'ස්වාමිනී ඔය කියන කරුණ ගැන හරස් ප්‍රශ්න ඇසුවේ නැහැ, ඒ නිසා ඒ සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න ඇසීමට හැකියාවක් නැහැ'
නැවත සාක්ෂි විමසීම ගැන කෙටි අදහසක්. සාක්ෂිකරණය කෘතිය සම්පාදනය කරන කාලයට වඩා වැඩි කාලයක් දැන් මා හට නඩු විභාග සඳහා වැය කිරීමට සිදු වේ. ඒ කාලයේ දී නඩු විභාග නැරඹීම සඳහා කාලය යෙදවීමට සිදු වූයේ අනිකුත් වැඩ රාජකාරීත් සමඟිනි. නමුත් දැන් එසේ නොවේ. දැන් මගේ රාජකාරිය ම වී ඇත්තේ නඩු විභාග සඳහා සම්බන්ධවීම ය. මෙනිසා සතියේ වැඩ කරන දින පහේම විවිධ ආකාරයේ දේ දක්නට ලැබේ. ඒ දක්නට ලැබෙන දේ ඇසුරෙන් මා මේ පිටුවේ නොයෙක් අදහස් ගොනු කරමි. ඒවා කාට හෝ කවදා හෝ කියවන්නට ලැබෙනු ඇතැයි විශේෂයෙන් නොසිතුවත් කියවා පාඨකයන් විසින් තබන අදහස් කියැවීමේ දී පෙනෙන්නේ එයින් ඔවුන් වින්දනයක් ලබන බවයි. එය මට ද මහත් සතුටකි. මේ ලිපියද සමහරක් විට පාඨකයාට වින්දනයක් ගෙන ඒමට සමර්ථ විය හැකි ලිපියක් වීමට ඉඩ ඇත. සාමාන්‍යයෙන් වැඩ මුළුවකට සහභාගී වුවත් හරස් ප්‍රශ්න විමසීම ගැන සාකච්ඡා කරන්නේ වුව නැවත සාක්ෂි විමසීම ගැන සාකච්ඡා කරන්නේ අඩුවෙනි. එයත් එක්තරා ආකාරයක කලාවකි. විනිසුරුවරයාට සාක්ෂිකරුවකුගේ සාක්ෂි විභාගයේ දී වාර්තා කරනු ලබන මූලික සාක්ෂිය, හරස් ප්‍රශ්න සහ නැවත ප්‍රශ්න යන සාක්ෂි කොටස් තුනම තීන්දුවක් ලබා දීම සඳහා සැලකිල්ලට ගැනීම...