Skip to main content

Posts

Showing posts from 2024

බෙදුම් නඩු තීන්දුවක් ක්‍රියාත්මක කිරිමේ දී වැදගත් වන කරුණක්.

  බෙදුම් නඩු තීන්දුවක් ක්‍රියාත්මක කිරීමේ දී එනම් බුක්ති බලපත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ දී ‘කාලය‘ වැදගත් සාධකයකි. බෙදුම් නීතියේ 52 වන වගන්තියට අනුව අවසන් තීන්දු ප්‍රකාශයේ දිනයේ සිට හෝ අභියාචනයක් කරනු ලැබුවේ නම්   එම අවසන් තීන්දු ප්‍රකාශය ස්ථිර කරන ලද අභියාචනය පිළිබඳ අවසාන තීන්දු ප්‍රකාශයේ දිනයේ සිට අවුරුදු දහයක් ඇතුළත මෝසමක් මගින් අදාළ ඉල්ලීම කළ යුතු වේ. මෙහි දැක්වෙන අවසන් තීන්දු ප්‍රකාශයේ දිනය යන්න බුක්ති බලපත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ දී වැදගත් ය. ඒ අනුව බෙදුම් නීතියේ 36 වන වගන්තියේ දී දැක්වෙන්නේ මිනින්දෝරුවරයා විසින් යෝජිත බෙදා වෙන් කිරීමේ ක්‍රමය මද වෙනස් කිරීම් සහිතව හෝ රහිතව අනුමත කොට ඒ අනුව අවසාන තීන්දු ප්‍රකාශය වාර්තා ගත කළ හැකි බවයි. මෙනිසා අවසන් තීන්දු ප්‍රකාශයේ දිනය වන්නේ 36 වන වගන්තිය අනුව යෝජිත බෙදා වෙන් කිරීම අනුමත කරනු ලැබූ දවස ය. මෙදිනම අවසන් තීන්දු ප්‍රකාශය නඩුවට ඉදිරිපත් නොවන බව සාමාන්‍ය තත්ත්වයකි. සමහරක් අවස්ථාවලදී අවසන් තීන්දු ප්‍රකාශය, පිඹුර අනුමත කොට වසර ගණනකට පසුව ඉදිරිපත් වන අවස්ථාද දැකිය හැකි වේ. නමුත් ඒ ආකාරයට අවසන් තීන්දු ප්‍රකාශය නඩුවට ඉදිරිපත්...

ලේඛනගත නීතීඥවරයාට දැන්වීම් බාර කිරීම.

සිවිල් නඩු වලදී යම් අවස්ථාවල පාර්ශ්වකරුවන්ට දැන්වීම් බාර දීම අපහසු වන අවස්ථා පවතී . සමහර අවස්ථාවලදී පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු දැන්වීම් බාර ගැනීමට මැලි කමක් දක්වයි . මේ සම්බන්ධයෙන් වන නීතිමය පැතිකඩ කෙටියෙන් සලකා බැලීම මෙම කෙටි ලිපියෙන් සිදු කෙරේ .  සිවිල් නඩු විධාන සංග්‍රහයේ 29 වන වගන්තිය මෙහිදී වැදගත් වේ . 29(1) වන වගන්තියට අනුව පාර්ශ්වයකගේ ලේඛනගත නීතීඥවරයාට නැත්නම් එකී නීතීඥවරයාගේ කාර්යාලයට හෝ සාමාන්‍යයෙන් ඔහුගේ පදිංචි ලිපිනයට නඩුවක් හෝ අභියාචනයක් සම්බන්ධයෙන් ලබා දෙන දැන්වීමක් ඒ ලේඛනගත නීතීඥවරයා පෙනී සිටින පාර්ශ්වයට නිසි ලෙසින් බාර දුන් බව සැල කේ . මෙසේ නොවන්නේ අදාළ පාර්ශ්වයට එය වෙනත් ආකාරයකට බාර දිය යුතු යැයි අධිකරණය නියම කරන අවස්ථාවකදී පමණි . 29(2) වන වගන්තියට අනුව අධිකරණය විසින් අන්‍යාකාරයෙන් නියම කරනු ලැබුවහොත් හැර ලේඛනගත නීතීඥවරයා සපයන විද්‍යුත් තැපැල් ලිපිනයට කරනු ලබන බාරදීමක් ද අදාළ පාර්ශ්වයට බාර දීමක් ලෙසින් සලකනු ලැබේ .  සමහර සිවිල් ...

රේ වින්ඩිකාෂියෝ/අයිතිය ප්‍රකාශ කරවා ගැනීමේ නඩුවක පැමිණිලිකරුගේ අයිතිය අහිමි වුවහොත් ඇති වන තත්ත්වය

  ශ්‍රී ලංකාවේ දිසා අධිකරණවල පවතින ඉඩම් නඩු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින්නේ රේ වින්ඩිකාෂියෝ හෝ අයිතිය ප්‍රකාශ කරවා ගැනීමේ නඩු වේ. මේ නඩුවල සමහර අවස්ථාවලදී පැමිණිලිකරුගේ අයිතිය තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර අහිමි වන අවස්ථා ඇත. එවැනි විටක නඩුවට සිදු වන්නේ කුමක් ද යන්න මේ ලිපියේ දී සැකෙවින් සලකා බලනු ලැබේ. අයිතිය ප්‍රකාශ කරවා ගැනීමේ නැත්නම් රේ වින්ඩිකාෂියෝ නඩුවක පැමිණිලිකරුගේ ප්‍රධාන කාර්යය වන්නේ ඉඩමේ අයිතිය තමුන්ට ඇති බව ඔප්පු කිරීමයි. මේ සඳහා නඩුව ආරම්භයේ සිට අවසානය දක්වා ම අයිතිය ඇත්තේ තමුන්ට බව පැමිණිලිකරු පෙන්වා සිටිය යුතු ය. Ekanayake And 4 Others v. Ratranhamy - ( 2013) 1 Sri LR   305 නඩු තීන්දුවේ දී මෙසේ දක්වා තිබේ. In a vindicatory action it is necessary for the title to be present with the Plaintiff not only at the beginning of the action, but until the conclusion of the case. මෙනිසා යම් අවස්ථාවකදී නඩුව අවසන් වීමට පෙර පැමිණිලිකරුගේ අයිතිය අහිමි වුවහොත් ඒ නඩුව සාර්ථක වන්නේ නැත. මේ අහිමිවීම කියන්නේ පැමිණිලිකරු මියයාම නොවේ. අයිතිය අහිමි වීම යි. පැමිණිලිකරු මිය...

සාක්ෂියක පරස්පර ලකුණු කිරීම - කෙටි හැඳින්වීමක්.

  වාර්තා ගත වන අපරාධ නඩු තීන්දු විශාල ප්‍රමාණයක දී නඩුව විභාග කරන විනිසුරුවරයා විසින් විත්තියෙන් ලකුණු කරන ලද පරස්පරතා නිසි ලෙසින් ඇගයීමක් කර නොමැති බවට තර්ක කර ඇති ආකාරය ඔබ දැක ඇතුවාට සැක නැත. සිවින් නඩු තීන්දුවලදී නම් එවැනි තර්ක ඉදිරිපත් නොවන තරම් ය. පරස්පරතා සහ ඌණතා සාක්ෂි නීතියේ දී වැදගත් ස්ථානයක් ගනී. ඒ සාක්ෂියක විශ්වසනීයත්වය සම්බන්ධයෙනි. මෙම ලිපියේ දී අවධානය යොමු කරන්නේ පරස්පරතා සම්බන්ධයෙන් පමණි. තවද මෙම ලිපිය ඒ සම්බන්ධ සංකීර්ණ ලිපියක් නොවන අතර ඒ පිළිබඳව මා විසින් වෙනත් අවස්ථාවකදී දීර්ඝ ලෙසින් කරුණු සාකච්ඡා කර ඇත. නඩු විභාගයකදී සාක්ෂි ලබා දෙන සාක්ෂිකරුවකුගේ සාක්ෂියේ විශ්වසනීයත්වයට පහර දිය හැකි අවස්ථා කීපයක් ම සාක්ෂි ආඥාපනතේ දක්වා තිබේ. එවැනි එක් අවස්ථාවක් වන්නේ සාක්ෂි ආඥාපනතේ 155 (සී) වගන්තියේ දැක්වෙන අවස්ථාවයි. එම වගන්තිය පහත පරිදි වේ. by proof of former statements inconsistent with any part of his evidence which is liable to be contradicted මේ වගන්තිය තුළ සඳහන්වන්නේ පූර්ව ප්‍රකාශයක් සම්බන්ධයෙනි. එය කථිත ද ලිඛිත ද යන්න එහි සඳහන් නොවේ. මෙනිසා සාක්ෂි ආඥාපනතේ 145 වන වග...