මහානාම තිලකරත්න නඩු තීන්දුව සහ වරෙන්තුව
හැඳින්වීම සිවිල් පුරවැසියන්ගේ පුද්ගලික නිදහස පිළිබඳව සැලකීමේ දී මහේස්ත්‍රාත්වරුන් විසින් වරෙන්තු නිකුත් කිරීම එක් සංවේදී ඉසව්වකි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මහානාම තිලකරත්න එ. බන්දුල වික්‍රමසිංහ ( Mahanama Tilakaratne v. Bandula Wickramasinghe, Senior Superintendent of Police and Others ([1999] 1 Sri LR 372) නඩු තීන්දුවේ දී මේ සම්බන්ධයෙන් මග පෙන්වීමක් සිදු කර ඇත. සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරයකුව ප්‍රශ්නගත අවස්ථා යටතේ ලබා ගත් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ නඩු තීන්දුවේ දී සාකච්ඡා වී තිබේ. වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන් ක්‍රියාත්මක වීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම පෙන්වා දී ඇත. මේ කෙටි ලිපියේ දී නඩු තීන්දුවේ දී දැක් වූ මූලික මූලධර්ම, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදන අනුව ඒවායේ භාවිතාව ආදී කරුණු ගැන සාකච්ඡා කරනු ලැබේ. පසුබිම 1998.09.10 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක රොද්‍රිගෝ පෙත්සම්කරු සම්බන්ධයෙන් වාර්තා කර තිබූ ප්‍රකාශ මත රැඳෙමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ව...