සිවිල් නඩුවක දිව්රුම් ප්‍රකාශ මගින් සාක්ෂි දිය හැක්කේ පැමිණිලිකරුට හෝ විත්තිකරුට පමණක් ද?
සමහර අවස්ථාවලදී දිසා අධිකරණයේ වැඩ කටයුතු කරද්දී මූලික සාක්ෂි දිව්රුම් ප්‍රකාශ මගින් සාක්ෂිය ලබා දිය හැක්කේ නඩුවේ පැමිණිලිකරුට හෝ විත්තිකරුට පමණක් යැයි වන ස්ථාවරයක් ද නීතීඥවරුන් අතර පවතින ආකාරයක් දක්නට ලැබේ. මෙකී ස්ථාවරය පිළිබඳව මෙහිදී සලකා බලමි.
2017 අංක 7 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනතේ 12 වන වගන්තිය මගින් 151අ වගන්තිය හඳුන්වා දෙන ලදි. එම වගන්තිය දී ‘අධිකරණය විසින් ස්වකීය මෙහෙයවීමෙන් හෝ නඩුවේ යම් පාර්ශ්වකරුවකුගේ ඉල්ලීමක් මත, ප්‍රධාන සාක්ෂි විභාගය වෙනුවට දිවුරුම් ප්‍රකාශයක් ආදේශ කිරීමට කළ යුතු බවට නියෝග කර අධිකරණය විසින් නියම කරනු ලබන දිනයකදී එම දිවුරුම් ප්‍රකාශය භාර දිය යුතු බවට සාක්ෂිකරු කැඳවන පාර්ශ්වයට විධාන කරනු ලැබිය හැකි‘ බව දක්වා තිබේ. ඒ අනුව අදාළ වගන්තියේ දී පැමිණිලිකරු හෝ විත්තිකරු අදහස් නොකරන අතර ‘සාක්ෂිකරු කැඳවන පාර්ශ්වයට‘ ලෙසින් විධාන ඇතුළත් කිරීම මගින් යම් පාර්ශ්වයක් කැඳවීමට බලාපොරොත්තුවන ඕනෑම සාක්ෂිකරුවකු සඳහා එම විධානය අදාළ කර ගත හැකි බව පැහැදිලි කරුණකි.
මේ සංශෝධන පනත හඳුන්වා දෙන විටත් වාණිජ මහාධිකරණය තුළ දී මූලික සාක්ෂි දිව්රුම් ප්‍රකාශ භාවිතාය ක්‍රියාත්මක වෙමින් පැවතිණි. එම භාවිතාව 1930 ගණන්වලට දිව යන්නක් වන අතර කොළඹ දිසා අධිකරණයේ දිසා විනිසුරුවරයකු ලෙසින් කටයුතු කළ ෂ්නයිදර් විනිසුරුතුමා විසින් අරඹනු ලැබූවකි. ඒ සඳහා ඔහුට අවශ්‍ය පරිසරය සලසා දී ඇත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 179 වගන්තිය වේ.
එම වගන්තියේ දී අනිකුත් කරුණු අතර දක්වා ඇත්තේ යම් විශේෂිත සිද්ධියක් හෝ සිද්ධි ඔප්පු කිරීම, සාක්ෂිකරුවන් විසින් කට වචනයෙන් අධිකරණය ඉදිරියෙහි දෙනු ලබන සාක්ෂි මගින් කරනු වෙනුවට දිව්රුම් පත්‍රයක් මගින් ඔප්පු කළ හැකි යැයි හෝ යම් සාක්ෂිකරුවකුගේ දිව්රුම් පත්‍රයක් අධිකරණය සාධාරණ යැයි කල්පනා කරන කොන්දේසි පිට නඩු විභාගයේ දී ඉදිරිපත් කළ හැකි යැයි අධිකරණය විසින් යම් විටක ප්‍රමාණවත් හේතු පිට ආඥා කළ හැකි බව දක්වා තිබේ. කෙසේවෙතත් මෙම විධානයට ව්‍යතිරේකයක් ද 179 වගන්තියේ සඳහන් කර ඇත. ඒ අනුව කට වචනයෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා යම් කිසි සාක්ෂිකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමට දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් සද්භාවයෙන් කැමැතිව සිටී යයි අධිකරණයට පෙනී ගියහොත් කට වචනයෙන් හැර අන්‍යාකාරයෙන් සාක්ෂි ගැනීමට බලය දෙන ආඥාවක් අධිකරණය විසින් නොකළ යුතු ය.
ඒ අනුව රත්නායකඑ. කරුණාවතී (1983) 2 Sri LR 541 නඩුවේ දී මෙසේ තීරණය කර ඇත.
Section 151 of the Civil Procedure Code enacts that after starting his case the party shall produce his evidence, calling his witness and by questions eliciting from each the relevant and material facts to which such witness can speak of his own observation. Under section 167 the evidence of the witness must be given orally, as prescribed, in open Court in the presence and under the personal direction and superintendence of the judge. Under section 166 the Court may for grave cause, to be recorded by it at the time, permit a departure from the course of trial prescribed in sections 146 to 165.
Under section 179 the Court may at any time for sufficient reasons order that any particular fact or facts may be proved by affidavit instead of viva voce testimony. Under the proviso to this section when either party, bona fide desires the production of a witness before the court for examination viva voce and such witness can be so produced an order shall not be made authorising the evidence of such witness to be given otherwise than viva voce. Section 180 enacts that if the order has been made for proof of facts by affidavit, the Court may nevertheless at the instance of either party, order the attendance of the declarant or deponent at the hearing of the action for viva voce examination, if he is in Ceylon and can be produced.
Thus where after an order for the affidavit to be admitted has been made the necessity arises at a later stage for cross‑examination of the declarant and an application is made in that behalf by the opposing party, the Court is empowered to permit such cross‑examination even where it has initially made an order permitting the affidavit to be led under section 179.
It is not in every instance that a Court is permitted to depart from the provisions contained in sections 151 and 167. It must be for sufficient reasons to be recorded. There must be grave cause and this must be recorded.
The fact that the other side consents does not relieve the court from the duty of satisfying itself that there is sufficient reason for it to so depart from the procedure laid down.
නමුත් පෙර කී 151අ වගන්තිය අනුව දැන් අධිකරණයට 179 වගන්තියේ දැක්වෙන පරිදි හේතු දැක්වීමේ අවශ්‍යතාවක් මතු නොවන අතර ප්‍රධාන සාක්ෂි මෙහෙයවීම වෙනුවෙන් දිව්රුම් සාක්ෂියක් ගොනු කිරීමට ඉඩ සැලැසීමට අනුමැතිය ලැබී තිබේ. එසේම එමගින් පාර්ශ්වයක් කැඳවීමට බලාපොරොත්තු වන ඕනෑම සාක්ෂිකරුවකුගේ සාක්ෂියක්, එනම් මූලික සාක්ෂියක්, දිව්රුම් ප්‍රකාශයකින් ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබේ.
ඉහත තත්ත්වය සැලකිල්ලට ගත් විට වර්තමානයේ දී පැමිණිලිකරු හෝ විත්තිකරු නොවන සාක්ෂිකරුවකුගේ මූලික සාක්ෂියක් දිව්රුම් ප්‍රකාශයකින් ලබා ගැනීම සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් එය නිෂ්ඵල තර්කයක් බව පෙනී යයි.
Comments
Post a Comment