝගයක් ලබා දීමට දිසා අධිකරණයට බලය තිබේ. 

- [x] මේ ආකාරයට නඩත්තු ආඥාවක් දිසා අධිකරණය විසින් කර ඇති විටක සිවිල් නඩු විධාන සංග්‍රහයේ 624 අ වගන්තිය ප්‍රකාරව තීන්දුවක් ක්‍රියාත්මක කරන ආකාරයට ක්‍රියාත්මක කර ගත හැක.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...